ඔබේ වාහනයේ engine number එක වෙනස් ද?

30 Jun, 2023   
ඔබේ වාහනයේ engine number එක  වෙනස් ද?

ශ්‍රී ලංකාවේ දැනට ධාවනය වෙන වාහන බොහොමයක එන්ජින් අංකය පිළිබඳව ගැටළු තියෙනවා. හැබැයි ඔබේ වාහනයේ එන්ජින් අංකයේ නිරවුල්භාවය ගැන වගකීම තියෙන්නේ ඔබටමයි. වාහනයේ එන්ජින් එක ගෙවීමට ලක් වුණාම අලුත් එන්ජින් එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ගොඩක් අය කරන්නේ අලුත් එන්ජින් එකක් තියලා ඒක නිත්‍යානුකූලව register කරන්නේ නැහැ. ඒ වෙනුවට පොතේ තියෙන එන්ජින් අංකය අලුතෙන් තියපු එන්ජින් එකේ කොටනවා. මොකද එයාලා හිතන්නේ අංකය කෙටුවම ප්‍රශ්නය ඉවරයි කියලා. හැබැයි කිසිම දවසක එහෙම කරන්න හොඳ නැහැ. මොකද එහෙම කළොත් ඉදිරියේදී ඔබට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අද CarsGuide අපි ඔබට කියන්නේ වාහනයේ එන්ජින් අංකය වෙනස් වුණොත් මුහුණ දෙන්න වෙන ගැටළු මොනවද කියලා.

Engine අංකය වෙනස් වුණොත් සිදු වෙන අවාසි

අනවසරෙන් එන්ජින් එකක් තැබීම සහ එන්ජින් අංකය කෙටිම නීති විරෝධීයි. මේවා වැටෙන්නේ නීති විරෝධී එකලස් කිරීමේ ගණයට. ඉතින් ඒ නිසා මේ විදියට එකලස් කරපු වාහන වලට මූල්‍ය පහසුකම් ලබා ගන්නත් බැහැ. මොකද මූල්‍ය පහසුකමක් ලබා ගන්න නම් තක්සේරු වාර්තාවක් ඕනේ වෙනවා.තක්සේරු වාර්තාවක් නිකුත් කරනකොට තක්සේරු ආයතනය විසින් එන්ජින් අංකය locally stamp කියලා විශේෂයෙන් සඳහන් කරනවා.එතකොට මූල්‍ය සමාගම් ණය පහසුකම් ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම එන්ජින් අංකය වෙනස් වීම නිසා රක්ෂණ වන්දි ලබා ගැනීමේදී ගැටළු මතු වෙන්න පුලුවන්. අනික තමයි වාහනේ විකුණන්න යන අවස්ථාවේදී මේ වාහනය ගන්න යන පාර්ශ්වය එන්ජින් අංකය කියවන්න දන්නවා නම් මේ වාහනය ගන්නේ නැහැ.

මුද්‍රණ දෝෂ

සමහර වාහන වල එන්ජින් එකේ තියෙන අංකයට වඩා ලියාපදිංචි සහතිකයේ තියෙන අංකයේ එක් ඉලක්කමක හෝ අකුරක වගේ සුලු වෙනස්කම් තියෙන්න පුලුවන්. උදාහරණ විදියට 1 ඉලක්කමට I අකුර, බින්දුවට O අකුර වගේ වැරදි හඳුන්වන්න පුලුවන්. මේ විදියට වෙනස්කම් සිදු වෙන්නේ මුද්‍රණ දෝෂ නිසා. ඉතින් එවැනි දෝෂ ඔබට RMV එක හරහා නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා.

දෙපාර්තමේන්තු දෝෂ

2002 සිට 2005 දක්වා ලියාපදිංචි කරපු වාහන වලත් එන්ජින් අංකයේ ප්‍රශ්නයක් තියෙනවා. මේ කාලයේ දෙපාර්තමේන්තුව මඟින් එන්ජින් අංකයේ මුල් සංකේතය විතරයි ලියාපදිංචි සහතිකයේ සඳහන් කළේ. මේ කාලේ ආව H සහ J numbers වගේම බඩී වෑන් වල මේ ප්‍රශ්නේ අපිට නිතරම දැකගන්න පුලුවන්. මේකට හේතුව තමයි ඒ කාලේ එන්ජින් එක සැලකුවේ තවත් එක අමතර කොටසක් විදිහට. ඒ නිසා තමයි එන්ජින් අංකයේ මුල් සංකේතය විතරක් පොතේ මුද්‍රණය කරලා තියෙන්න හේතුව. මේ දෝෂයත් RMV එක හරහා ඔබට නිවැරදි කරගන්න පුලුවන්.

අලුත් engine එකක් තිබ්බොත්,

සමහර වාහන වල ලියාපදිංචි සහතිකයේ තියෙන එන්ජින් අංකය වාහනයේ එන්ජින් අංකයට සම්පූර්ණයෙන්ම වෙනස්. ඔබේ වාහනයට අලුත් එන්ජින් එකක් තියලා නම් වාහනයේ තියෙන
එන්ජින් අංකයයි, පොතේ තියෙන එන්ජින් අංකයයි වෙනස් වෙන්න පුලුවන්. ඒකත් RMV එක හරහා ඔබට නිවැරදි කරගන්න පුලුවන්.
නමුත් ඔබ එන්ජින් අංකය නීති විරෝධී විදියට නම් කොටලා තියෙනවා නම් ඒ වරද නිවැරදි කරගන්න බැහැ. මොකද මේ වරද අයත් වෙන්නේ නීති විරෝධී එකලස් කිරීම් කියන ගණයට.
දැක්කා නේද? එන්ජින් අංකය වෙනස් වුණොත් ඇති වෙන ප්‍රශ්න මොන වගේද කියලා. ඉතින් ඒ නිසා ඔබ අලුතෙන් එන්ජින් එකක් තියෙනවා නම් නිත්‍යානුකූලව තැබීමට වග බලාගන්න. ඒ වගේම වාහනය ගන්න කලින් එන්ජින් අංකයේ නිරවුල් භාවය ගැනත් හොඳට බලන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Prius 30 2012 for Sale

Toyota Prius 30 2012

178,000 km, Colombo
MEMBER
Rs 9,400,000
1 day ago
Micro Trend 2012 for Sale

Micro Trend 2012

109,200 km, Colombo
MEMBER
Rs 1,850,000
25 seconds ago
Suzuki Swift 2003 for Sale

Suzuki Swift 2003

156,000 km, Galle
MEMBER
Rs 4,275,000
42 seconds ago
Peugeot 2008 2019 for Sale

Peugeot 2008 2019

48,000 km, Gampaha
MEMBER
Rs 11,250,000
1 minute ago
Toyota Allion 2007 for Sale

Toyota Allion 2007

200,000 km, Matale
MEMBER
Rs 8,800,000
1 month ago
Auto Parts for saleikman logo
Toyota Yaris Gas Shock Absorber ( Front ) for Sale

Toyota Yaris Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 9,985
37 minutes ago
Toyota Vitz Gas Shock Absorber ( Front ) for Sale

Toyota Vitz Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 9,985
38 minutes ago
VOXY 90 TAIL LIGHTS (RED & SMOKY BLACK) for Sale

VOXY 90 TAIL LIGHTS (RED & SMOKY BLACK)

verified MEMBER
verified
Rs 28,000
1 hour ago
Allion Headlight for Sale

Allion Headlight

verified MEMBER
Rs 80,000
1 hour ago
+ Post an ad on ikman