වැරදි විදිහට AC භාවිතා කළොත් වාහනයට වෙන හානි

29 Aug, 2023   
වැරදි විදිහට AC භාවිතා කළොත් වාහනයට වෙන හානි

වාහන වායු සමීකරණ පද්ධතිය කියන්නේ වාහනයේ අත්‍යාවශ්‍යම දෙයක්. විශේෂයෙන්ම රස්නේ කාලෙට නම් කොහොමත් වාහනයක AC දාන්නේ නැතුව නම් යන්න බැහැ. අපි වාහනයක් ගන්නේ සැප පහසුවට අපිට අවශ්‍ය තැන් වලට යන්නනේ. ඉතින් ඒ නිසා වාහනයක යනවා නම් AC එක භාවිතා කරන්න අපි පෙළඹිලා ඉන්නවා. හැබැයි ඔයා දැනගෙන හිටියද AC එක හරියාකාරව භාවිතා කළේ නැති වුණාම වාහනයට හානි සිදු වෙන්න පුලුවන් කියලා. අද CarsGuide තුළින් අපි ඔයාට කියන්නේ වැරදි විදිහට AC භාවිතා කළොත් වාහනයට වෙන හානි මොනවද කියලා.

AC පද්ධතියේ වැදගත්කම

ගොඩක් අය හිතනවා AC පද්ධතිය වාහනයට ගොඩක් වැදගත් අංගයක් කියලා. AC පද්ධතිය හරහා වාහනයට යම් යම් ප්‍රයෝජන ලැබෙනවා කියලා තමයි ගොඩක් දෙනා හිතාගෙන ඉන්නේ. හැබැයි ඒ සිතුවිල්ල වැරදියි. මොකද AC එක නිර්මාණය කරලා තියෙන්නේ වාහනයේ ගමන් කරන මඟීන්ගේ සැපපහසුව ගැන හිතලා. ටිකක් මතක් කරලා බලන්නකෝ අතීතයේත් ඕනේ තරම් AC නැති වාහන, කාර් නිෂ්පාදනය කරලා තියෙනවා.

AC එක service කිරීම සහ repair කිරීම

වාහනයක AC එකක් අඩු වෙන්න නම් AC leak එකක් තියෙන්න ඕනේ. එතනදී gas අඩු වීම නිසා AC එක පැමිණීමේ ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ වගේ අවස්ථාවක අපි අනිවාර්යයෙන්ම AC එක repair කරන්න ඕනේ. හැබැයි AC එකක් service කරනවා කියන්නේ maintainers procedure එකක්. මෙතනදී cabin filter එක clean කිරීම, condenser එක clean කිරීම වගේ දේවල් හඳුන්වන්න පුලුවන්.

ඒ වගේම සාමාන්‍යයෙන් AC එකක් service කරන කාල සීමාව තීරණය වෙන්නේ තමන්ගේ භාවිතා කිරීම සහ අවශ්‍යතාවය අනුවයි.

සතුන්ගෙන් AC පද්ධතියට වෙන හානි

වාහනයට කෘමින්, මීයෝ වැනි සතුන් රිංගන අවස්ථා ඕනේ තරම් තියෙනවා. මේ හේතුව නිසාත් වාහනයේ AC පද්ධතියට හානි සිදු වෙන්න පුලුවන්. වාහනය තුළට සතුන් රිංගන්න මූලිකම හේතුව තමයි වාහනයේ ඇතුළේ පවතින වියළි උණුසුම් තත්වය. මෙවැනි සත්තුන් වයර් හැපීම, මලද්‍රව්‍ය බැහැර කිරීම වගේ හේතු නිසා AC පද්ධතිය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වෙන්න පුලුවන්. AC පද්ධතියට පමණක් නෙමෙයි වාහනයේ අනෙකුත් පද්ධති වලටත් මෙම සතුන් නිසා හානි සිදු වෙන්න පුලුවන්.

ඉතින් මේ විදිහට සතෙක් ඉන්නවා කියලා දැක්කොත්, දැනුනොත් AC එක ක්‍රියාත්මක නොකර කාර්මික සහය ලබා ගන්න එක තමයි හොඳම තීරණය වෙන්නේ.

