Engine oil මාරු කරන්න කලින් මේ දේවල් ගැන දැනගන්න

17 May, 2024   
Engine oil මාරු කරන්න කලින් මේ දේවල් ගැන දැනගන්න

වාහනයකට නැතුවම බැරි දෙයක් තමයි engine oil කියලා කියන්නේ. ඉතින් මේ engine oil නියමිත කාල සීමාවකට අනුව මාරු කරන්න ඕනේ. හැබැයි මේක අපිට කරන්නන් වාලේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද engine oil මාරු කිරීමේදී සිදු වන පොඩි අත්වැරදීමකින් වුණත් වාහනයට ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්.

ඉතින් ඒ නිසාම අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ Engine oil මාරු කරන්න කලින් හිතන්නම ඕනේ දේවල් කිහිපයක් ගැන.

Engine oil වලින් වලින් ඉටුවන ප්‍රධාන කාර්යය

– Lubrication හෙවත් engine එකේ එකිනෙක ගැටෙන අභ්‍යන්තර කොටස් අතර ඝර්ෂණය සහ ගෙවීම අවම කිරීම
– Engine එක ඇතුලත පිරිසිදුකාරකයක් ලෙස ක්‍රියා කිරීම
– සිසිල්කාරකයක් ලෙස ක්‍රියා කිරීම
– අභ්‍යන්තර ලෝහ කොටස් විඛාදනය අවම කිරීම
– අභ්‍යන්තර engine කොටස් අතර මුද්‍රාවක් ලෙස ක්‍රියා කිරීම
– Engine එකේ අභ්‍යන්තර කම්පන අවශෝෂණය කරගැනීම
– ශක්තිය සංක්‍රාමණය කරන තරලයක් ලෙස ක්‍රියා කිරීම

කවදදා මාරු කරන්න ඕනේ?

Engine oil expire වෙනවා. හැබැයි bottle label එකේ තියෙන expire date එක බලලා නම් අපිට කියන්න බැහැ engine oil එක expire වෙලාද නැද්ද කියලා. මොකද කල් ඉකුත් වීමේ දිනයට අමතරව තෙල් වර්ගය, අධික උෂ්ණත්වය, ඔක්සිකරණය සහ ගබඩා කරන ආකාරය නිසා කල් ඉකුත් වීමේ දිනයේ වෙනස් වීම් වෙන්න පුලුවන්.

විශේෂයෙන්ම විවෘත නොකළ engine oil බෝතලයක් වසර 2-5 වගේ දිගු කාලයක් තියාගන්න පුලුවන්. හැබැයි engine oil බෝතලය විවෘත කළ පසු, එහි කාර්යක්ෂමතාව නැති වීමට පටන් ගන්නවා.ඒ නිසා engine oil බෝතල් විවෘත කිරීමෙන් වසරක් ඇතුළත භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

නිවැරදි ප්‍රමාණයට engine oil පුරවන්න

ඔබේ මෝටර් රථයේ oil අඩුවෙන් පිරවීම engine seal එක හෝ gasket කාන්දු වීමට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම අධික ලෙස oil පිරවීම නිසා engine එක වටා සැලකිය යුතු ඝර්ෂණයක් ඇති වීමෙන් engine එකට ආතතියක් ඇති වෙන්න පුළුවන්.
ඉතින් ඒ නිසා නිවැරදි ප්‍රමාණයට engine oil පුරවන්න මතක තබා ගන්න.

වාහනයට ගැළපෙන oil වර්ගය තෝරාගන්න

සෑම මෝටර් රථයකටම specific oil වර්ගයක් තියෙනවා. Engine oil gauge කරන්නේ එහි දුස්ස්රාවීතාවයෙන්. ඔබේ මෝටර් රථයට අවශ්‍ය ප්‍රමාණයට වඩා තුනී oil දැමීමෙන් සිදු වෙන්නේ engine එකේ චලනය වන කොටස් නිසි පරිදි lubricate නොවී metal components එකිනෙක මත grind වීමයි. ඒ වගේම අනෙක් අතට, අධික ඝනකමකින් යුතු oil භාවිතා කිරීම නිසා fuel economy එක අඩු වීම සිදු වෙනවා. ඒ වගේම වාහනයට හරියටම ගැළපෙන engine oil භාවිතා නොකිරීමෙන් engine එකේ ආයු කාලය පවා කෙටි වෙනවා. ඒ නිසා engine oil මාරු කරන්න කලින් ඔබේ වාහනයට හරියටම ගැළපෙන oil වර්ගය තෝරාගන්න.

Oil filter එක හරියට තද කරන්න

Engine oil වෙනස් කිරීමෙන් පසු oil filter එක නැවත ක්‍රියාත්මක කරන විට, filter එක මුලින්ම අතින් තද කළ යුතු අතර පසුව tool එකක් හරහා තද කළ යුතුයි. Filter එක ප්‍රමාණවත් ලෙස තද නොකිරීමෙන් හෝ අධික ලෙස තද කිරීමෙන් ගැලවී ගිය gaskets (engine එක තුළ අපවිත්‍ර වීමට ඉඩ සලසන) හෝ ඉරි තැළුණු thread/O-ring (කාන්දුවීම් ඇති කරයි) ඇති වෙන්න පුළුවන්.

Filter seal එක lubricate නොකිරීම

මෝටර් රථයේ filter එක තැබීමට පෙර gasket, oil භාවිතයෙන් lubricate කරන්න අවශ්‍ය වෙනවා. මෙමගින් gasket එක හොඳින් engine එකට තදින් අල්ලා ගැනීමට ඉඩ සලසනවා. ඔබට seal එක lubricate කිරීමට නොහැකි වීමෙන් filter එක කාන්දු වීම හෝ ගැලවී යාම නිසා ඔබේ මෝටර් රථයේ oil leak වීම සිදු වෙන්න පුළුවන්.

ඉතින් මේ දේවල් තමයි Engine oil මාරු කරන්න කලින් ඔබ දැනගෙන සිටිය යුතුම දේවල්. අදින් පස්සේ engine oil මාරු කරනකොට CarsGuide අපි කිව්වා දේවල් අනිවාර්යයෙන්ම සිදු කරන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography P400E 2018 for Sale

Land Rover Range Autobiography P400E 2018

58,000 km, Colombo
verified MEMBER
verified
Rs 62,500,000
1 week ago
Honda Vezel z great 2025 for Sale

Honda Vezel z great 2025

verified MEMBER
verified
Rs 21,550,000
7 minutes ago
Toyota Yaris Cross Z 4way C B/New 2025 for Sale

Toyota Yaris Cross Z 4way C B/New 2025

0 km, Colombo
verified MEMBER
Rs 19,800,000
9 minutes ago
Toyota Vios E Grade 2003 for Sale

Toyota Vios E Grade 2003

150,000 km, Galle
MEMBER
Rs 5,250,000
21 minutes ago
Toyota Hilux Rocco Thailand 2025 for Sale

Toyota Hilux Rocco Thailand 2025

0 km, Gampaha
verified MEMBER
Rs 28,600,000
1 week ago
+ Post an ad on ikman