වාහනයේ දුර ගමනක් යන්න කලින් බලන්නම ඕනේ දේවල්

21 Jun, 2023   
වාහනයේ දුර ගමනක් යන්න කලින් බලන්නම ඕනේ දේවල්

ළඟදි දුර ඉන්න නෑයො බලන්න එහෙම ගියේ නැද්ද? නැත්නම් ටිකක් ගිහින් බලලා එන්න. Holiday එකට දුර ගමනක් යන්න හිතාගෙනද ඉන්නෙ? ඒකට කමක් නෑ. හැබැයි මොන දුර ගමන් ගියත් පරිස්සමෙන් යන්න. ඒකට, ගමනට කළිං ගමනට ඕන කරන දේවල් බලනවා වගේම වාහනේට ඕන කරන දේවලුත් බලන්න. CarsGuide තුළින් අද අපි කියන්නම් දුර ගමනක් යන්න කළිං වාහනයේ බලන්නම ඕනෙ දේවල් මොනවද කියලා.

Tyre pressure

වාහනයේ brake, ග්‍රහණය සහ නිසිලෙස ධාවනය කළ හැකිද යන්න sure කර ගන්න, නිවැරදි ටයර් පීඩනය අත්‍යාවශ්‍ය වෙනවා. එක් ටයරයක් පමණට වඩා හෝ පමණට අඩුවෙන් පිම්බෙනවා නම්, ඒක වාහනය drive කිරීමට විශාල බලපෑමක් ඇති කරනවා. බොහෝ modern vehicle වල tyre pressure monitoring system එකක් තිබෙනවා. නැත්නම්, tyre pressure gauge එකක් භාවිතා කරන්න. මෙය බහුලව තිබෙන අතර අඩු ගාණකට ඔබට මිලදී ගන්න පුළුවන්.

Windscreen wipers සහ screenwash

අපිරිසිදු windscreen සමඟ drive කිරීම අනතුරුදායක වෙන්න පුළුවන්. මොකද ඒක ඔබේ පෙනීමට බාධාවක් වෙන නිසා. ඉතින් යන ගමන පුරාවටම වාහනයේ windscreen පිරිසිදුව තබාගන්න. ඒ වගේම windscreen wiper පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා. ගමන යනකොට හදිසියේ වැස්සක්වත් කඩං වැටුණොත්. ඒ නිසා අවශ්‍ය නම් ඒවා replace කරන්න.

Light check කරන්න

දුර ගමනක් යන්න කළිං වාහනයේ headlight, indicators සහ brake light check කරන්න. මොකද සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වන light මඟින්, ඔබට පැහැදිලිව දැකීමට පමණක් නොව පාරේ යන අනෙක් අයටද ඔබව දැකීමට හැකි වනවා.

AC වැඩද?

කතාවකුත් තියෙන්නෙ, අශ්වයා ගියාට පස්සෙ අස්ථාලෙ වහලා වැඩක් නෑ කියලා. ඒ නිසා දුර ගමනක් යනවා නම්, ඊට කළිං තමයි වාහනේ AC වැඩ කරනවද, කළිං තිබුණ විදියටම cool එක තියෙනවද කියලා check කරන්න ඕනෙ. කළිංට වඩා අඩුවෙන් නම් cool වෙන්නෙ, AC එක regas කරන්න.

Oil level

වාහනයේ engine එක සුමටව ක්‍රියාත්මක වෙන්න, oil අතිශයින්ම වැදගත් වෙනවා. වාහනයේ oil අඩු වීම, මිල අධික හානියක් කරන්න පුළුවන්. ඒ නිසා අතරමං නොවී, යන දුර ගමන පරිස්සමෙන් යන්න නම්, වාහනයේ oil level එක බලන්න.

Engine coolant

සිසිලන පද්ධතියේ උෂ්ණත්වය නියාමනය කිරීමෙන් coolant එක, වාහනයේ එන්ජිම නිරෝගීව තබනවා. නව වාහන වල සංවෘත සිසිලන පද්ධතියක් තිබෙන අතර එයින් අදහස් කරන්නෙ, ඒවා ඉහළට ගෙන ඒම අවශ්‍ය නොවන බවයි. පැරණි වාහනවල නම් සිසිලනකාරක මට්ටම ඔබම පරීක්ෂා කර අවශ්‍ය නම් එය පුරවන්න. Engine bay එකේ fluid level එක ඔබට දැකගන්න පුළුවන්. එය අවම මට්ටමේ සළකුණට ආසන්න හෝ පහළින් නම් එය refill කරන්න.

