වාහනයේ ටයර් එකක් හරියටම මාරු කරන්නේ කොහොමද?

28 Aug, 2023   
වාහනයේ ටයර් එකක් හරියටම මාරු කරන්නේ කොහොමද?

කරදර කියන දේවල් ඇති වෙන්නේ හදිසියේදිනේ. අපි වාහනය drive කරනකොට හදිසියේම patch එකක් යන්න පුලුවන්. එහෙමත් නැත්නම් උදේම ගමනක් යන්න ලෑස්ති වෙලා වාහනේට නැග්ගම ටයර් වල හුළං මදි වෙන්න පුලුවන්. ඉතින් මේ වගේ හදිසි අවස්ථාවකදී අපිට Garage එකකට යන්නත් වෙලාව නැති වෙන්න පුලුවන්. ඉතින් එතකොට අපිට පුලුවන් වෙන්න ඕනේ වාහනයේ ටයර් එක තනියම මාරු කරගන්න. ටයර් එකක් මාරු කරන එක අමාරු වැඩක් නොවුණට නිසි පරිදි ටයර් එක මාරු කළේ නැත්නම් ඔබට නැති කරදර වලටත් මුහුණ දෙන්න වෙනවා.

ඒ නිසා CarsGuide අපි අද ඔබට කියන්නේ වාහනයේ ටයර් එකක් හරියටම මාරු කරන්නේ කොහොමද කියලා.

සමතලා මතුපිටකට වාහන ගේන්න

වාහනයක රෝද ගලවන්න කලින් අනිවාර්යයෙන්ම වාහනය සමතලා මතුපිටකට ගෙන්න ඕනේ. එහෙම නැතුව කන්දක් උඩ, ගල්බොරළු සහිත මාර්ගයක වගේ තැන් වල නම් රෝද ගලවන්න බැහැ. ඒ වගේම මේ සමතලා මතුපිට තද පොළවක් වෙන්නත් ඕනේ. මොකද එහෙම නැතිව මෘදු පසක් තිබ්බොත් ජැක් එක සවි කළාම කිඳා බහින්න පුලුවන්. ඊට පස්සේ වාහනේ handbrake එක ඇද ගන්න ඕනේ. ඔබට තියෙන්නේ manual වාහනයක් නම් ගියර් එකට දාගන්න. ඊට පස්සේ ඔබට පුලුවන් ටයර් එක ගලවන්න පටන් ගන්න.

ඇණ වල පොට යවන්න එපා

ගොඩක් අය ටයර් ගලවනකොට ඇණ වල පොට යෑම සිදු වෙනවා. මෙහෙම වෙන්න හේතුව තමයි machine එකෙන් වාහනයේ රෝද වල ඇණ තද කිරීම. සමහර අය balance කරන්නේ නැතුව ඇණ තද කිරීම සිදු කරනවා. ඉතින් මේ විදිහට ඇණ වල පොට ගියොත් නම් ඒක නිවැරදි කරගන්න ඔබට ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා. සාමන්‍යයෙන් ටයර් එකක් ගලවනකොට දකුණු පැත්තට තමයි කරකවන්න ඕනේ.

හරිම පැත්තටම ඇණ තද කරන්න

සාමාන්‍යයෙන් ඇණයක් තද කරන්න ඕනේ පැත්තක් තියෙනවා. ඒක වාහනයේ ටයර් එකටත් අදාළයි. ඒ නිසා ඔබට ටයර් එක ගලවලා නැවත සවි කිරීමේදී නිවැරදි පැත්තට ඇණ තද කරන්න වග බලා ගන්න ඕනේ.

ඒ වගේම සමහර රෝද වල ඇණ හතරක් අපිට බලා ගන්න පුලුවන්. හැබැයි ඇණ පහක් වගේම හයක් තියෙන රෝදත් අපිට බලා ගන්න පුලුවන්. ඇණ හතරක් තියෙනවා නම් මුලින්ම අපි සමාන්තරව තියෙන ඇණ දෙක තද කරගන්න ඕනේ. මොකද එතකොට ටයර් එක පැත්තට හැරෙන්නේ නැහැ. ඇණ පහක් තියෙනවා නම් ත්‍රිකෝණාකාරව තියෙන ඇණ ටික මුලින්ම තද කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අනෙක් ඇණ දෙක තද කරන්නේ.

