හරියට engine oil මාරු නොකළත් වාහනේට මොකද වෙන්නේ?

17 May, 2024   
හරියට engine oil මාරු නොකළත් වාහනේට මොකද වෙන්නේ?

Engine oil නැතුව වාහනය start කරනවා කියන එක හිතන්නවත් බැරි දෙයක්. ඒවගේම තමයි එක එක වාහනයට නිර්දේශිත oil වර්ග තියෙනවා. හැබැයි ගොඩක් දෙනෙක්ට වාහනය maintain කරන්න මතක් වුණාට engine oil මාරු කරන්න නම් මතක් වෙන්නේ නැහැ. ඇත්තටම ඒකෙන් වාහනයට වෙන damage එක නම් කියලා නිම කරන්න බැහැ. ඒත් බොහෝ පිරිසක් මේ පිළිබඳව දැනුවත් නැහැ.

ඒ නිසා CarsGuide අපි අද ඔබව දැනුවත් කරන්නේ හරියට engine oil මාරු නොකළත් වාහනේට මොකද වෙන්නේ කියලා.

Engine oil මාරු නොකළොත් මොකද වෙන්නේ?

ඔබ engine oil වෙනස් නොකළහොත් ඔබට බොහෝ ගැටළු වලට මුහුණ දීමට සිදු වෙනවා. ඒ අතරින් increased wear, worse MPG, overheating, increased emissions, clogged systems, voided warranty, decreased resale value සහ potential engine failures ප්‍රධානයි. කෙටියෙන්ම කිව්වොත් engine oil වෙනස් කරන්න වැඩි කාලයක් ගැනීමෙන් ඔබට කිසිම වාසියක් නම් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම නිවැරදි කාල සීමාව තුළ engine oil මාරු කරන්න මතක තබා ගන්න.

Overheat වීම

Engine oil මඟින් lubricate කිරීම පමණක් නොව, engine එකේ සමහර කොටස් සිසිල් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. Race cars වල oil coolers එකක් තිබුණත්, අනෙකුත් මෝටර් රථ වල උෂ්ණත්වය පාලනය කරන්න engine oil ඉවහල් වෙනවා. Oil වෙනස් කරන්න ලොකු කාලයක් ගැනීමෙන් සිදු වෙන්නේ ඝර්ෂණය වැඩි වීමෙන් අධික තාපයක් ඇති වීමයි. අවසානයේදී engine එක breakdown වීමට පවා පුළුවන්.

ඉන්ධන කාර්යක්ෂමතාව අඩු කිරීම

නියමිත වේලාවට oil වෙනස් නොකිරීමෙන් ඔබේ ඉන්ධන පරිභෝජනය වැඩි වීම සිදු වෙනවා. තාපය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස, ගෙවී ගිය සිලින්ඩර හේතුවෙන් compression අඩුවීම සහ සිසිලනය නොමැතිකම හේතුවෙන් ඉන්ධන කාර්යක්ෂමතාව අඩුවීම සිදු වෙනවා.
කාලයත් සමඟ, මේ නිසා ඉන්ධන සඳහා යන මුදල සැලකිය යුතු ලෙස වැඩිවිය හැකි අතර සමහර විට oil මාරු කිරීමට යන මුදලට වඩා වැඩි වන්න පුළුවන්.

Emission එක වැඩි වීම

ඉන්ධන කාර්යක්ෂමතාවයේ අඩුවීම සාමාන්‍යයෙන් harmful emission එක වැඩි වීමත් සමඟ සමපාත වෙනවා. ප්‍රධාන වශයෙන් excessive engine wear හේතුවෙන් තෙල් දහනය සිදු වෙනවා.
Engine oil කුඩා ප්‍රමාණයක් සෑම විටම engine එකේ දහන කුටීරය තුලට ඇතුල් වෙනවා. නමුත් සිලින්ඩර බිත්ති වලට වැඩිපුර ගෙවී යන තරමට, වැඩි වැඩියෙන් ඇතුල් වී හානිකර ලෙස emission එක සිදු වෙනවා.

