වාහනයක් සෝදන නිවැරදිම ක්‍රමය

06 Feb, 2024   
වාහනයක් සෝදන නිවැරදිම ක්‍රමය

ඔබට මතකද වාහනය ගත්තු මුල් දවස්? නියමිත කාලෙ ආවම හොඳට wash කරනවා, සීරිමක්වත් වෙන්න් දෙන්නේ නැහැ. හැබැයි වාහනය අරන් අවුරුද්දක් විතර යනකොට, වාහනය wash කරන්න time එකක් හොයා ගන්නෙත් හරිම අමාරුවෙන්. කොහොම හරි වාහනය wash කළා කියමුකෝ. හැබැයි ඒක හරියටම වුණාද නැද්ද කියලා ඔබ දන්නවද? අන්න ඒ හේතුව නිසා, CarsGuide අපි අද ඔබට කියන්නේ, වාහනයක් wash කරන නිවැරදිම ක්‍රමය ගැන.

වාහනය wash කරන්නේ කොහොමද?

අපි ඔබෙන් ඇහුවොත්, ඔබ වාහනය wash කරන්නේ කොහොමද කියලා, මොකක්ද ඔබේ උත්තරය? “Hose එක වාහනයට watura අල්ලලා සබන් ගාලා rub කරනවා. ආයෙ hose එක අල්ලලා වතුරෙන් සබන් ටික wash කරලා පිහදානවා” මේක තමයි බොහෝ දෙනාගේ උත්තරය. මේ ක්‍රමය ගොඩක් ලේසියි. හැබැයි මේ වැරදි ක්‍රමයක්. මේ විදිහට එච්චර හිතන්නේ නැතුව වාහනය wash කරන එකෙන්, වාහනයේ exterior look එකට වගේම කල් පැවැත්මටත් ලොකු damage එකක් ඇති වෙනවා. වාහනය නිවැරදිව wash කරන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසියාකාරව steps කිහිපයකින් කරන්න ඕන වැඩක්. හැබැයි මේ දේ සාර්ථකව කර ගන්න පුළුවන් නම් වාහනය අද ඊයේ ගත්තා වගේ ලස්සනට තියා ගන්න පුළුවන් වෙනවා.

හැමදාම wash කරන්න ඕනෙද?

වාහනයක් ගත්ත මුල් දවස් වල නම්, වාහනය wash කරන එක පුරුද්දක් වගේනේ. හැබැයි අවුරුද්දක් දෙකක් යනකොට අපිට මේ දේ අමතක වෙලා යනවා. මොකද වාහනය අරගෙන ටිකක් කල්නේ. හැබැයි මේක වාහනයට නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි. වාහනයක් නිතරම wash කරන්න හොඳ නැහැ වගේම, ගොඩක් කල් wash කරන්නේ නැතුව ඉන්න එකත් හොඳ නැහැ. ඒ නිසා සතියකට පාරක් වාහනය wash කරන්න. ඒක මඟ හරින්න නම් එපා.

මුලින්ම දූවිලි ඉවත් කරන්න

වාහනයක් wash කරන්න කලින් මුලින්ම කරන්න ඕන දේ තමයි, වාහනයේ තියෙන කුණු දූවිලි ඉවත් කර ගන්න එක,වාහනයේ ඉහළ සිට පහළ කොටස් වලට පැතිරෙන විදිහට වතුර දාලා clean කර ගන්න. හැබැයි මෙතනදි වාහනය rub කරන්න යන්න එපා. මේ විදිහට පිරිසිදු කර ගත්තට පස්සේ,වාහනයේ තියෙන පැල්ලම් හොඳින් නිරීක්ෂණය කර ගන්න අපට පුළුවන් වෙනවා. අවශ්‍ය නම් වාහනය wash කරන්න කලින්, bug & tar remover එකක් භාවිතයෙන් මේ පැල්ලම් ඉවත් කර ගන්න.

හිරු රශ්මිය සහ ආලෝකය ගැන සැළකිලිමත් වෙන්න

දැඩි හිරු රශ්මියක් තියෙන දවල් කාලයක වාහනය wash කරන්න හොඳ නැහැ. එහෙමයි කියලා වාහනය wash කරන්නේ නැතුව ඉන්න එපා. සෙවණක ඉඳන් හරි වාහනය wash කරන්න. හැබැයි අව් රශ්මිය නිසා උදේ වරුවක හරි එළිය අඩු හවස් වරුවක හරි වාහනය wash කරන්න මතක තියාගන්න. මොකද සෙවණක ඉඳන් වාහනය wash කළාට, එතන ආලෝකය මදියි නම් wash කිරීමෙන් වාහනයට ලැබෙන look එක ගැන හරි අවබෝධයක් ගන්න අමාරුයි. ඒ නිසා වාහනය wash කරනකොට හිරු රශ්මිය වගේම ආලෝක තත්වය ගැනත් සැළකිලිමත් වෙන්න. ඒ වගේම තමයි වාහනය රත් වෙලා තියෙන මොහොතක හරි, drive කරපු ගමන් හරි වාහනය wash කරන්න එපා.

