Engine එක නිවැරදිව රැක බලා ගමු

04 Dec, 2023   
Engine එක නිවැරදිව රැක බලා ගමු

වාහනයක හදවත විදිහට අපිට වාහනයේ engine එක හඳුන්වන්න පුලුවන්. මොකද engine එක හරහා තමයි වාහනයට අවශ්‍ය කරන ශක්තිය පරිවර්තනය වෙන්නේ. මේ ක්‍රියාවලිය තව ටිකක් විස්තර කළොත් ඉන්ධන දහනයෙන් ලබා ගන්නා තාප ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පරිවර්තනය කරන්න පුලුවන් උපකරණය තමයි engine එක.

දැන් ඔබට තේරෙනවා ඇතිනේ engine එක වාහනයට මොනතරම් වැදගත් වෙනවද කියලා. ඉතින් ඒ නිසා CarsGuide අපි අද ඔබට කියන්නේ වාහනයේ හදවත වගේ වෙන engine එක නිවැරදිව රැක බලා ගන්නේ කියලා.

1. හරි කාලයට engine oil මාරු කරන්න

Engine oil කියන්නේ වාහනයේ engine එකේ චලනය වෙන කොටස් හොඳින් ලිහිසි කර තබා ගැනීමට උපකාරී වෙන තරලයක්. Engine oil නිසි පරිදි තියෙනවා නම් මේ ක්‍රියා කරන කොටස් ගෙවී යාම අවම වෙනවා. ඒ වගේම දූවිලි වගේ අපිරිසිදු අංශු රඳවා තබා ගැනීමටත් engine oil උපකාරී වෙනවා. ඉතින් engine oil වලට පුලුවන් ඔබේ engine එක නිවැරදිව ක්‍රියා කරවන්න. ඒ නිසා මසකට වරක් engine oil මට්ටම පරීක්ෂා කරන්න අමතක කරන්න එපා. ඊට අමතරව ඔබේ oil grade එක සහ manufacturer’s recommendation වලට අනුව oil නිසි පරිදි මාරු කිරීමත් අනිවාර්යයයි.

2. Cooling system එක පරීක්ෂා කරන්න

Engine එක රැක ගන්න නම් ඔබ කරන්න ඕනේ තවත් දෙයක් තමයි නිතර cooling system එක පරීක්ෂා කිරීම. මොකද අධික තාපය නිසා engine එකේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුලුවන්. Engine එකේ heat එක වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි එය සෑදීම සඳහා භාවිතා කරන විවිධ ලෝහ වර්ග. ඉතින් engine එක රත් වීම පාලනය සඳහා වාහන නිෂ්පාදකයින් විසින් cooling system එකක් ලබා දීලා තියෙනවා. Cooling system එක නිවැරදිව ක්‍රියා කිරීම engine එකේ ආයු කාලය වැඩි කරගන්න උපකාරී වෙනවා.

3. කාන්දුවීම් ගැන අවධානයෙන් ඉන්න

වාහනය නැවැත්වීමෙන් පසුව නැවත start කිරීමේදී, වාහනය නවතා තිබූ තැන බිම oil හෝ ඉන්ධන කාන්දු වී ඇත්දැයි සැලකිලිමත් වෙන්න. ඉන්ධන හෝ oil කාන්දු වී ඇත්නම් වහාම මෝටර් කාර්මිකයෙකු ලවා වාහනය පරීක්ෂා කරවා ගන්න. මෙලෙස ඉන්ධන කාන්දු වෙනවාද කියා hood එක යට පරීක්ෂා කිරීමෙන්ද දැන ගන්න පුලුවන්.

4. දිගටම ඉන්ධන reserve මට්ටමෙන් භාවිතා කරන්න එපා

ඕනෑම ඉන්ධන වර්ගයක යම් අපිරිසිදු අංශුන් අන්තර්ගත වෙනවා. කාලයක් යනකොට මේ අපිරිසිදු දූවිලි අංශු ඉන්ධන ටැංකියේ පතුලේ තැන්පත් වෙනවා. මේ අංශු engine එකට ගියොත් engine එක ක්‍රියාවිරහිත වෙන්න පවා පුලුවන්. ඒ නිසා කිසිම අවස්ථාවක දිගු කාලයක් ඉන්ධන reserve මට්ටමෙන් භාවිතා කරන්න එපා.

5. Belts පරීක්ෂා කරන්න

Engine එකක් ක්‍රියාත්මක වන විට සෑම දෙයක්ම සුමටව තබා ගැනීමට rubber belts අත්‍යවශ්‍ය වෙනවා. ඔබට Hood එක යටින් squeal ශබ්දයක් ඇසුණොත් අනිවාර්යයෙන්ම rubber belts මාරු කරන්න ඕනේ. ඒ වගේම නිතරම rubber belts වල ඉරිතැලීම් සහ ඇඳීම් සලකුණු තිබෙනවාද කියා පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍යයි. මොකද engine එක ක්‍රියා කරන අවස්ථාවක rubber belts damage වුණොත් ඔබට අමතරව ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා engine එක යථාතත්වයට පත් කර ගන්න.

ඉතින් මේ විදිහට තමයි වාහනයේ හදවත වගේ තියෙන engine එක හරියට රැක බලා ගන්නේ. මීට අමතරව fuel filter එක replace කිරීම, spark plugs සහ wires replace කිරීම මඟිනුත් engine එක රැක ගන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Vezel Z 2025 for Sale

Honda Vezel Z 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 19,500,000
1 week ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

60,000 km, Colombo
MEMBER
Rs 26,000,000
14 minutes ago
Toyota Premio G Superior 2017 for Sale

Toyota Premio G Superior 2017

68,000 km, Galle
MEMBER
Rs 16,500,000
26 minutes ago
Toyota Vitz Edition 3 2019 for Sale

Toyota Vitz Edition 3 2019

33,000 km, Ratnapura
MEMBER
Rs 7,025,000
27 minutes ago
Mercedes Benz C200 Premium Plus 2018 for Sale

Mercedes Benz C200 Premium Plus 2018

46,000 km, Kurunegala
MEMBER
Rs 25,400,000
29 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
2 weeks ago
175 / 65 15 Tyres for Sale

175 / 65 15 Tyres

verified MEMBER
Rs 4,500
13 minutes ago
295/80/22.5 Truck Tyres for Sale

295/80/22.5 Truck Tyres

verified MEMBER
Rs 15,000
41 minutes ago
Toyota Aqua Japanese Shock Mount for Sale

Toyota Aqua Japanese Shock Mount

verified MEMBER
verified
Rs 13,500
51 minutes ago
+ Post an ad on ikman