Systems අපිරිසිදු වීම

බොහෝ complex mechanisms නිසි ලෙස ක්‍රියා කිරීම සඳහා හොඳ oil flow එකක් අවශ්‍ය වෙනවා. උදාහරණ ලෙස variable valve timing, turbochargers සහ engine breathers හඳුන්වන්න පුළුවන්.

VVT හෝ Vanos systems බොහෝ විට ක්‍රියාත්මක වීමට engine’s oil pressure එක භාවිතා කරනවා. මේවා අතිශයින්ම නිරවද්‍ය පද්ධති වන අතර ඕනෑම oil pressure, quality හෝ viscosity decrease ඒවාට බලපෑම් එල්ල කරන්න පුළුවන්.

Turbo damage and excess oil consumption

නවීන මෝටර් රථවල බහුලව දක්නට ලැබෙන, turbochargers බලය සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා exhaust එකෙන් පිටවෙන ශක්තිය භාවිතා කරනවා. Ford, Audi සහ Volkswagen වාහනවල තිබෙන කුඩා, high MPG-achieving engines වල නවීන ප්‍රමාණයට Turbos තමයි හේතු වෙන්නේ.

Turbos ඇදහිය නොහැකි තරම් වේගයෙන්, ඒ කියන්නේ 10,000 RPM ට වඩා වේගයෙන් කැරකීම සිදු වෙනවා. කාර්යක්ෂමව හැරීම සඳහා ඒවාට සැලකිය යුතු oil supply එකක් අවශ්‍ය වෙනවා. Oil supply එක අඩු වීම turbine එක overheat වීමට හෝ fail වීමට හේතු වෙනවා.

Performance අඩු වීම

ඔබ oil change කරන්නේ නැතුව දිගු කාලයක් ඉඳලා තියෙනවද? එහෙම ඉඳලා oil වෙනස් කළාට පස්සේ වාහනය වෙනදට වඩා හොඳින් ක්‍රියා දැනිලා නැද්ද? සරලව කිවහොත්, අලුත් engine oil සමඟ, engine එකේ කැරකෙන කොටස් සුමටව ගමන් කළ හැකි අතර එමඟින් ඔබට ඉතා හොඳ performance එකක් ලබා ගන්න පුළුවන්.

ඉතින් මේ දේවල් තමයි engine oil නිසි කාල සීමාවක් තුළ මාරු නොකළොත් ඔබට මුහුණ දීමට සිදු වෙන ගැටළු. කෙටි කාලීන ලාභය ගැන හිතලා ඔබේ වාහනයට දිගු කාලීන හානියක් සිදු කරගන්න නම් එපා. ඉතින් ඒ නිසා නිවරදි කාල සීමාවන් තුළ engine oil මාරු කරන්න වග බලා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW Z4 2013 for Sale

BMW Z4 2013

44,000 km, Kurunegala
MEMBER
Rs 27,500,000
2 weeks ago
Nissan Leaf 2012 for Sale

Nissan Leaf 2012

48,000 km, Colombo
MEMBER
Rs 7,850,000
3 weeks ago
Toyota Raize Z - 1.2L Hybrid 2022 for Sale

Toyota Raize Z - 1.2L Hybrid 2022

42,000 km, Colombo
verified MEMBER
verified
Rs 14,995,000
17 minutes ago
Honda CRV Masterpiece 2018 for Sale

Honda CRV Masterpiece 2018

49,000 km, Colombo
MEMBER
Rs 23,000,000
18 minutes ago
Honda Fit RS ehev Hybrid 2024 for Sale

Honda Fit RS ehev Hybrid 2024

824 km, Colombo
verified MEMBER
verified
Rs 15,975,000
1 month ago
Auto Parts for saleikman logo
Tyre 155/65/14 for Sale

Tyre 155/65/14

verified MEMBER
Rs 4,500
1 week ago
Hilux GR Sport Kit for Sale

Hilux GR Sport Kit

verified MEMBER
Rs 220,000
1 month ago
Toyota prius upper LED head light for Sale

Toyota prius upper LED head light

verified MEMBER
verified
Rs 85,000
33 minutes ago
Celerio Stabilizer Link for Sale

Celerio Stabilizer Link

verified MEMBER
verified
Rs 5,950
6 days ago
+ Post an ad on ikman