නියමිත detergent භාවිතා කරන්න

වාහන wash කරන්නම හදපු shampoo වර්ග තියෙනවා. ඔබ ඒවා තමයි, වාහනය wash කරන්න ගන්න ඕනේ. පිඟන් සෝදන්න භාවිතා කරන dish wash, නැත්නම් ඔබ use කරන body wash, shampoo වගේ දේවල් වාහනයකට match වෙන්නේ නැහැ. Car wash service center වල වාහන වෙනුවෙන්ම හදපු detergent තියෙනවා. එමඟින් වාහනයක් හොඳින් clean කරන්න පුළුවන්. හැබැයි ඒවා සැර chemical වලින් හදලා තියෙන නිසා, ඒවා භාවිතා කරලා නිතර නිතර වාහනය wash කිරීමෙන් වාහනයේ paint එක damage වෙන්න පුළුවන්. ඒ නිසා supermarket වල තියෙන කවුරුත් දන්න සාමාන්‍ය detergent එකකින් ගෙදරදීම වාහනය wash කරන එක තමයි වාහනයට කරන්න පුළුවන් ලොකුම සැළකිල්ල.

වතුර bucket දෙකක් භාවිතා කරන්න

වාහනය wash කරන්න ඕන වෙන්නේ, shampoo එකයි, වතුර bucket දෙකයි. මේ point එක වරද්ද ගත්න නිසා තමයි ගොඩක් වාහන වල සිරීම් වෙලා තියෙන්නේ. මුලින් කරන්න ඕනේ කුඩා bucket දෙකක් ගන්න එක. අපි shampoo එක හදා ගන්න බකට් එකටම නැවත නැවත sponge එක දමමින් වාහනය wash කරනකොට, sponge එකේ රැඳෙන වැලි, කුණු සහ දූවිලි වලින් වාහනය සිරීම් වලට ලක් වෙනවා. ඒ නිසා තමයි bucket දෙකක් ගන්නේ. එක bucket එකකට වාහන සේදුම්කාරකය එය අඩංගු බෝතලයේ සඳහන් උපදෙස් විදිහට නියම මාත්‍රාවට යොදලා, වාහන සේදුම්කාරක මිශ්‍රණය හදා ගන්නවා. අනෙක් bucket එකට පිරිසිදු වතුර පුරවා ගන්න ඕනේ. එක පාරක් detergent එකේ පොඟවලා rub කිරීමෙන් පස්සේ පිරිසිදු වතුර bucket එකට sponge එක දාලා පිරිසිදු කර ගෙන තමයි නැවත වාහනයේ detergent ගාන්න ඕනේ.

වාහනය dry කරන්න

ගොඩක් අය වාහනය wash කරාට පස්සේ එහෙම්මම තියෙනවා.ඒකත් එක්ක වෙන දෙය් තමයි වාහනයේ paint එකේ water marks හිටිනවා. හේදුවට පස්සේ microfiber cloth එකකින් තද කරන්නේ නැතුව body එකේ තියෙන වතුර ඉවත් කරගන්න ඕනේ. cloth මිරිකලා වතුර අයින් කරලා නැවත body එක පිහදාන්න ඕනේ.

Paint protective product එකක් use කරන්න

දැන් වාහනය wash කරලා ඉවරයි,ඒත් paint එක දැන් optimum ඔයාට protection product එකක් භාවිත කරන්න, Wax, Ceramic coating වගෙ දෙයක් දැන් apply කරොත් paint එක UV ඒවගෙම minor scratches වලින් protect වෙනවා වගෙම, ඊළඟ wash එකට interval එකකුත් තියාගන්න පුලුවන්.

මේ තමයි වාහනයක් wash කරන නිවැරදිම ක්‍රමය. ඔබ මෙච්චර කල් වාහනය wash කළේ මේ විදිහට නෙවෙයි නම් අද ඉඳලා අපි කියපු විදිහට වාහනය wash කරන්න. එතකොට ඔබට පුළුවන්, ගත්තු මුල් දවස් වල වගේම පෙනුමට සහ අලුත් විදිහට වාහනය තියාගන්න.

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Spacia Custom 2015 for Sale

Suzuki Spacia Custom 2015

112,960 km, Colombo
MEMBER
Rs 6,375,000
1 week ago
Toyota Land Cruiser Sahara HIGHEST SPEC LC300 2007 for Sale

Toyota Land Cruiser Sahara HIGHEST SPEC LC300 2007

170,000 km, Colombo
MEMBER
Rs 55,000,000
5 days ago
Toyota CHR NGX 10 2018 for Sale

Toyota CHR NGX 10 2018

45,000 km, Colombo
MEMBER
Rs 16,500,000
1 hour ago
Toyota Allion 2007 for Sale

Toyota Allion 2007

180,000 km, Colombo
MEMBER
Rs 9,000,000
1 hour ago
Toyota Corolla 2008 for Sale

Toyota Corolla 2008

180,000 km, Puttalam
MEMBER
Rs 5,850,000
4 days ago
Auto Parts for saleikman logo
185/65R15 Blackhawk Tyre for Sale

185/65R15 Blackhawk Tyre

verified MEMBER
Rs 22,000
1 hour ago
Honda Gp1 Masuma Spark plugs for Sale

Honda Gp1 Masuma Spark plugs

verified MEMBER
Rs 4,800
1 hour ago
Toyota Prado TRJ150 Air Filter for Sale

Toyota Prado TRJ150 Air Filter

verified MEMBER
Rs 7,450
2 hours ago
Kia Sorento Diesel Fuel Filter for Sale

Kia Sorento Diesel Fuel Filter

verified MEMBER
Rs 6,450
2 hours ago
Toyota Prius 30 Filter Package for Sale

Toyota Prius 30 Filter Package

verified MEMBER
Rs 10,250
2 hours ago
+ Post an ad on ikman