Electric වාහන වල බැටරිය අලුත් වැඩියා කළ හැකිද?

02 Jun, 2023   
Electric වාහන වල බැටරිය අලුත් වැඩියා කළ හැකිද?

අද ලෝකයේ බොහෝ වාහන බලගන්වන්න නොයෙක් බැටරි වර්ග යොදා ගන්නවා. මේ බැටරි යම් කාලසීමාවක් භාවිතා කරනකොට විවිධ දෝෂ මතු වෙන්න ගන්නවා වගේම භාවිතයෙන් ඉවත් කරන්න සිදු වෙන අවස්ථාත් ඕනේ තරම් තියෙනවා. අද CarsGuide තුළින් අපි ඔබට කියන්නේ electric වාහන වල බැටරිය පිළිබඳවයි.

දැනට පවතින electric වාහන බැටරි වර්ග

  • Lithium-ion batteries
  • Nickel-metal hydride batteries
  • Lead-acid batteries
  • Ultracapacitors

Electric වාහන බැටරියක කල්පැවැත්ම

Electric වාහන බැටරි අනෙකුත් බැටරි වලට වඩා තරමක් මිල අධික බවින් යුක්තයි. නමුත් electric වාහන බැටරි බොහෝ පෙට්‍රල් හෝ ඩීසල් මෝටර් රථ බැටරි පවතින තාක්කල් පවතිනවා. සාමාන්‍යයෙන් කිව්වොත් electric වාහන බැටරි වසර 10-20 අතර හෝ සැතපුම් 500,000 අතර කාල සීමාවක් පවතිනවා.

බැටරි ක්ෂය වීම

Electric වාහන බැටරි සමඟ ඇති ප්‍රධාන ගැටළුව වන්නේ බැටරි ක්ෂය වීම හරහා කාලයත් සමඟ ඒවායේ ධාරිතාව නැති වීමයි.නිෂ්පාදනයේදී බැටරියේ උපරිම ධාරිතාව සහ එහි වත්මන් ධාරිතාව අතර වෙනස එහි සෞඛ්‍ය තත්ත්වය (SOH) ලෙස අපි හඳුන්වනවා.Lithium-ion බැටරි කියන්නේ වඩාත් ජනප්‍රිය electric වාහන බැටරි වර්ගයක්. ඉලෙක්ට්‍රෝලය සමඟ අතුරු ප්‍රතික්‍රියා හරහා ලිතියම් අයන නැති වූ විට මේවා ක්ෂයවෙන්න පුලුවන්.

Electric වාහන බැටරියක් අලුත්වැඩියා කළ හැකිද?

ඔව් ඇත්තටම පුලුවන්. අපි බැටරි පැකේජය තනි කොටසක් ලෙස සිතමු. නමුත් ඇත්ත වශයෙන්ම එය විවිධ මට්ටම් තුනකට බෙදා දැක්වෙනවා.

උදාහරණයක් විදියට BMW i3 බැටරි සෛල 96 ක් තිබෙනවා. මෙහිදී සෛල 12 ක් තනි මොඩියුලයකට ඒකාබද්ධ කර ඇති අතර, මොඩියුල 8 ක් ඒකාබද්ධ කර තනි බැටරි පැකට්ටුවක් සාදා තිබෙනවා. ගොඩක් වෙලාවට එක් මොඩියුලයක් පමණක් දෝෂ සහිත වන අතර සම්පූර්ණ බැටරිය නොවේ. උදාහරණයක් ලෙස, බැටරි සංවේදක වටා ඇති විඛාදනය බැටරි කළමනාකරණ පද්ධතියට දෝෂයක් සංඥා කරන්න පුලුවන්. මේ හේතුව නිසා වාහනයේ ක්‍රියාකාරීත්වය නතර වීම පවා සිදු වෙන්න පුලුවන්.

මේ විදියට අපිට පුලුවන් electric වාහන බැටරියක් අලුත් වැඩියා කරන්න. නමුත් අලුත්වැඩියා කිරීම විකල්පයක් නොවේ නම්, විදුලි මෝටර් රථ බැටරි බොහෝ විට replace කරන්නම වෙන්වා.

දැන් ඔබට තේරෙනවා නේද electric වාහන වල බැටරිය අලුත් වැඩියා කරන්න පුලුවන්ද බැරිද කියලා. බැටරියේ එන දෝෂය අනුව ඔබට අලුතෙන් බැටරියක් ගන්න ඕනෙද නැත්නම් තියෙන බැටරිය අලුත්වැඩියා කරලා නැවත භාවිතයට ගන්න පුලුවන්ද කියන එක තීරණය වෙනවා.

Similar Advices



2 comments

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Hustler 2018 2016 for Sale

Suzuki Hustler 2018 2016

125,000 km, Kegalle
MEMBER
Rs 6,300,000
1 week ago
Micro Panda Cross 2013 for Sale

Micro Panda Cross 2013

52,291 km, Colombo
MEMBER
Rs 3,100,000
1 month ago
Toyota Hilux Revo 4*4 AT 2025 for Sale

Toyota Hilux Revo 4*4 AT 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 26,500,000
2 weeks ago
Suzuki Spacia XS Customs 2024 for Sale

Suzuki Spacia XS Customs 2024

650 km, Colombo
verified MEMBER
Rs 10,000,000
12 minutes ago
Suzuki Spacia Custom XS Turbo 2024 for Sale

Suzuki Spacia Custom XS Turbo 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 10,650,000
1 week ago
Auto Parts for saleikman logo
Chrysler Dodge O2 Sensor Oxygen for Sale

Chrysler Dodge O2 Sensor Oxygen

MEMBER
Rs 19,500
10 minutes ago
J150 /Hilux Allow Wheel Set 17 Inch for Sale

J150 /Hilux Allow Wheel Set 17 Inch

verified MEMBER
Rs 250,000
1 week ago
Duke 200 Handle for Sale

Duke 200 Handle

MEMBER
Rs 6,500
14 minutes ago
Duke 200 Handle for Sale

Duke 200 Handle

MEMBER
Rs 6,500
15 minutes ago
+ Post an ad on ikman