ටයර් එකක් මාරු කරන නිවැරදි පිළිවෙල

1. Cross wheel rim spanner එක සහ jack එක ගෙන සූදානම් වෙන්න. ඊට පස්සේ වාහනයේ hand brake අදින්න. මතක ඇතුව අනෙක් රෝද වලට stoppers තබන්න.

2. Rim spanner එකෙන් ටයර් එකේ ඇණ මදක් බුරුල් කරන්න.

3. Jack එක මඟින් වාහනය ඔසවන්න.

4. ගලවන ටයර් එක වෙනුවට සවි කරන ටයර් එක ළඟට ගන්න.

5. කලින් බුරුල් කෙරූ ඇණ සියල්ල ඉවතට ගෙන රෝදය වාහනයෙන් ගලවා ගන්න.

6. රෝදය සවි කර ඇණ සියල්ල හොඳින් තද කරන්න.

7. Jack එක සෙමින් ඉවත් කරන්න.

ඉතින් මේ විදිහට තමයි වාහනය ටයර් එකක් හරියටම මාරු කරන්නේ. වැඩේ ලේසියි වගේ හිතුනට හිතන තරම්ම ලේසි නැහැ. මොකද ටයර් සවි කිරීමේදී ඔබේ අතින් පොඩි අත්වැරැද්දක් වුණත් ජීවිතය පවා නැති වෙන්න පුලුවන්. ඒ නිසා ඔබට ටයර් මාරු කිරීම පිළිබඳව කිසිදු අත්දැකීමක් නැත්නම් මෝටර් කාර්මිකයෙක් හමුවෙලා ඒ පිළිබඳව දැනුවත් වෙන එක තමයි හොඳම දේ. එහෙමත් නැත්නම් ඔබට පුලුවන් තනියම ටයර් එක මාරු කළාට පස්සේ මෝටර් කාර්මිකයෙකු ලවා එය පරික්ෂා කරවාගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Mitsubishi Montero 3800 cc V6 2003 for Sale

Mitsubishi Montero 3800 cc V6 2003

175,600 km, Colombo
MEMBER
Rs 12,500,000
2 weeks ago
Nissan Dayz HighwayStarX/2Tone 2024 for Sale

Nissan Dayz HighwayStarX/2Tone 2024

3,300 km, Colombo
verified MEMBER
verified
Rs 9,350,000
59 seconds ago
Nissan Patrol TD42 1st owner SGL 2014 for Sale

Nissan Patrol TD42 1st owner SGL 2014

160,000 km, Colombo
verified MEMBER
Rs 37,500,000
2 minutes ago
Toyota Axio WXB 2017 for Sale

Toyota Axio WXB 2017

108,000 km, Colombo
MEMBER
Rs 12,500,000
3 days ago
Nissan Dayz Highway Star X 2024 for Sale

Nissan Dayz Highway Star X 2024

3,100 km, Colombo
verified MEMBER
verified
Rs 9,200,000
5 minutes ago
Auto Parts for saleikman logo
Pioneer 2K HDR Car Camcorder for Sale

Pioneer 2K HDR Car Camcorder

verified MEMBER
verified
Rs 34,500
7 minutes ago
Ford Door Visors for Sale

Ford Door Visors

verified MEMBER
verified
Rs 45,000
10 minutes ago
MERCEDES BENZ GLC 22

MERCEDES BENZ GLC 22" Alloy Wheels

verified MEMBER
Rs 650,000
12 minutes ago
Honda Vezel Tail Lights for Sale

Honda Vezel Tail Lights

verified MEMBER
Rs 34,500
30 minutes ago
Interior Wooden Set for Sale

Interior Wooden Set

verified MEMBER
verified
Rs 124,500
31 minutes ago
+ Post an ad on ikman