වාහනයට ගැළපෙන හොඳම ටයර් තෝරා ගන්නේ කොහොමද?

28 Jul, 2023   
වාහනයට ගැළපෙන හොඳම ටයර් තෝරා ගන්නේ කොහොමද?

වාහනයට අලුතෙන් ටයර් දැම්මට, අවුරුද්දක් දෙකක් ගත වුණාම, ටයර් ටික ගෙවෙනවද? නැත්නම් ටයර් වල කට්ට ගැලවෙනවද? මේකට උත්තරය ‘ඔව්’ නම්, හේතුව තමයි ඔබ බාල ටයර් වලට රැවටීම. වාහනය drive කරන දුර, මාර්ගය සහ වේගය විටින් විට වෙනස් වෙනවා. ඒ නිසා ඔය හැමදේටම ඔරොත්තු දෙන, හරිම ටයර් ඔබේ වාහනයට දාගත්තොත්, මඟ රස්තියාදු වෙන්න ඕනෙ නැහැ. අනිත් දේ තමයි, වාහනය මොනතරම් comfortable වුණත්, ටයර් නැත්නම්, එතන කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ නිසා අද CarsGuide අපි ඔබට කියන්නේ, වාහනයට ගැළපෙන හොඳම ටයර් තෝරා ගන්න විදිය ගැන.

Brand එක Sure ද?

හොඳම ටයර් තෝරා ගැනීමට පෙර, ඔබ අනිවාර්යයෙන්ම හොඳ brand එකක් තෝරා ගත යුතුයි. හොඳ brand එකක් ගත් විට, ඔවුන් ටයර් නිෂ්පාදනයේදී පර්යේෂණ ගණනාවක් පවත්වා, තම පාරිභෝගිකයින්ගේ වාහන වලට ගැළපෙන, උසස් තත්වයක් සහ ආරක්ෂාවක් ලැබෙන තුරු, නැවත නැවත ඒවා පරීක්ෂා කරනවා. ඒ වගේම ඔවුන් මේ සඳහා විශාල මුදලක් වැය කරනවා. ඉතින් ඔබත් ඔබේ වාහනයට ටයර් මිලදී ගන්නා විට, විශ්වාසවන්ත සමාගමකින් නිෂ්පාදනය කර, වෙළඳපොළට නිකුත් කළ ටයර් මිලදී ගැනීමට වග බලා ගන්න.

වාහනයට අවශ්‍ය මොන ටයර් එකද?

සාමාන්‍යයෙන් Car එකක් drive කරන්න පුළුවන්, on-road විතරයි. අන්න ඒ නිසා Car සඳහා 99% ක්ම නිෂ්පාදනය කර තිබෙන්නේ, on-road ටයර්. ඉතින් මේ හේතුව නිසා, Cars වලට ටයර් යොදන විට, option කිහිපයකට යන්න බැහැ. එහෙමත් නැත්නම්, terrains කිහිපයකට යන්න ඔබට හැකියාවක් නැහැ.
නමුත් Jeep සහ SUV වැනි vehicles ගත් විට, මෙම තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වනවා. Jeep එකක් හැම විටම on-road නොයන නිසා, ටයර් නිෂ්පාදකයින් විසින් Jeep සඳහා ටයර් තෝරා ගැනීමට options කිහිපයක් ලබා දී තිබෙනවා.

මඩේ යාම සඳහා Mud Tyre (MT), වාහනයට යෙදිය හැකියි. මෙම ටයර් වර්ගයේ කට්ට නිෂ්පාදනය කර ඇත්තේ, මඩේ යාම සඳහා පමණයි. එම නිසා, Mud Tyre වාහනයට දමාගෙන on-road යන විට, ටයර් එක තුළින් විශාල ශබ්දයක් නිකුත් වෙනවා.
ඒ වගේමයි, ටයර් එකේ ආයු කාලය අඩු වෙන්නත් මේක හේතුවක් වනවා.

