වාහන සර්විස් කරද්දී ඔබව රවටන ආකාරය

16 May, 2024   
වාහන සර්විස් කරද්දී ඔබව රවටන ආකාරය

තමන්ටම කියල වාහනයක් තියෙන ඕන කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනේ service කරගන්නේ කොහෙන්ද කියන එක. හැබැයි තවත් සමහරු service එක කියල විශේෂයෙන් තැනකට ගෙනියන්නේ නැතුව අදා​ළ දේවල් ගෙදරදීම කරගන්නවා. එත් service center එකක කරන හැමදේම අපිට ගෙදරදී කරන්න අමාරුයි. ඉතින් එහෙම පිට තැනකට වාහනේ දාල service එකක් කරද්දී හොදම දේ තෝරාගන්න තමයි හැමෝම බලන්නේ. මොකද සමහර service centers තමන්ගේ customers ලව ගොඩක් සූක්ෂ්ම විදිහට රවට්ටනවා. ඒ නිසාම CarsGuide අපි හිතුවා වාහන service කරද්දී ඔබව ‍රවටන ආකාරය පිළිබඳව දැනුවත් කරන්න.

අනවශ්‍ය සේවා ගාස්තු

බොහෝ service centers විසින් පාරිභෝගිකයාට ලබා දෙන අවසාන බිල් එකේ, ඔවුන් සිදු නොකළ කාර්යයන් සඳහා ගාස්තු ඇතුළත් කරනවා. උදාහරණයක් විදිහට Brake service labour විදිහට අමතර ගාස්තුවක් ඔබෙන් අය කරන්න පුළුවන්. මෙතනදී brake pads, inspect, clean සහ re-install කළොත් එය සාධාරණ අය කිරීමක් විදිහට හඳුන්වන්න පුළුවන්. නමුත් ගොඩක් දෙනා කාලය ඉතුරු කර ගැනීමට මේ දේවල් නිසි ලෙස සිදු කරන්නේ නැහැ. ඉතින් ඔබට පුළුවන් නම් වාහනය service කරන තුරු වාහනය අසල ඉන්න, එමඟින් වාහනයට වගේම ඔබේ සාක්කුවටත් සාධාරණයක් වෙනවා.

Flushing සහ additives

Engine එක සහ radiator එක flush කිරීම, oil හෝ fuel additives එකතු කිරීම අමතර මුදලක් උපයා ගැනීම සඳහා සේවා ස්ථාන විසින් භාවිතා කරන තවත් එක උපක්‍රමක්. ගොඩක් වෙලාවට service advisorලා පාරිභෝගිකයන්ගෙන් radiator flush එකක් සිදු කරන ලෙස හෝ engine oil වලට “ආයුකාලය වැඩි කිරීම” හෝ “සැතපුම් ගණන වැඩි කිරීම” සඳහා additive වර්ගයක් එකතු කරන ලෙස ඉල්ලනවා. මෙම additives සමහර අවස්ථාවලදී ප්‍රයෝජනවත් වුණත්, හැම service එකකදීම, සෑම විටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මේ additives, car manufacturer විසින් ලබා ගන්නා ලෙස සඳහන් කර තිබෙන බව කියමින් ඔබට අවශ්‍ය නොවන වෙළඳපොලේ ඇති ඉතා මිල අධික fuel additive ඔබට ලබා දෙන්න උත්සහ කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා service center එකකට යනවා නම් ඔබ මේ ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

කාර් එක dry clean කිරීම

මෝටර් රථයේ interior එක dry clean කිරීම, service centers වලින් අමතර මුදලක් උපයන තවත් ක්‍රමයක්. අපිරිසිදු ආසන සහ roof lining සහිත සමහර මෝටර් රථ service කිරීම අතරතුර dry clean කිරීම අවශ්‍ය වෙනවා. නමුත් සමහර service centers වලින් අවශ්‍ය වුණේ නැති වුණත් dry clean එකක් කරගන්නා ලෙස තව සේවාදායකයාව පොළඹවා ගන්න උත්සහ කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක ඔබ හොඳින් හිතලා බලන්න ඇත්තටම dry clean එකක් අවශ්‍යද කියලා.

