හරියට engine tune up එකක් කරමු

20 May, 2024   
හරියට engine tune up එකක් කරමු

මොකක්ද මේ engine tune up කරනවා කියන්නේ? ගොඩක් අය හිතන්නේ වාහනයේ performance වැඩි කරන magic එකක් කියලා. හැබැයි engine tuning වෙනයි, tune up වෙනයි. Engine tuning වලින් කරන්නේ වාහනයේ performance වැඩි කරන එක. ඒ කියන්නේ engine එකේ කොටස් වෙනස් කරලා, එකතු කරලා කලින්ට වඩා engine එකේ performance වැඩි කරන එක.

එතකොට engine tune up කියන්නේ කාලයත් එක්ක විවිධ හේතු නිසා නැති වෙලා ගිය engine performance ආපහු ලබා ගන්න එකට. ඉතින් අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ engine tune up එකක් කරන්නේ කොහොමද කියලා.

Engine එක්ක ක්‍රියාකාරිත්වය

Petrol Engine එකක ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය වෙන මූලික සාධක 3ක් තියෙනවා. ඒ තමයි ඉන්ධන, වාතය සහ ignition.

4 stroke engine එකක නම් පළවෙනි stroke එකේදී inlet valve එක ඇරිලා පෙට්‍රල් සදහා වාත මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇඳලා ගන්නවා. මේකට කියන්නේ intake stroke කියලා.
දෙවනි එකේදී පෙට්‍රල් මිශ්‍ර වාතය සම්පීඩනය කරනවා. මේක compression stroke විදිහට තමයි හඳුන්වන්නේ.

තුන්වෙනි එකේදී petrol මිශ්‍ර වාතය spark plug එකක් මඟින් පුළිගුවක් නිකුත් කරලා දහනය කරනවා. එක හඳුන්වන්නේ power stroke කියලා.

හතරවෙනි එකේදී දහනය වුණු වාතය exhaust valve එක ඇරලා එළියට යවනවා. මේකට කියන්නේ exhaust stroke කියලා. මේක තමයි engine එකක් ඇතුළේ සිද්ධ වෙන්නේ.

වාහන නඩත්තුව

සාමාන්‍යයෙන් වාහනයක නඩත්තුව ගත්තාම කොටස් තුනකට අපිට වෙන් කරන්න පුළුවන්.
1. General maintenance
2. Periodical maintenance
3. Preventive maintenance
අද අපි කතා කරන engine tune up එක අයිති වෙන්නේ preventive maintenance ගණයට.

Engine tune up එකක් කියන්නේ?

අපි මුලින්ම බලමු engine tune up කියන්නේ මොකක්ද කියලා. Engine tune up කියන වචනේ ගත්තාම එතනින්ම අපිට තේරෙනවා engine එකේ tune එක යම් ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට, එහෙමත් නැත්නම් engine එකේ tune එක වාහනය නිෂ්පාදනය කළ කාල සීමාවේ තිබුණා හා සමානව නැවතත් ඉහළ තත්වයට ලබා ගැනීම මෙතදී සිදු වෙනවා.

කාල සීමාව

Hybrid නොවන වාහනයක් නම් සාමාන්‍යයෙන් engine tune up එකක් කරන්නේ කිලෝමීටර් 25,000ක් හෝ අවුරුදු 2 ගියාට පස්සෙයි. ඔබට තියෙන්නේ hybrid වාහනයක් නම් කිලෝමීටර් 40,000ක් හෝ අවුරුදු 2 1/2ක ධාවනයකින් පස්සේ පුළුවන් engine tune up එකකට යන්න.
හැබැයි මෙතනදී ඔබ මතක තියාගන්න ඕනේ දෙයක් තමයි වාහනය කිලෝමීටර් 25,000ක් ධාවනය කරලා නැති වුණත්, අවුරුදු දෙකක් ගිහින් නම් ඔබ engine tune up එකක් කරන්න ඕනේ. ඒ වගේම වාහනය කිලෝමීටර් 25,000ක් ධාවනය කරලා, අවුරුදු දෙක ගෙවිලා නැති වුණත් ඔබ අනිවාර්යෙන්ම engine tune up එකක් කරන්න ඕනේ.

