වාහනයට අලුත් ටයර් අවශ්‍ය බව හැඟවෙන ලක්ෂණ

29 May, 2024   
වාහනයට අලුත් ටයර් අවශ්‍ය බව හැඟවෙන ලක්ෂණ

ඔබ නිකමට හිතලා බලන්නකො, ටයර් නැති වාහනයක් ගැන. එහෙම වාහනයක් ඔබට drive කරන්න පුළුවන්ද? බැහැනෙ. ඒ කියන්නේ වාහනයකට ටයර් අත්‍යාවශ්‍ය දෙයක්. ඕනම වාහනයක් පාරෙ roll down වෙන්න නම්, ටයර් ඕනේ. එතකොට තමයි ඔබට ඒ වාහනය ඕනම තැනකට drive කරන්න පුළුවන් වෙන්නේ. ටයර් වල ප්‍රධානම කාර්යන් තමයි, වාහනයේ load එකට support කිරීම, traction එක සහ braking forces මාර්ගයේ මතුපිටට transmit කිරීම, මාර්ගයේ ඇති වන කම්පන absorb කිරීම, travel direction එක වෙනස් කිරීම සහ maintain කිරීම කියන දේවල්. ඉතින් මෙච්චරම වාහනයට වැදගත් වෙන, වාහනයට නැතුවම බැරි ටයර් ගැන ඔබ අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ. ඒ කියන්නේ නිතර ටයර් පරීක්ෂා කරලා, අවශ්‍ය නම් අලුත් ටයර් දාන්න ඕනේ. CarsGuide තුළින් ඔබට දැන ගන්න පුළුවන්, වාහනයට අලුත් ටයර් අවශ්‍ය බව හැඟවෙන ලක්ෂණ මොනවද කියලා.

ටයර් ගෙවුණොත් මොකද වෙන්නේ?

කාලයක් යනකොට වාහනයේ ටයර් ගෙවෙනවා. මොකද ඔබ drive කරනවා කියන්නේ, මේ ටයර් වැඩ කරනවා කියන එක. ඒ විදිහට ටයර් ගෙවිලා තියෙනකොටත් අලුත් ටයර් දැම්මේ නැත්නම්, රිය අනතුරු ඇති වෙනවා වගේම, ටයර් වල efficiency එකත් අඩු වෙනවා. ඊට අමතරව ටයර් ගෙවිලා තියෙනකොට, ටයර් වලට පාර හොඳින් grip කර ගන්න බැරි වෙනවා. එතකොට driver ට වාහනයේ control එක නැති වෙනවා. ඒ නිසා ටයර් වල ආයු කාලය කොච්චරක්ද කියන එක, ඒ ටයර් වල මූලික ගුණය, ටයර් වල වයස, සැතපුම් ගණන, maintain කිරීම, දේශගුණය, road condition සහ driving habits වගේ ගොඩක් කරුණු මත රඳා පවතිනවා. එහෙනම් ඔබ ටයර් වල ආයු කාලය ගැන හරි අවධානයකින් ඉන්න ඕනේ.

ටයර් වල ආයු කාලය වැඩි කර ගන්නේ කොහොමද?

නිසි wheel alignment කිරීම්, wheel balance කිරීම, tyre rotate කිරීම සහ ටයර් වල air pressure එක වගේ ටයර් වල මූලික නඩත්තු වලින් ටයර් වල ආයු කාලය වැඩි කර ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 40,000 km ක්, 50,000 km ක් හෝ අවුරුදු පහක් පරණ වුණාට පස්සේ, ටයර් සහ කට්ට හොඳ තත්වයේ තිබුණත්, ටයර් නිෂ්පාදනය කරලා අවුරුදු 10 ක් පරණයි නම්, ඔබට අලුත් ටයර් replace කරන්න වෙනවා.

සමහර විට කොච්චර කල් ගියත් ඔබට පේන්න තරම්, ටයර් ගෙවිලා නොතිබෙන්න පුළුවන්. ඒ වුණත්, ටයර් වෘත්තිකයෙක්ට කියලා වාහනයේ ටයර් පරීක්ෂා කර ගන්න එක තමයි හොඳම දේ. ඒ වගේ පරීක්ෂා නිතිපතා කර ගන්න පුළුවන් නම් ගොඩක් වැදගත්.

අලුත් ටයර් අවශ්‍ය බව දැන ගන්නේ කොහොමද?

ටයර් කට්ට ගෙවීම

ටයර් වල කට්ට design කරලා තියෙන්නේ, ඕනම මාර්ග මතුපිටක් මත traction එක ලබා දෙන්න පුළුවන් වෙන විදිහට. ටයර් වල කට්ට ගෙවිලා නම්, කඳුවැටි තියෙන තැන්වල, ජලය ඇති තැන්වල සහ මඩ සහිත තැන්වල වාහනය drive කරනකොට, ඒ ද්‍රව්‍ය displace කරලා, smooth ride එකකට යන්න බාධක විදිහට ක්‍රියා කරනවා. ටයර් එක සහ track එක අතර සම්බන්ධතා ප්‍රදේශය වැඩි කිරීමෙන් tyre tread patterns grip එක වැඩි දියුණු කර ගන්න පුළුවන්.