Wax කිරීම

ඔබේ මෝටර් රථයේ පිටත නිමාව පැරණි සහ අඳුරු නම් Wax polishing එකක් දෙන්නම ඕනේ. හැබැයි ගොඩක් service centers වලින් මේ සඳහා ලොකු මුදලක් ඔබෙන් ලබා ගන්නවා. ඇත්තටම wax එකක් ඔබට ගෙදරදීම වුණත් සිදු කරගන්න පුළුවන්.
ඉතින් ඒ නිසා ඔබේ වාහනයට අවශ්‍ය wax එක නිවසේදීම සිදු කරගන්න නිතරම උත්සහ කරන්න.

Engine decarbonizing සහ dressing

Engine decarbonizing කියන්නෙත් service centers වලින් අනවශ්‍ය ලෙස මුදල් අය කරන තවත් ක්‍රමයක්. බොහෝ සේවා service centers වලින් සෑම කිලෝමීටර 15,000ක් හෝ 20,000කට වරක් Engine decarbonizing එකක් කරන්න කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම, අවම වශයෙන් කිලෝමීටර් 50,000 ක් සඳහා මෝටර් රථ සඳහා engine decarbonizing එකක් අවශ්‍ය වන්නේ නැහැ.
ඒ වගේම මීට අමතරව, සමහර service centers වලින් engine dressing සඳහා වෙන වෙනම bill එකක් නිකුත් කරනවා. නමුත් මෙතනදී වෙන්නේ silicone හෝ oil spray මඟින් engine එකට shine එකක් ලබා දීම විතරයි.

ඉතින් මේ විදිහට තමයි වාහන සර්විස් කරද්දී ඔබව රවටමින්, අනවශ්‍ය විදිහට ඔබෙන් මුදල් ලබා ගන්නේ. ඒ නිසා අදින් පස්සේ වාහනය service කරන්න යනකොට ඒ පිළිබඳවද හොඳට දැනුවත් වෙලා යන්න. ඒ වගේම තමයි service එක පිළිබඳවද අවධානයෙන් ඉන්නත් අමතක කරන්න එපා. එතකොට ඔබට පුළුවන් අනවශ්‍ය ලෙස සිදුවන රැවටීම් වලින් ගැළවෙන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Z Grade 2025 for Sale

Honda Vezel Z Grade 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 20,290,000
5 days ago
Land Rover Range P400e 2018 for Sale

Land Rover Range P400e 2018

68,000 km, Colombo
MEMBER
Rs 62,000,000
4 days ago
Toyota Corolla 121 LX Limited 2006 for Sale

Toyota Corolla 121 LX Limited 2006

260,000 km, Colombo
MEMBER
Rs 6,900,000
6 days ago
Toyota Land Cruiser Sahara V8 2016 for Sale

Toyota Land Cruiser Sahara V8 2016

140,000 km, Colombo
verified MEMBER
Rs 70,000,000
1 week ago
Toyota Land Cruiser Prado TX 2015 for Sale

Toyota Land Cruiser Prado TX 2015

89,000 km, Colombo
MEMBER
Rs 41,000,000
1 week ago
Auto Parts for saleikman logo
Allion 260 (2007) Head Lamp for Sale

Allion 260 (2007) Head Lamp

verified MEMBER
verified
Rs 48,000
32 minutes ago
CHR Innerguard for Sale

CHR Innerguard

verified MEMBER
verified
Rs 12,000
32 minutes ago
Montero V97 Head Lamp Retainer for Sale

Montero V97 Head Lamp Retainer

verified MEMBER
verified
Rs 5,000
32 minutes ago
Toyota Axio 161 for Sale

Toyota Axio 161

verified MEMBER
verified
Rs 38,000
32 minutes ago
+ Post an ad on ikman