Aultering Tyre (AT) යනු, on-road, off-road සහ gravel road යන මාර්ග වල යාමට හැකි වන පරිදි නිෂ්පාදනය කර ඇති ටයර් වර්ගයක්. මෙහි කට්ට රටාව සහ ටයරයේ මතු පිටට දමා ඇති compounds, design කර ඇත්තේ, terrains කිහිපයකම යාමට හැකි වන පරිදියි. Terrain එක වෙනස් කරන්න, ටයර් එක මාරු කිරීමට අවශ්‍ය නොවීම, Aultering Tyre එකේ ඇති වාසියක් ලෙස දකින්න පුළුවන්. ඒ නිසා, Aultering Tyre සමඟම ඉහත සඳහන් කළ terrains වල ඔබට යන්න හැකියාව තියෙනවා.

Side Wall එක බැලුවද?

ඕනෑම ටයර් එකක side wall එකේ, ටයර් එකට අදාළ සියලුම විස්තර සඳහන් කර තිබෙනවා. ඒ නිසා ටයර් මිලදී ගැනීමට පෙර එහි side wall එක බලලා, ටයර් එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එමඟින් වාහනයට හොඳම ටයර් තෝරා ගන්න ඔබට පුළුවන්.
දැන් අපි බලමු, ටයර් එකක side wall එකේ සඳහන් වන විස්තර මොනවද කියලා.

ටයරයේ පළල (Tyre Width)

ඕනෑම ටයර් එකක පළමු අංක තුනෙන් ටයරයේ පළල සංකේතවත් කරනවා. සම්මතයක් ලෙස පළල සඳහන් වෙන්නේ, mm වලින්. ටයරයේ පළල වැඩි වන විට වාහනය, පොළොව සමඟ ස්පර්ශ වන surface එක ගොඩක් වැඩි වෙනවා. එනම්, ඝර්ෂණය ඉහළ යනවා. ඒ වගේම ලිස්සා යාමේ ස්වභාවය ඉතාමත් අඩු නිසා, ඕනෑම පරිසරයක එනම්, වැලි සහිත, මඩ සහිත, නැත්නම් වතුර පිරෙන තැන් වල වුණත් drive කරන විට, පහසුවක් ලබා දෙනවා.

නමුත් එන්ජිමට විශාල බලයක් පිට කිරීමට අවශ්‍ය වන නිසා, එහිදී fuel efficiency එක තරමක් අඩු වෙනවා. මෙය ටයරයේ පළල වැඩි වීමේ අවාසියක් ලෙස දකින්න පුළුවන්. ඊට අමතරව ටයරය තුළින් නිකුත් වන ශබ්දයත් තරමක් වැඩියි.

ටයරයේ පැතිකඩ ඝනකම (Tyre Profile)

ටයර් එකේ පළලෙහි ප්‍රතිශතයක් ලෙස එහි පැතිකඩ ඝනකම side wall එකේ සඳහන් කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙම අගය 50 mm ට වඩා වැඩි අවස්ථාවක comfortable ride එකක් වගේම ආරක්ෂාවක්ද ලබා දෙනවා.

Tyre Size

ඕනෑම වාහනයකට ගැළපෙන සම්මත ටයර් size එකක් තියෙනවා. ටයරයේ side wall එකේ තියෙන ‘R’ අකුර පිටු පසින් ඇති අංක දෙකෙන් එහි size එක දැක ගන්න පුළුවන්. ඉතින් වාහනයේත්, ඔබේත් ආරක්ෂාව තහවුරු වීමට නම්, අනිවාර්යයෙන්ම වාහනයට ගැළපෙන ටයර් size එක තෝරා ගන්න.