ගොඩක් ටයර් වල කට්ට ගෙවී යාමට නීත්‍යානුකූල අගයක් තියෙනවා. ඒ අනුව ටයර් කට්ට මුදුනේ ඉඳලා යම් මට්ටමකට ආවම, නැත්නම් ඊට කලින් ටයර් replace කරන්න වෙනවා.

ටයර් කට්ට ඒ අදාළ ලක්ෂ්‍ය වලට ළඟා වෙලාද කියලා බලන්න, tyre depth gauge tool එකක් තියෙනවා. එමඟින් ටයර් කට්ට මුදුනේ ඉඳලා ටයරයේ ඇති tyre wear indicator කට්ටයට ඇති ගැඹුර මැනීමෙන් ඒ බව දැන ගන්න පුළුවන්. ටයර් කට්ටේ ගැඹුර ඒ තීරණාත්මක අවස්ථාව කරා ළඟා වෙනකොට, ඒ බව දකින්න ලැබෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ, ටයර් වල ප්‍රයෝජනවත් ආයු කාලය අවසන් කියන එක. ඒ කියන්නේ අලුත් ටයර් දාන්න ඕනේ.

Tyre pressure issues ඇති වීම

හැම tyre එකක්ම කාලයත් එක්ක deflate වෙනවා. ඒවා නිසි ආකාරයට inflate කරලා තියාගන්න, මාසයකට වතාවක්වත් ටයර් පරීක්ෂා කරන්න ඕනේ. එක දිගට ටයර් වල air එක නැති වුණොත්, නැත්නම් warning එකක් නැතුවම සම්පූර්ණයෙන් deflate වෙන බවක් පේන්න තියෙනවා නම්, වාහනයේ ටයර් repair කරන්න ඕනේ. අවශ්‍ය නම්, replace කරන්න.

Tire pressure monitoring system එකේ light එක ගොඩක් වෙලාවට dashboard එක මත appear වෙනවා නම්, ඒකෙන් අදහස් කරන්නේ, වාහනයේ ටයර් slow වීම සහ අඛණ්ඩ leak එකක් වර්ධනය වෙලා කියන එක. එහෙනම් අනිවාර්යයෙන්ම අලුත් ටයර් වලට යන්න වෙනවා.

Sidewall ඉදිමීම

පාරෙ යනකොට ඕන තරම් වලවල්, බාධක අපිට හම්බ වෙනවනෙ. ඉතින් ඒ විදිහට වලවල් මතින්, බාධක මතින් ටයර් ගියාම inner liner කැඩීම නිසා ටයර් වල sidewall ඉදිමීම වර්ධනය වෙන්න පුළුවන්. අන්න එතකොටත් ඔබ ටයර් මාරු කරන්න වග බලා ගන්න ඕනේ.

වෙනත් issues

වාහනය drive කරනකොට, අලුත් vibrations වලට මුහුණ දෙන්න වුණොත් ඒකත් ඔබේ වාහනයේ ටයර් මාරු කරන්න දෙන පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. නැත්නම් ඒක suspension එකේ issue එකක් විදිහටත් දක්වන්න පුළුවන්.

මේ විදිහට තමයි ඔබේ වාහනයේ ටයර් ගෙවිලද නැද්ද කියන දේ ගැන හොයා ගන්නෙ. ටයර් කියන්නේ වාහනයක වැදගත්ම අංගයක් නිසා, අදින් පස්සේ නිතර නිතර ටයර් පරීක්ෂා කරන්න, ඒ ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. මතක තියාගත්තට විතරක් මදියි. අපි අද කියපු ලක්ෂණ තිබුණොත් ටයර් replace කරන්න ඕනේ කියන දේත් හිතට ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Aqua s grad 2013 for Sale

Toyota Aqua s grad 2013

135,000 km, Matara
verified MEMBER
verified
Rs 6,990,000
18 seconds ago
Toyota Aqua S Special Edition 2014 for Sale

Toyota Aqua S Special Edition 2014

162,000 km, Kandy
MEMBER
Rs 7,675,000
1 day ago
Mitsubishi Pajero 1998 for Sale

Mitsubishi Pajero 1998

160,000 km, Kurunegala
MEMBER
Rs 4,650,000
17 minutes ago
Micro Panda LC1.0 F/ OPTION KW- 2013 for Sale

Micro Panda LC1.0 F/ OPTION KW- 2013

106,000 km, Colombo
verified MEMBER
verified
Rs 2,085,000
21 minutes ago
Suzuki Maruti 2007 for Sale

Suzuki Maruti 2007

78,000 km, Kalutara
MEMBER
Rs 1,650,000
26 minutes ago
+ Post an ad on ikman