වාහන බැටරි වල ඇතිවන දෝශ සහ ඒවාට පිළියම්

28 Jul, 2023   
වාහන බැටරි වල ඇතිවන දෝශ සහ ඒවාට පිළියම්

වාහනයක battery එක ප්‍රමාණයෙන් පොඩි වුණත්, battery එක කියන්නේ වාහනයකට ගොඩක් වැදගත් අංගයක්. මොකද ක්‍රියාකාරී battery එකක් නැතුව engine එකක් පණගැන්වීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ battery එකක් නැතුව වාහනයක් start කරන්න බැහැ. වාහනයකට මේ තරම් වටින battery එකේ දෝෂයක් ඇති වුණා කියන්නේ මුලු වාහනයම කැඩුණා වගේ තමයි. ඉතින් ඒ නිසා CarsGuide අපි හිතුවා වාහන බැටරි වල නිතර ඇතිවන දෝශ සහ ඒවාට ගත හැකි පිළියම් ගැන ඔබව දැනුවත් කරන්න.

සාමාන්‍ය battery දෝෂ

ඔබේ වාහනයේ engine එක cranks වුණොත්, වාහනය start වෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම battery එක dead වෙලා තියෙන්න පුලුවන්. ඉතින් battery එක dead වීමට හේතු දැනගෙන හිටියොත් ඔබට පුලුවන් මේ වගේ තත්ත්ව අවම කරගන්න. ඒ නිසා අපි බලමු battery එක dead වෙන්න හේතු මොනවද කියලා.

1. දිගු වෙලාවක් headlights on කර තැබීම

ඔබේ වාහනයේ battery එකට headlights වගේ electrical features ක්‍රියාත්මක කිරීමට පුලුවන් කෙටි කාලයකට විතරයි. ඉතින් වැරදීමකින් හෝ අමතක වීමකින් වාහනය නවතා තිබෙන විට headlights දිගු වෙලාවක් on කරලා තිබ්බොත් ඔබේ vehicle battery එක dead වෙන්න පුලුවන්.

2. Electrical problems

ඔබේ වාහනයේ Electrical problems තියෙනවා නම් ඒකත් හේතු වෙනවා වාහනයේ battery එක dead වෙන්න.විශේෂයෙන් දෝෂ සහිත රැහැන් සහ අනෙකුත් විදුලි ගැටළු parasitic drain වලට හේතු වෙනවා. එමඟින් ignition එක off කළත් battery එකෙන් power එක කාන්දු වෙන්න පුලුවන්. ඉතින් ඔබේ වාහනයේ battery එක නිතරම ලෙඩ දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒක Electrical problems වල ලක්ෂණයක් වෙන්න පුලුවන්.

3. Charging system එකේ දෝෂ

සාමන්‍යයෙන් හැමෝම දන්නා කරුණක් නේ වාහනයක් drive කරනකොට battery එක charge වෙනවා කියන එක. හැබැයි වාහනය drive කරනකොටත් battery ආරෝපණය අඩු වෙනවා නම් ඒකට හේතු වෙන්නේ charging system එක දෝෂ සහිත වීම.

4. ඉතා උණුසුම් හෝ ශීත කාලගුණය

අපිට කාළගුණය පාලනය කරන්න බැහැ. හැබැයි කාළගුණයට පුලුවන් අපේ battery health එක පාලනය කරන්න. කාළගුණයට පුලුවන් ඔබේ battery එක charge වීමට ගත වෙන කාලය දීර්ඝ කරන්නත්. ඒ විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම charge වෙන එක නවත්වන්නත් ඉතා උණුසුම් හෝ ශීත කාලගුණයට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා කාළගුණ වෙනස්වීම් වලදී වාහනයේ battery එක ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා.

5. වැඩියෙන් කෙටි දුර ධාවනය

අපි වාහනයක් ගන්නේ අපේ ගමනාගමනය පහසු කරගන්න. හැබැයි එහෙමයි කියලා නිතර නිතර කෙටි දුරවල් යාම සඳහා වාහනය භාවිතා කරනවා නම් ඒකෙන් වෙන්නේ ඔබේ වාහනයේ battery health එක අඩු වෙන එක. ඒකට හේතුව තමයි වැඩියෙන් කෙටි දුර ධාවනය නිසා battery එක වෙහෙසට පත් වුණත් නැවත charge කිරීමට ප්‍රමාණවත් තරම් කාලයක් නොලැබීම.