Tyre Speed Rating

ටයරයක speed rating එක සංකේතවත් වෙන්නේ, code එකේ ඇති අවසන් අකුරෙන්. පොදුවේ ගත් විට, ඉහළ speed ratings වලින් අදහස් කරන්නේ, හොඳ grip එක සහ වාහනය නැවැත්වීමේ බලය පමණක්ම නෙවෙයි. ඉතා වේගයෙන් ධාවනය කරන්න යොදා ගන්නා ටයර් වල treds එහෙමත් නැත්නම් කට්ට ඉක්මනින් ක්ෂය වීම වෙන්නත් පුළුවන්.

Tread Pattern

Treadwear එක නැත්නම් කට්ට රටාව අනුව ටයර් වර්ග තුනක් දැක ගන්න පුළුවන්.
1) Directional Tread (දිශානුගතික)
2) Symmetrical Tread (සමමිතික)
3) Asymmetrical Tread (අසමමිතික)

Directional Tread

එක් දිශාවකට පමණක් භ්‍රමණය වන පරිදි නිර්මාණය කරන, V හැඩැති treads pattern තියෙන style එකක් ලෙස Directional ටයර් වර්ගය හඳුන්වන්න පුළුවන්. වැස්සෙ ගමන් කරන විට, ටයරය ස්පර්ශ වන ප්‍රදේශයේ ඇති වතුර, ටයරය මඟින් විසුරුවා හරිනවා. ඒ නිසා ටයර් එකේ වතුර රැඳෙන්න හැකියාවක් නැහැ. Drive කරන විට, මෙම ටයර් වලින් විශාල ශබ්දයක් ඇති කරනවා. නමුත් ලොකු ආරක්ෂාවක් ලබා දෙන්න, Directional ටයර් එකට පුළුවන්.

Symmetrical Tread

බොහෝ වාහන වල දකින්න ලැබෙන්නෙ, Symmetrical tread style එක. වැස්සෙ drive කරන විට, මෙම ටයර් වලින් එතරම් විශාල ආරක්ෂාවක් ලැබෙන්නෙ නැහැ. මෙයට හේතුව තමයි, මෙම tread style එක wave pattern එකක් ලෙස ටයරය පුරාම තිබීම. එම නිසා, වැස්සෙ drive කරන විට, රෝදය වටේම වතුර රැඳෙන්න පුළුවන්.

Asymmetrical Tread

Directional සහ Symmetrical ටයර් මඟින් ලැබෙන අවාසි නැත්නම් ගැටළු වලට, සහනයක් වන ටයර් වර්ගයක් තමයි, Asymmetrical ටයර් ලෙස හඳුන්වන්නෙ. එනම්, වැස්සෙ drive කරන විට, ටයර් වල වතුර නොරැඳෙන සහ drive කරන විට, ටයර් වලින් ඇසෙන විශාල ශබ්දය අඩු වන ලෙස මෙම ටයර් වර්ගය නිෂ්පාදනය කරලා තියෙනවා. මේ හේතුව නිසාම, අනිත් ටයර් වලට සාපේක්ෂව, Asymmetrical ටයර් එකේ market value එක ඉහළ අගයක් ගන්නවා.

Treadwear

Treadwear යනු, ටයර් එක ගෙවීම පිළිබඳ අගයක්. Treadwear එක ඉහළ අගයක් ඇති ටයර් වල කල් පැවැත්ම වැඩියි. එනම්, එවැනි ටයර් වල ගෙවෙන ප්‍රමාණය අඩුයි. එලෙසම treadwear එක වැඩි වීමෙන්, mileage එකත් වැඩි කර ගන්න පුළුවන්.

Traction

Tyre side wall එකේ traction ලෙස සඳහන් කර තිබෙන අතර ඊට ඉදිරියෙන් ඉංග්‍රීසි අක්ෂරයක්ද දැක ගන්න පුළුවන්. එම ඉංග්‍රීසි අක්ෂරයෙන් පැහැදිලි කරන්නේ, brake ගැසීමේදී, ටයර් එකේ නැවතීමේ ස්වභාවය මොන වගේද යන්න පිළිබඳවයි.