Engine tune up එකේදී මොනවද කරන්නේ?

Engine tune up එකකදී වෙන්නේ වාහනයේ engine පාලන පද්ධතිය හා ආශ්‍රිතව සහ engine එකේ ක්‍රියාකාරීත්වය ආශ්‍රිතවය තිබෙන fuel system එක, air induction system එක සහ electronic control system එකේ තියෙන සියලු කොටස් නිරීක්ෂණය කිරීම සහ ඒවා නැවත ප්‍රකෘති තත්වයට පත් කිරීමයි.

මෙතනදී අපි විශේෂයෙන්ම කරනවා engine පාලන පද්ධතියේදී emission management system එක, EGR, PCV, catalytic වගේ system ගැනත් වැඩි අවධානයක් යොමු කරනවා.
ඒ වගේම intake system එකේ තියෙන air cleaner එකේ සිට manifold එක දක්වා සිලින්ඩර් එකට ගමන් ගන්නා air induction මාර්ගයේ තියෙන සියලු කොටස් ගලවා, ඒවා තුළ තිබෙන carbon deposit පිරිසිදු කිරීම මෙහිදී සිදු වෙනවා.

ඊට අමතරව EGR control system එක පිරිසිදු වෙන්නත් ඕනේ. විශේෂයෙන්ම ignition system එකට අදාළව spark plug යන ආදියේ කොටස් නිරීක්ෂණය කිරීම සිදු වෙන්න ඕනේ. ඊට පස්සේ fuel system එකට අදාළව fuel filter වල සහ injector වල ක්‍රියාකාරීත්වය කෙසේද යන්න පරීක්ෂාවට ලක් කරනවා.

ඉතින් මේ සියලු කොටස් හොඳින් නිරීක්ෂණය කරමින්, යථාතත්වයට පත් කිරීම engine tune up එකකදී සිදු වෙනවා.

කොච්චර වෙලාවක් යනවද?

නිවැරදිව engine tune up කරන්න ලොකු වෙලාවක් ගත වෙනවා. නමුත් සමහර ආයතන තියෙනවා පැයකින් වගේ engine tune up එකක් සිදු කරන. නමුත් engine tune up එකක් එවැනි සුළු කාලයකින් සිදු කරන්න බැහැ. මොකද නිවැරදිව tune up එකක් කරන්න යම් කාලසීමාවක් ගත වෙනවා. ඉතින් ඒ නිසා ඔබ කාලය ගැනත් අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

ඉතින් මේ විදිහට තමයි නිවැරදිව engine tune up එකක් සිදු කරන්නේ. වාහනයකට engine tune up එකක් කියන්නේ අත්‍යාවශ්‍ය කාරණයක්. ඉතින් ඒ නිසා ඔබත් නිවැරදි කාල සීමාව තුළදී engine tune up එකක් සිදු කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW 520d 2012 for Sale

BMW 520d 2012

151,000 km, Colombo
MEMBER
Rs 18,600,000
4 days ago
Toyota Hilux ROCCO 2025 for Sale

Toyota Hilux ROCCO 2025

0 km, Colombo
verified MEMBER
Rs 27,450,000
42 seconds ago
Nissan Almera VL TURBO 2025 for Sale

Nissan Almera VL TURBO 2025

0 km, Colombo
verified MEMBER
Rs 13,590,000
2 minutes ago
Toyota Corsa Auto 1999 for Sale

Toyota Corsa Auto 1999

165,000 km, Matara
verified MEMBER
Rs 2,900,000
3 minutes ago
Land Rover Range Sport 2018 for Sale

Land Rover Range Sport 2018

31,000 km, Colombo
verified MEMBER
Rs 60,000,000
4 minutes ago
Auto Parts for saleikman logo
Audi Q2 Parts for Sale

Audi Q2 Parts

verified MEMBER
verified
Rs 25,000
4 weeks ago
Toyota Prius Zvw30 Dicky Door for Sale

Toyota Prius Zvw30 Dicky Door

verified MEMBER
Rs 38,500
5 minutes ago
Suzuki Wagon R 55 Back Cut Pannel for Sale

Suzuki Wagon R 55 Back Cut Pannel

verified MEMBER
verified
Rs 300,000
5 minutes ago
+ Post an ad on ikman