6. විඛාදනය (Corrosion) වීම

ඔබට වාහනය ලේසියෙන්ම start කරගන්න අමාරුයි නම්, එහෙමත් නැත්නම් කාර්යක්ෂමව battery එක charge කරගන්න බැරි නම් අනිවාර්යෙන්ම battery එකේ දෝෂයක් තියෙනවා.
ඉතින් ඔබේ වාහනයේත් මේ ප්‍රශ්න තියෙනවා නම් ඒකට හේතුව වෙන්න ඕනේ battery cables ලිහිල් වීම හෝ විඛාදනයට ලක් වීමයි. ඉතින් ඔබට පුලුවන් දත් බුරුසුවක් හෝ රෙදි කඩකින් වාහනයේ battery එක පිරිසිදු කරලා මේ ප්‍රශ්නය විසඳගන්න.

Battery දෝෂ වල ලක්ෂණ

– පැහැදිලි යාන්ත්‍රික හේතුවක් නැතුව headlights dim වීම
– Engine එක වෙනදාට වඩා මන්දගාමී වීම
– වාහනය backfire වීම
– Ignition එකට යතුර දැම්මේදී “clicking” ශබ්දය ඇති වීම

Jump-start කරමු

ඔබේ වාහනයේ battery එක dead වෙලා නම් වාහනය start කරන්න බැරි වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී jumper cables සහ වෙනත් ධාවනය වන වාහනයකින් ඔබේ වාහනය පණගැන්වීමට හැකියාව තියෙනවා.
CarsGuide අපි හරියටම Jump-start එකක් කරන ආකාරය ගැන ඔබව පෙර ලිපියකින් දැනුවත් කරලා තියෙනවා.

හැබැයි මේ ක්‍රමය සුදුසු වෙන්නේ දිගු වෙලාවක් headlights on කර තැබීම වගේ සරල හේතු නිසා වාහනයේ battery එක dead වී ඇත්නම් පමණයි. ඒ වගේම සියලුම වාහන Jump-start කළ නොහැකි බවත් මතක තබා ගන්න.

Battery එක replace කිරීම

සාමාන්‍යයෙන් වාහන battery එකක් වසර කිහිපයකට වරක් replace කිරීම අනිවාර්යයි. ගොඩක් battery අවුරුදු පහක් හෝ හයක් වන විට සම්පූර්ණයෙන්ම භාවිතයට ගන්න බැරි තත්වයට පත් වෙන්න පුලුවන්. ඉතින් ඔබේ වාහනයේ battery එක නිතර නිතර දෝෂ ඇති කරනවා නම්, ඒ පිළිබඳව සොයා බලා replace කිරීමට පියවර ගන්න. එහෙම නැති වුණොත් දෝෂ සහිත battery එක නිසා වාහනයේ අනෙක් කොටස් සහ පද්ධති වලටත් හානි සිදු වෙන්න පුලුවන්.

ඉතින් මේ දේවල් තමයි ඔබ වාහනයේ battery එක ගැන දැනුවත් වෙන්න ඕනේ. ඉතින් CarsGuide අපි ඉහත සඳහන් කර ඇති කිසියම් හෝ ලක්ෂණයක්, දෝෂයක් වාහනයෙන් පෙන්නුම් කරනවා නම් ඔබේ මෝටර් රථය ක්‍රියා විරහිත වෙන්න තියෙන ඉඩ කඩ වැඩියි. ඒ නිසා ඔබේ වාහනය මෝටර් රථ කාර්මිකයෙකු ලවා පරික්ෂා කරගන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Accord 2019 for Sale

Honda Accord 2019

80,000 km, Colombo
MEMBER
Rs 18,000,000
4 weeks ago
Toyota Raize Z Grade 2020 for Sale

Toyota Raize Z Grade 2020

14,000 km, Colombo
MEMBER
Rs 12,800,000
1 minute ago
Lexus LX570 2017 for Sale

Lexus LX570 2017

78,000 km, Colombo
verified MEMBER
verified
Rs 79,500,000
3 days ago
Suzuki Wagon R Stingray FZ COSTOM Z 2025 for Sale

Suzuki Wagon R Stingray FZ COSTOM Z 2025

235 km, Colombo
verified MEMBER
verified
Rs 9,850,000
2 minutes ago
Nissan Sunny FB 13 1993 for Sale

Nissan Sunny FB 13 1993

500,000 km, Ratnapura
MEMBER
Rs 2,350,000
2 weeks ago
Auto Parts for saleikman logo
Hamer Night Fury Roll Bar for Sale

Hamer Night Fury Roll Bar

verified MEMBER
verified
Rs 250,000
3 hours ago
Honda Gp5 Brand New AC Compressor for Sale

Honda Gp5 Brand New AC Compressor

verified MEMBER
verified
Rs 250,000
2 minutes ago
Zunavi 9 Inch 10 Android Players 2+32GB for Sale

Zunavi 9 Inch 10 Android Players 2+32GB

verified MEMBER
Rs 21,000
3 minutes ago
Toyota Aqva Axio Brand New Battery for Sale

Toyota Aqva Axio Brand New Battery

verified MEMBER
verified
Rs 365,000
4 minutes ago
+ Post an ad on ikman