Brake fluid

වාහනයේ braking system එකේ fluid level එක check කරන්න. මොකද මේ fluid එක, brake වැඩ කරනවද කියලා දැනගන්න අත්‍යාවශ්‍ය වෙනවා. වාහනයේ manual එක මඟින් engine bay එකේ බැලිය යුතු ස්ථානය ඔබට දැනගන්න පුළුවන්. Brake fluid level එක අවම මට්ටමේ සලකුණට වඩා අඩු නම්, පියන ගලවා recommend කරපු fluid වර්ගය එකතු කරන්න. මිනුම නිවැරදි වන විදියට level එක check කරනකොට වාහනය පැතලි මතුපිටක නවතා තැබීමට වග බලාගන්න. ඒ වගේම fluid එක පිරිසිදුද කියලා බලන්න. එය අඳුරු නම්, අපිරිසිදු වී ඇති අතර එමඟින් braking performance එකට බලපෑමක් ඇති කරනවා. එවැනි අවස්ථාවක fluid එක වෙනස් කිරීමට mechanic කෙනෙක්ව හමුවෙන්න.

Fuel level

ඔබ යන්නෙ දුර ගමනක්නෙ. ඒ නිසා පාරට බහින්න කළිං Fuel level එක check කරලා time එක ඉතිරි කරගන්න. ඒක ගමනෙදි ඔබේ stress එක අඩු කරනවා. මොකද යන්න ඕනෙ ගමනට, fuel station එකක් හොයනවා වගේ අනවශ්‍ය ගමන් එකතු කරගන්න ඕන්නෑනෙ.

ඒ වගේම ඔබට තියෙන්නෙ, Plug-in hybrid හෝ Electric වාහනයක් නම්, ගමනට කළිං ඒක charge කරන්න අමතක කරන්න එපා.

Emergency supplies

කරදර එන්නෙ, කිය කියා නෙවෙයිනෙ. ඒ නිසා හදිසියක් වුණොත් අවශ්‍ය වෙයි කියලා හිතෙන දේවල් ටික pack කරලා වාහනයේ දාලා තියාගන්න. මේකට break down එකකදි ඕනෙ කරන දේවල්, අමතර ඇඳුම්, snacks වගේ දේවල් එකතු කරන්න පුළුවන්.

Battery

පෙට්‍රල් හෝ ඩීසල් වාහනයක බැටරිය කාලයත් සමඟ පිරිහී යන අතර එය replace කරන්න සිදුවෙනවා. සාමාන්‍යයෙන් මේක සෑම වසර කිහිපයකට වරක් සිදුවෙනවා. නමුත් ඒක ක්‍රියාත්මක වන ආකාරය ගැන අවධානයෙන් ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. වාහනය start වීමට ප්‍රමාද වීම හෝ key fob එක භාවිතයෙන් unlock කිරීමට ප්‍රමාද වීම battery issues වල පැහැදිලි ලක්ෂණ වෙනවා. මෙහිදී ඔබට garage එකකින් බැටරිය check කරගන්න පුළුවන්.

හෙට අනිද්දාට කොහේ හරි දුර ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම්, අනිවාර්යයෙන් අද අපි කියපු දේවල් ගැන ඊට කළිං බලන්න. එතකොට ඔබට පුළුවන්, ආරක්ෂිතව drive කරන්න, breakdown එකක් නැතුවම ඔබේ දිගු ගමන පහසු කරගෙන enjoy කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado TRJ 150 TX 2015 for Sale

Toyota Land Cruiser Prado TRJ 150 TX 2015

73,500 km, Colombo
verified MEMBER
verified
Rs 44,500,000
6 days ago
Mercedes Benz E350 AMG Premium Plus 2017 for Sale

Mercedes Benz E350 AMG Premium Plus 2017

80,000 km, Colombo
verified MEMBER
Rs 28,900,000
12 minutes ago
BMW 740Li 2012 for Sale

BMW 740Li 2012

58,000 km, Colombo
MEMBER
Rs 23,500,000
20 minutes ago
Toyota Hilux Rocco Thailand 2025 for Sale

Toyota Hilux Rocco Thailand 2025

0 km, Gampaha
verified MEMBER
Rs 28,600,000
1 week ago
Toyota Roomy Custom GT Turbo 2022 for Sale

Toyota Roomy Custom GT Turbo 2022

11,000 km, Colombo
verified MEMBER
verified
Rs 11,000,000
1 day ago
+ Post an ad on ikman