AC Off කරන්නේ බලාගෙනයි

පෙට්‍රල් ඉතිරි කර ගැනීමේ අරමුණෙන් බොහෝ දෙනා AC එක දාන්නේ නැතුව shutters open කරගෙන වාහනේ යනවා දැකලා ඇති. AC එක off කිරීම මඟින් පෙට්‍රල් ඉතිරි කරගන්න පුලුවන් වුණත්, hybrid වාහනයක නම් AC එක නොදා ගමන් කිරීමේදී සිදු වන හානිය වැඩියි. මොකද hybrid වාහනයක battery එක cool වෙන්න භාවිතා වෙන්නෙත් අපි use කරන AC එකමයි. ඒ විතරක් නෙමෙයි shutters ඇරලා තියෙන නිසා අවට වටපිටාවේ තියෙන කුණු දුහුවිලි වලිනුත් වාහනය අපවිත්‍ර වෙන්න පුලුවන්. ඒ නිසා පුලුවන් තරම් AC එක දාගෙන shutters වහගෙන යන්න පුලුවන් නම් ඒක වාහනයට ගොඩක් හොඳයි.

ඒ වගේම වාහන වල indoor වගේම outdoor කියලා AC functions දෙකක් බලා ගන්න පුලුවන්. අපිට default use කරන්න හොඳම indoor function එක තමයි indoor කියන්නේ . මොකද AC එකට එළියෙන් වාතය ගන්නවාට වඩා ඇතුළෙන් ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.

AC එක හරියටම use කරමු

AC එකට හොඳම විදිහ තමයි lower setting එකේ run කරන එක. Lower setting එකේ run කරද්දී AC button එකෙන් off කරන එක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හැබැයි අපිට AC button එක නිතරම on off කරන එක ටිකක් කරදර වැඩක්. ඒ නිසා හොඳම දේ temperature එක වැඩි කරන එක. හැබැයි වාහනයේ AC එකේ safety එක අනුව බලනවා නම් AC එක Lower setting එකට දාලා AC එක on, off කරන එක තමයි හොඳම.

ඒ වගේම වාහනේ ඇතුළත් dust එක, කෑම නැතුව පිරිසිදුවට තියාගන්න එකත් AC එකේ health එකට ගොඩක් හොඳයි.

ගොඩක් අය AC එක භාවිතා කළත් එය හරියට maintain කිරීම සිදු කරන්නේ නැහැ. ඒ හේතුව නිසා වාහනේට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්. ඉතින් AC එක ආරක්ෂා කරගන්න නම් අද CarsGuide අපි කිව්ව tips follow කරන්න අමතක කරන්න එපා. ඒ වගේම Passenger side එක නිතරම හොඳින් clean කරන්නත් පුරුදු වෙන්න. එතකොට ඔයාට පුලුවන් AC එක දිගු කාලයක් ගැටලුවක් නැතුව භාවිතා කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Almera VL Turbo 1.0L 2025 for Sale

Nissan Almera VL Turbo 1.0L 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 13,950,000
3 days ago
Land Rover Range Vouge Autobiography 2019 for Sale

Land Rover Range Vouge Autobiography 2019

30,000 km, Colombo
verified MEMBER
Rs 67,500,000
56 seconds ago
Toyota Allion 2006 for Sale

Toyota Allion 2006

221,316 km, Colombo
MEMBER
Rs 8,300,000
4 minutes ago
DFSK Glory 2020 for Sale

DFSK Glory 2020

54,000 km, Gampaha
MEMBER
Rs 9,150,000
5 minutes ago
Ford Raptor Ranger MSRT Limited 2024 for Sale

Ford Raptor Ranger MSRT Limited 2024

0 km, Colombo
verified MEMBER
Rs 33,500,000
6 minutes ago
Auto Parts for saleikman logo
Toyota Hilux Electric Roller Shutters for Sale

Toyota Hilux Electric Roller Shutters

verified MEMBER
Rs 420,000
4 days ago
Vezel Rear Bumper (2024) for Sale

Vezel Rear Bumper (2024)

verified MEMBER
verified
Rs 45,000
18 minutes ago
Nissan March K12 Brake Booster for Sale

Nissan March K12 Brake Booster

verified MEMBER
verified
Rs 14,000
25 minutes ago
+ Post an ad on ikman