ඔබත් වාහනයට මේ දේවල් කරනවද?

22 Feb, 2024   
ඔබත් වාහනයට මේ දේවල් කරනවද?

අපි වාහනයක් ගන්නේ අපේ හැම වැඩක්ම පහසු කරගන්න. හැබැයි ඔයා හිතන්නේ නැතුව කරන්න වැරදි නිසා වාහනයට damage වෙන්න පුළුවන් වගේම ඔයාට වෙන්න පුළුවන් අනතුරුත් වැඩියි. ඒ නිසා CarsGuide අපි අද කතා කරන්නේ කවදාවත් වාහනයට කරන්න හොඳ නැති දේවල් මොනවද කියලා.

වාහනයට අධික ලෙස බර දාන්න එපා

සාමාන්‍යයෙන් වාහනයක් අධික ලෙස බර දාන්න හදලා තිබ්බට ඔයාට ඕනේ ඕනේ විදිහට වාහනයට බර දාන්න පුළුවන් කියන දේ ඒකෙන් අදහස් කරන්නේ නැහැ. ඉතින් ඔයා ඒ විදිහට වාහනයට අධික ලෙස බර දානවා නම්, බර වැඩි වෙන කොට brake සහ drive train වලට වැඩි වෙහෙසක් දෙන්න වෙනවා. ඒ වගේම වාහනයට අධික විදිහට බර දාන එකෙන් වාහනයේ ඉන්ධන දහනය වෙනවා වැඩියි වගේම වාහනයට damage වෙන්න පුළුවන් ප්‍රමාණයත් වැඩියි.

Gear මාරු කරද්දී සැළකිලිමත් වෙන්න

ඔයා වාහනයේ gear මාරු කරද්දී කෙටි gear මාරු කරගන්න මතක තියාගන්න. ඒකෙන් ඔයාගේ වාහනයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න වගේම gear box එකේ ගැටළු මඟහරවා ගන්නත් පුළුවන්. ඔයා අඩු gear වල වේගයෙන් වාහනයේ gear මාරු කරනවා නම්, ඒ දේ වාහනයේ engine එකට ලොකු ආතතියක් ඇති කරන්න පුළුවන්. ඒ නිසාම engine එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා.

Park කරද්දී සැළකිලිමත් වෙන්න

ඔයා අඹ ගහක් යට වාහනය නවත්වනවා නම් ඒකෙන් ඔයාගේ වාහනයේ වහලෙට වගේම bonnet එකට හානි වෙන්න පුළුවන්. වාහනයේ paint color එක වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මේකට හේතුව වෙන්නේ අඹ කිරි. ඉතින් ඔයා වාහනය park කරද්දී අවට වටපිටාව ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න මතක තියාගන්න.

Air freshener කැට තියන්න එපා

Air freshener කැට අව්ව වැටුණම දිය වෙන්න බලනවා. ඉතින් ඔයා අව්ව තැනක වාහනය නතර කරලා යනව නම් ඒ වගේ වෙලාවට air freshener කැටේ අව්වට නිරාවරණය වෙලා ඔයාගේ dashboard එකට ලොකු damage එකක් වෙන්න පුළුවන්. ඉතින් කවදාවත් air freshener කැට dashboard එක උඩ තියන්න එපා.

වාහනය ඉටි රෙදි වලින් වහන්න එපා

වාහනය ඉටි රෙදි වලින් වැහුවමත් වාහනයේ paint එකට හානි වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැස්සට තෙමිලා අව්වට රත් වුණාම ඉටි රෙද්දේ තීන්ත වාහනයේ තීන්ත එක්ක එකතු වෙලා paint colour එක වෙනස් වෙනවා. ඉතින් එහෙම වුණාම cut කරලවත් polish කරලවත් වාහනයේ ඉස්සර පෙනුම ආයේ ගන්න වෙන්නේ නැහැ. වාහනය අලුතින්ම paint ක‍රන්න වෙනවා.

වාහනය service කරද්දී සැළකිලිමත් වෙන්න

වාහනය service එකට දාද්දී වාහනය පිරිසිදු කරන්න විවිධ chemicals වර්ග දානවා. ඉතින් ඒ වගේ chemicals නිසා ඔයාගේ වාහනය damage වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වාහනයේ dicky shop වලට oil, chemicals වගේ කිසිම දෙයක් දාන්න හොඳ නැහැ. ඒකෙන් dicky shop වල tension අඩු වෙනවා වගේම dicky shop වල තියෙන rubber bush උණු වෙන්න පුළුවන්.

වාහනයේ sanitizer තියන්න එපා

ඔයා වාහනය අව්වේ නතර කරලා යන වේලාවක sanitizer එක අව්වට නිරාවරණය වෙලා ඔයාගේ වාහනය ගිනිගන්න පුළුවන්. ඒ නිසා කවදාවත් අව්වට නිරාවරණය වෙන විදිහට sanitizer වාහනය ඇතුළේ තියන්න එපා.

වාහනය ඇතුළට spray ගහද්දී සැළකිලිමත් වෙන්න

ගොඩක් අය වාහනය ඇතුළේ විවිධ spray වර්ග ගහනවා. ඉතින් මේ spray වල තියෙන chemicals වලින් වාහනයේ උපාංග වලට damage වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වාහනය ඇතුළේ spray ගහනකොට ඒ ගැනත් සැළකිලිමත් වෙන්න මතක තියාගන්න.

ඔයත් නොදැනුවත්ව මේ වැරදි කරනවද? ඉතින් ඔයාට වෙන්න පුළුවන් අනතුරු වගේම වාහනේට වෙන්න පුළුවන් අනතුරුත් වළක්වගන්න නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan Qashqai Tekna Fully Loaded 2019 for Sale

Nissan Qashqai Tekna Fully Loaded 2019

83,000 km, Colombo
verified MEMBER
Rs 13,800,000
1 week ago
Honda Fit GP-1 2012 for Sale

Honda Fit GP-1 2012

200,000 km, Colombo
MEMBER
Rs 6,500,000
1 month ago
BMW 520d F10 2012 for Sale

BMW 520d F10 2012

159,000 km, Gampaha
MEMBER
Rs 20,500,000
3 days ago
Honda City RS TURBO SPORTS 2025 for Sale

Honda City RS TURBO SPORTS 2025

1 km, Colombo
verified MEMBER
verified
Rs 14,350,000
6 days ago
Micro Panda 2016 for Sale

Micro Panda 2016

74,200 km, Kalutara
MEMBER
Rs 2,975,000
5 days ago
Auto Parts for saleikman logo
Car Audio System for Sale

Car Audio System

MEMBER
Rs 7,500
17 minutes ago
used tyre 175/70/14 for Sale

used tyre 175/70/14

verified MEMBER
verified
Rs 6,500
26 minutes ago
used tyre 265/70/16 for Sale

used tyre 265/70/16

verified MEMBER
verified
Rs 14,000
31 minutes ago
used tyre 195/65/15 for Sale

used tyre 195/65/15

verified MEMBER
verified
Rs 9,250
35 minutes ago
+ Post an ad on ikman