වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු

29 Mar, 2024   
වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු

වාහනයක හිමිකරුවන් වෙන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනය මිස් කරනවා කියන්නේ. ඔයාගේ වාහනයත් මිස් කරනවාද? වාහනයක් මිස් කළත් සමහර අය නම් දන්නේ නැහැ ඇයි වාහනයක් මිස් කරන්නේ කියලා. වාහනය මිස් කළොත් ඒකට පිළියම් සොයාගන්න නම් අපි ඒකට බලපාන හේතු ගැන අනිවාර්යෙන් දැන ගෙන ඉන්න ඕනේ. අන්න ඒ නිසාම CarsGuide අපි අද ඔයාට කියන්නේ වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු ගැනයි.

වාහනය මිස් කරන්නේ කොහොමද?

වාහනයේ accelerator pedal එක පෑගුවාම engine එක ක්‍රියාත්මක වෙලා වාහනයේ වේගය වැඩි කරනවා. වාහනයේ ඉන්ධන බෙදා හැරීමේ පද්ධතිය හොඳින් ක්‍රියා කරන්නේ නම් එය අනිවාර්යෙන් සිදු වෙනවා. කොහොම වුණත් මේ පද්ධතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඔයාගේ වාහනය මිස් කරන්න ඉඩ තියෙනවා.

වාහනය මිස් වෙන්න ඉඩ තියෙනවා නම්,

වාහනයට engine එකෙන් විශාල කාර්යක් සපයනවා. වාහනයක් මිස් වීමට ඉඩ තියෙනකොට වාහනය drive කරන එක හොඳ දෙයක් නෙවෙයි. එය ඔයාට වගේම මාර්ගයේ ගමන් කරන අනෙක් අයටත් අනතරු සිදු වෙන්න පුළුවන්. වාහනයේ ස්පාර්ක් ප්ලග්, වයර් දිනපතා පරික්ෂා කිරීම මෙයට හොඳම විසඳුමයි.

වාහනයක් මිස් කරන හේතු

වාහනයක් මිස් කරන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. ඒත් වාහන මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු තුන ගැන දැනගෙන හිටියොත් ඔයාට පුළුවන් වෙයි වාහනය මිස් කළොත් ඉක්මණටම ඒකට පිළියම් යොදන්න. ඉතින් අපි බලමු වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු තුන මොනවාද කියලා.

දෝෂ සහිත ඉන්ධන පොම්පය

වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු වලින් එකක් තමයි දෝෂ සහිත ඉන්ධන පොම්පය කියන්නේ. වාහනයේ තියෙන ඉන්ධන පොම්පය ගොඩක් පරණයි නම් ඒකේ pressure එක අඩු වෙනවා. එතකොට ඉන්ධන පොම්පය මනාව ක්‍රියා වෙන්නේ නැති නිසා අවශ්‍ය පීඩනයෙන් engine එකට අවශ්‍ය ඉන්ධන ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. අපි මාර්ගයේ ගමනක් යනකොට වාහනය නැවතුණොත් ඉන්ධන පොම්පය ක්‍රියා වෙනවද කියලා බලාගන්න අපිට පුළුවන්. ඉන්ධන ටැංකියේ මූඩිය විවෘත කරලා හොඳට ඇහුම්කන් දෙන්න. ඉන්ධන පොම්පය ක්‍රියා වෙනවා නම් එකෙන් ශබ්දයක් පිට වෙනවා.

Plug වල දුර්වල ක්‍රියාකාරීත්වය

Plug වල දුර්වල ක්‍රියාකාරීත්වය කියන්නේ වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධාන හේතුවක්. Plug වාහනයක අත්‍යවශ්‍ය කොටසක්. Plug ගොඩක් දවසකින් සුද්ද කරලා නැත්නම් ඒවා වල කාබන් සහ oil තැවරෙන්න පුළුවන්. එතකොට Plug වල දුර්වල ක්‍රියාකාරීත්වය නිසා වාහනය මිස් වෙනවා. මේ වගේ අවස්ථාවල අපි කරන්න ඕනේ plug ගළවාගෙන වැලි කඩදාසියක් භාවිතා කරලා හොඳින් පිරිමැද නැවතත් ඒ plug සවි කරන්න.

Plug wire කැඩී තිබීම

වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධාන හේතු වලින් තවත් එකක් තමයි plug wire කැඩී තිබීම නැත්නම් බුරුල් වී තිබීම කියන්නේ. මේ විදිහට plug wire කැඩී තිබීම නැත්නම් බුරුල් වී තිබීමේදී වාහනය මිස් කරන්න ඉඩ තියෙනවා. මේ වගේ plug wire බුරුල් වෙලා තියෙනකොට ඒවා ගලවලා නැවත හොඳින් සවි කරන්න. මේ plug wire ගලවන්න ඕනේ ටිකක් පරිස්සමින්. මොකද plug wire plug socket වලට සවි කරලා තියෙන නිසා.

අපි දැන් බලමු වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධාන හේතු වලට අමතර හේතු මොනවාද කියලා.

– ඉන්ධන injectors
– අදින ලද පිස්ටන් මුදු
– Gasket කාන්දු වීම
– සම්ප්රේෂණ ගැටළුව
– Clutch එකට හානි වීම
– Brake pads ඇලවීම
– Battery එකේ තත්වය

මේ තමයි වාහනයක් මිස් කරන්න බලපාන ප්‍රධානම හේතු. ඉතින් ඔයත් ඔයාගේ වාහනයේ මේ දේවල් ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. එතාකොට ඔයාට පුළුවන් වෙයි වාහනය මිස් වෙන්න දෙන්නේ නැතුව drive කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X1 1.5 20i M Sport 2025 for Sale

BMW X1 1.5 20i M Sport 2025

50 km, Colombo
verified MEMBER
verified
Rs 36,500,000
2 weeks ago
Mazda 2 1980 for Sale

Mazda 2 1980

100,000 km, Anuradhapura
MEMBER
Rs 565,000
52 seconds ago
Toyota Land Cruiser Prado 2015 for Sale

Toyota Land Cruiser Prado 2015

106,000 km, Colombo
MEMBER
Rs 37,000,000
1 week ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

81,827 km, Kalutara
MEMBER
Rs 7,750,000
1 week ago
Toyota Land Cruiser Sahara Cygnus V8 2006 for Sale

Toyota Land Cruiser Sahara Cygnus V8 2006

167,000 km, Gampaha
verified MEMBER
verified
Rs 27,500,000
17 minutes ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
BYD Dolphin Carpets for Sale

BYD Dolphin Carpets

MEMBER
Rs 16,000
2 minutes ago
BYD Sealion 6 Carpets for Sale

BYD Sealion 6 Carpets

MEMBER
Rs 16,000
4 minutes ago
BYD Atto 3 Carpets for Sale

BYD Atto 3 Carpets

MEMBER
Rs 25,000
5 minutes ago
Wagon R MH55s, MH95s Fuel Pump for Sale

Wagon R MH55s, MH95s Fuel Pump

verified MEMBER
Rs 20,000
1 hour ago
+ Post an ad on ikman