Tyre Age

සාමාන්‍යයෙන් නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 5 ක් හෝ 6 ක් ගිය පසු එම ටයර් එක භාවිතා කිරීම සුදුසු වෙන්නේ නැහැ. ඕනෑම ටයර් එකක නිෂ්පාදිත දිනය, ටයරයේ side wall එකේ ඇති dot සංකේතයේ අවසාන අංක හතරෙන් හොයා ගන්න පුළුවන්. එම ඉලක්කම් හතරේ අවසන් ඉලක්කම් දෙකෙන් එම ටයර් එක නිෂ්පාදනය කළ අවුරුද්දත්, පළමු ඉලක්කම් දෙකෙන් නිෂ්පාදනය කළ සතියත් සංකේතවත් කරනවා.

ටයර් එක මිලදී ගැනීම, එය නිෂ්පාදනය කළ අවුරුද්දේ සිට අවුරුදු තුනක් ඇතුළත මිලදී ගන්නවා නම්, higher quality එකක් සහිත ටයර් එකක් ලබා ගන්න chance එක තියෙනවා. නිෂ්පාදිත වසරේ සිට, ටයරයක් උපරිම වශයෙන් අවුරුදු පහක් පමණ භාවිතා කරන්න පුළුවන්. නමුත් ඉන් එහාට ටයරයේ ආයු කාලය, කල් පැවැත්ම සහ stability එක අඩු වෙනවා.

නිෂ්පාදක සහතිකය

නිෂ්පාදකයින් විසින් ටයර් වලට විශ්වාසවන්ත වගකීමක් ලබා දිය යුතුයි. එලෙස වගකීමක් නැති ටයර් මිලදී නොගෙන, මිල තරමක් වැඩි වුවද, විශ්වාසවන්ත වගකීමක් ලැබෙන ටයර් තෝරා ගැනීමට ඔබ වග බලා ගන්න ඕනෙ. නැත්නම් පසුව ඔබට ආරක්ෂාව සම්බන්ධ ගැටළු වලට මුහුණ දෙන්න සිදු වෙනවා.

දැන් ඔබට පුළුවන්, රැවටෙන්නේ නැතුව වාහනයට ගැළපෙන හොඳම ටයර් තෝරා ගන්න. කරන්න තියෙන්නේ, වාහනයට ටයර් තෝරන විට, අපි අද කියපු කරුණු ගැන අවධානය යොමු කරන එක විතරයි.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda CRV 5 Seater 2018 for Sale

Honda CRV 5 Seater 2018

86,500 km, Colombo
MEMBER
Rs 19,800,000
1 month ago
Suzuki Wagon R Stingray 2018 for Sale

Suzuki Wagon R Stingray 2018

88,952 km, Gampaha
MEMBER
Rs 7,900,000
2 minutes ago
Mercedes Benz CLA 180 AMG 2017 for Sale

Mercedes Benz CLA 180 AMG 2017

93,000 km, Gampaha
verified MEMBER
verified
Rs 21,390,000
3 minutes ago
Mazda Demio Higest Grade 2008 for Sale

Mazda Demio Higest Grade 2008

124,360 km, Galle
MEMBER
Rs 5,495,000
1 week ago
Suzuki Jimny XC 2025 for Sale

Suzuki Jimny XC 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 12,200,000
1 week ago
Auto Parts for saleikman logo
Premio 260 Head Lamp (2018) for Sale

Premio 260 Head Lamp (2018)

verified MEMBER
verified
Rs 210,000
16 minutes ago
185/60 R15 HONDA FIT SHUTTLE ZETA CHINA TYRE for Sale

185/60 R15 HONDA FIT SHUTTLE ZETA CHINA TYRE

verified MEMBER
verified
Rs 20,300
22 minutes ago
185/60 R15 HONDA FIT FALKEN INDONESIA TYRE for Sale

185/60 R15 HONDA FIT FALKEN INDONESIA TYRE

verified MEMBER
verified
Rs 23,000
22 minutes ago
+ Post an ad on ikman