AC එක service කළ යුතු කාල සීමාව මොකක්ද?

28 Jun, 2023   
AC එක service කළ යුතු කාල සීමාව මොකක්ද?

වාහනේ service කළාද? වාහනේ service කරන්න ඕනෙ කාල සීමාව ගැන නම්, ඔබට අදහසක් තියෙනවා. 5000 km ක් දුවලා නැත්නම් මාස 6 කට පස්සෙ අනිවාර්යයෙන්ම ඔබ වාහනේ service කරනවා. හැබැයි වාහනේ AC එක service කරන්නත් ඒ වගේ කාලයක් තියෙන ඔබ දැනගෙන හිටියද? ඔව් අපි අද CarsGuide කතා කරන්නෙ, AC එක service කරන්න ඕනෙ කාල සීමාව ගැන. AC එක වැඩ කරන්නෙ කොහොමද?

වාහනයේ AC පද්ධතිය අනිවාර්ය කොටස් පහකින් සමන්විත වෙනවා:

  • Refrigerant (the gas) – ශීතකාරක (ගෑස්)
  • Compressor (which contains the refrigerant) – සම්පීඩකය
  • Condenser
  • Receiver – ග්‍රාහකය
  • Thermal expansion valve – තාප විස්තාරණ කපාටය
  • Evaporation coils – වාෂ්පීකරණ දඟර

AC එක on කළාම ගෑස් එක, condenser වෙත ගමන් කරනවා. වායුගෝලයේ සිට නැවුම් වාතය සිසිලනකාරකය හරහා ගමන් කරනවා. ඒ මඟින් උෂ්ණත්වය පහත වැටී වායුව (ගෑස් එක), ද්‍රවයක් බවට පත්වෙනවා. ඒ ද්‍රව, Thermal expansion valve කරා ළඟා වීමට පෙර අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරන receiver හරහා ගමන් කරනවා. ද්‍රවයේ flow එක සකස් කිරීමෙන් උෂ්ණත්වය පාලනය කරන්න valve එක ඔබට ඉඩ ලබාදෙනවා. එවිට, evaporation coils හරහා ද්‍රව ගමන් කරන විට, වාෂ්ප බවට පත්වන අතර පසුව cool වාතය විදියට වාහනය තුළට එනවා. මේ අවස්ථාව වෙනකොට, ශීතකාරකය නැවතත් වායුවක් බවට පත් වී ඇති අතර ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීම සඳහා compressor වෙත ආපසු එනවා.

AC එකට කොච්චර වතාවක් ගෑස් ඕනෙද?

සාමාන්‍යයෙන් වාහනයේ AC එකට වසර දෙකකට වරක් නැවත ගෑස් යොදන්න ඕනෙ. මේකට හේතුව, සෑම වසරකම වාහනයේ AC පද්ධතියෙන් ගෑස් 10% ත් 15% ත් අතර ප්‍රමාණයක් permeates වන නිසා. AC service එක මඟින් AC පද්ධතියේ දෝෂ ඉවත් කරගන්න පුළුවන්. මේක recommend කරන්නෙ, AC පද්ධතියේ අංගයන්, බැක්ටීරියා වර්ධනය වීමට හොඳ ප්‍රදේශයක් වන අතර එමඟින් නරක ගන්ධයන් ඇතිවන නිසා. ඒ වගේම ඔබේ වාහනයේ AC පද්ධතියේ බැක්ටීරියා ගොඩනැගීම නොසළකා හැරීම අහිතකර අසාත්මිකතාවන් ඇති කරන්න පුළුවන්.

AC එක re-gas කරන්න කොච්චර කල් ගත වෙනවද?

වාහනයේ AC පද්ධතියේ දෝෂයක් නැත්නම්, re-gas කරන්න සාමාන්‍යයෙන් විනාඩි 45 ක් පමණ ගතවෙනවා. හැබැයි AC පද්ධතියේ මොනවා හරි දෝෂයක් තියෙනවා නම්, AC එක re-gas කරන්න විනාඩි 45 ට වඩා වැඩි වෙලාවක් ගත වෙන්න පුළුවන්.

AC එක වැඩ කරන්නැත්තෙ ඇයි?

වාහනයේ AC වැඩ නොකරන්න හේතු කිහිපයක් තියෙනවා. නමුත් බොහෝ දුරට AC වැඩ නොකිරීමට බලපාන ප්‍රධාන හේතුව තමයි, පද්ධතියේ ගෑස් නොමැති වීම. විකල්පයක් විදියට, කොතැනක හෝ කාන්දුවක් තියෙනවා නම්, පුහුණු කාර්මිකයෙක් විසින් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා.

ඉතින් මේ කියපු විදියට නියමිත කාලයට ඔබේ වාහනයේ AC එකත් service කරන්න අමතක කරන්න එපා. එතකොට ඔබට හැමදාම AC එකටත් ප්‍රශ්නයක් නැතුව cool එකේ වාහනෙන් ඕන ගමනක් යන්න පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Volkswagen T-Cross StylePack 2023 for Sale

Volkswagen T-Cross StylePack 2023

18,000 km, Gampaha
verified MEMBER
verified
Rs 15,800,000
6 days ago
Mercedes Benz C180 AMG DIMO 2018 for Sale

Mercedes Benz C180 AMG DIMO 2018

48,000 km, Colombo
verified MEMBER
verified
Rs 22,890,000
6 minutes ago
Toyota Hilux Rocco 2025 for Sale

Toyota Hilux Rocco 2025

2,800 km, Colombo
verified MEMBER
verified
Rs 28,600,000
20 minutes ago
Toyota Hilux Rocco Thailand 2025 for Sale

Toyota Hilux Rocco Thailand 2025

0 km, Gampaha
verified MEMBER
Rs 28,600,000
2 weeks ago
Honda Vezel Orange Package 2014 for Sale

Honda Vezel Orange Package 2014

119,128 km, Colombo
MEMBER
Rs 10,500,000
1 week ago
Auto Parts for saleikman logo
Mercedes Benz W210 Face Lift Bonnet for Sale

Mercedes Benz W210 Face Lift Bonnet

verified MEMBER
verified
Rs 175,000
1 hour ago
Hilux Revo Rocco Brake Pads for Sale

Hilux Revo Rocco Brake Pads

verified MEMBER
verified
Rs 15,500
1 hour ago
Hilux Vigo Brake Pads for Sale

Hilux Vigo Brake Pads

verified MEMBER
verified
Rs 15,500
1 hour ago
+ Post an ad on ikman