Brake නඩත්තුවක අත්‍යවශ්‍යතා

02 Jun, 2023   
Brake නඩත්තුවක අත්‍යවශ්‍යතා

වැසි කාල සිමා වලදී ලිස්සිමේ අවදානම වැඩි වන විට, ඔබේ තිරිංග නිසි ලෙස නඩත්තු කර ඇති බව සහතික කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වෙනවා. දුර්වල තිරිංග ඔබේ වාහනයේ කල්පැවැත්ම සහ ක්‍රියාකාරීත්වය අඩු කරනවා පමණක් නොව අනතුරු සහ තුවාල වලටද හේතු වෙනවා.

ඔබේ වාහනයේ තිරිංග පද්ධතිය සංකීර්ණ නමුත් නඩත්තු කිරීම ඉතා සරලයි. ඒ වගේම තමයි සෑම සැතපුම් 12,000 කට වරක් ඔබේ තිරිංග පෑඩ් පරීක්ෂා කිරීම සහ සෑම සැතපුම් 25,000 කට වරක් ඔබේ තරලය ප්‍රතිස්ථාපනය කිරීම සිදු කරන්න ඕනේ. ඉතින්  CarsGuide තුළින් අපි ඔබට කියන්නේ වාහනයට අත්‍යවශ්‍ය Brake නඩත්තුව ගැනයි.

Brake Pads සහ Rotors පරීක්ෂා කරන්න

Brake Pads සහ Rotors කියන්නේ තිරිංග පද්ධතිය සහ ටයර් අතර සම්බන්ධතා ස්ථානයයි. මේ දේවල් ඉතා ඉක්මනින්ම ගෙවී යන නිසා නිතර නිතර නඩත්තු කිරීම අවශ්‍ය වෙනවා. ටයර් සහ Brake Pads අතර ඝර්ෂණය නිසා තාපය ඇති වන අතර මෙම තාපය Brake Pads යටපත් කරනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණවත් ප්‍රතිරෝධයක් තියෙනවද කියලා බලාගන්න නිතරම පෑඩ් වල ගුණාත්මකභාවය සහ ගැඹුර පරීක්ෂා කිරීම ඉතාම වැදගත්.

ඒ වගේම වාහනය නැවැත්වීමට ගතවන දුර සහ කාලය ප්‍රබල ලෙස වැඩි වන්නේ නම් අනිවාර්යයෙන්ම Brake Pads සහ Rotors පරික්ෂා කරබැලීම කරන්න ඕනේ.

Brake Fluid, Flush කරන්න.

Brake Pads පාගන විට , පීඩනය වැඩි වී ප්‍රධාන සිලින්ඩරයේ සිට තිරිංග තරලය , තිරිංග රේඛා හරහා caliper එක තුළට මාරු කරනු ලබනවා. මෙම පීඩනය Brake Pads සහ Rotors වෙත මාරු වීම සිදු වෙනවා. ඒ නිසා තිරිංග තරලය අතිශයින්ම වැදගත් වන්නේ එය ඔබ සහ ඔබේ මෝටර් රථයේ තිරිංග පද්ධතිය අතර පණිවිඩකරු වන නිසායි.ඒ නිසා සෑම සැතපුම් 25,000 කට වරක් තිරිංග තරලය පරීක්ෂා කර වෙනස් කරන්න අමතක කරන්න එපා.

Brake Lines, Bleed කරන්න

තිරිංග තරලය වෙනස් කිරීම සඳහා තිරිංග රේඛාවන් සේදීමට අමතරව, අතිරික්ත වාතය ඉවත් කිරීම සඳහා Brake Lines, Bleed කරන්න පුලුවන්. කුඩා ප්‍රමාණයේ වාතය Brake Lines තුළ සිර වූ විට, එය තිරිංග පද්ධතියේ කාර්යක්ෂමතාව අඩු වීමට හේතු වෙනවා. Brake Lines, Bleed කිරීම සෑම වසර 2-3 කට වරක් සිදු කරන්න ඕනේ.

Brake Parts Replace හෝ Upgrade කරන්න

සමහර විට ඔබේ තිරිංග පද්ධතියේ සමහර කොටස් ප්‍Replace කිරීමට අවශ්‍ය විය හැකි අතර, තවත් සමහර කොටස් Upgrade කිරීම අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා අවශ්‍ය අවස්ථා වලදී වාහනයේ තිරිංග කොටස් Upgrade සහ Replace කිරීම වාහනයේ තිරිංග පද්ධතියේ ආයු කාලය සහ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

තිරිංග පද්ධති රැකවරණය

ඔබේ තිරිංගවල කාර්ය සාධනය සහතික කිරීම සඳහා වඩාත් ඵලදායී ක්‍රමය තමයි ඒවා හොඳින් රැකබලා ගැනීම.අධික බරක් දරා සිටීම, අනවශ්‍ය, ප්‍රමාද හෝ අධික තිරිංග, තෙත් කාලගුණය වැනි දේවල් නිසා තිරිංග පද්ධතියට හානි සිදු වෙන්න පුලුවන්.ඒ නිසා හැකි සෑම විටම ඔබේ තිරිංග කාර්ය සාධනයට බලපෑ හැකි මේවා වළක්වා ගැනීමෙන් ඔබේ තිරිංග වඩාත් හොඳින් ක්‍රියාත්මක කරගන්න පුලුවන්.

මේ විදියට තමයි ඔබේ වාහනයේ තිරිංග පද්ධතිය හරියාකාරව නඩත්තු කරන්නෙ. ඔබත් නිවැරදි කාල සීමාවන් වලදී නිසියාකාරව තිරිංග පද්ධතිය නඩත්තු කරලා ආරක්ෂාකාරී ලෙස රිය පැදවීමට දායක වෙන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography P400E 2018 for Sale

Land Rover Range Autobiography P400E 2018

58,000 km, Colombo
verified MEMBER
verified
Rs 59,900,000
1 week ago
Mazda 2 1980 for Sale

Mazda 2 1980

100,000 km, Anuradhapura
MEMBER
Rs 565,000
1 minute ago
Toyota Land Cruiser Prado 2015 for Sale

Toyota Land Cruiser Prado 2015

106,000 km, Colombo
MEMBER
Rs 37,000,000
1 week ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

81,827 km, Kalutara
MEMBER
Rs 7,750,000
1 week ago
Toyota Land Cruiser Sahara Cygnus V8 2006 for Sale

Toyota Land Cruiser Sahara Cygnus V8 2006

167,000 km, Gampaha
verified MEMBER
verified
Rs 27,500,000
17 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
BYD Dolphin Carpets for Sale

BYD Dolphin Carpets

MEMBER
Rs 16,000
3 minutes ago
BYD Sealion 6 Carpets for Sale

BYD Sealion 6 Carpets

MEMBER
Rs 16,000
4 minutes ago
BYD Atto 3 Carpets for Sale

BYD Atto 3 Carpets

MEMBER
Rs 25,000
5 minutes ago
Wagon R MH55s, MH95s Fuel Pump for Sale

Wagon R MH55s, MH95s Fuel Pump

verified MEMBER
Rs 20,000
1 hour ago
+ Post an ad on ikman