වාහනේ ගලවන්නේ නැතුව වාහනයේ දුම නවත්වන්නේ මෙහෙමයි

28 Mar, 2024   
වාහනේ ගලවන්නේ නැතුව වාහනයේ දුම නවත්වන්නේ මෙහෙමයි

මේ දවස්වල හෘදයාබාධ සහිත රෝගීන් ගොඩක් අය ඉන්නවා. ඔයාලා දන්නවද මේ හෘදයාබාධ වලට වාහන වලින් පිටවෙන අහිතකර දුම ලොකු හේතුවක් කියලා. වාහනයේ දුම් වැඩියෙන් පිටවෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. අද CarsGuide අපි ඔයාගේ ප්‍රශ්නයට උත්තරේ අරන් ආවා. CarsGuide අපි අද ඔයාට කියන්නේ වාහනේ ගලවන්නේ නැතුව වාහනයේ දුම නවත්වන්නේ කොහොමද කියලා.

වාහනයක දුම් පිටවෙන්නේ ඇයි?

වාහනයක දුම් පිටවෙනවා කියන්නේ සාමාන්‍ය දෙයක්. හැබැයි ඉතින් වාහනයේ දුම් ගොඩක් පිටවෙනවා නම් ඒක ගැන අවධානය යොමු කරන්න ඕනේ. වාහනයක දුම් පිටවෙන්න බලපාන කරුණු කිහිපයක් තියෙනවා. දැන් බලමු ඒ දේවල් මොනවාද කියලා.

– දුර්වල නඩත්තුව
– ඉහළ gear එකක engine එක ක්‍රියාත්මක කිරීම
– Engine එක සම්පූර්ණයෙන්ම ඉන්ධන දහනය නොකිරීම.
– දෝෂ සහිත වයර් ආවරණ
– Engine block එකේ රත් වූ අපද්‍රව්‍ය සහ oil තිබීම
– තිරිංග අධික ලෙස රත් වීම
– Injector නඩත්තුව
– දුර්වල රියදුරු තාක්‍ෂණය

වාහනයක දුම් පිටවීමෙන් ඇති වන ගැටළු මොනවාද?

වාහන වලින් පිටවෙන්නේ ඉන්ධන දහනය වෙලා පිටවෙන දුම්. ඒ නිසා මේ දුම් අපිට අහිතකරයි. වාහන වලින් පිටවෙන දුම් අපි හුස්ම ගන්න කොට නාසයෙන් ඇතුළු වෙලා ආපිට විවිධ රෝග ඇති වෙනවා. සමහර අවස්ථාවල අපිට ඉතා අසාද්‍ය වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේ වාහන වල දුම් වැඩි වශයෙන් පිට වීම මඟින් පරිසර දුෂණය වෙන්න තියෙන ඉඩත් ගොඩක් වැඩියි.

වාහන වලින් පිටවන දුම් වර්ග?

– කළු දුම

වාහනයෙන් කළු පාට දුමක් පිට වෙන්නේ engine එකේ පෙට්‍රල් හරි ඩීසල් දහනය වීමෙන්. මේක හොඳ දෙයක් නෙවෙයි. මොකද එමඟින් සිදු වෙන්නේ ඉන්ධන නාස්ති වීමක්. කළු දුම ඇතිවෙන්නේ වැරදි ඉන්ධන හා වායු මිශ්‍රණයකින් වන අතර එය අවහිර වූ වායු පෙරහනක, අවහිර වූ injector එකක, අපිරිසිදු carburetor එකක, දෝෂයක ප්‍රතිඵලයක් වෙනවා.

– සුදු දුම

සුදු දුම විදිහට පිටවෙන්නේ ජල වාෂ්පයි. වාහනයේ engine එකේ ජලය තිබිය යුතු නැහැ. කොහොම වුණත් ඔයා වාහනය start කරනකොට සුළු දුමක් තිබීම සාමාන්‍ය දෙයක්. එය සාමාන්‍යයෙන් මිනිත්තු කිහිපයකට පසු නැවතෙන නිසා අපිට ඒක එතරම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි වාහනය ගොඩක් දුර ගමන් කරලා රත් වුණාට පස්සේ වැඩි වශයෙන් ඝන සුදු දුමාරයක් තියෙනවා නම් එය ලොකු ගැටලුවක්. මොකද එයින් අදහස් කරන්නේ සිසිලනකාරකය සිලින්ඩරවලට කාන්දු වී ඇති බවයි. වාහනයෙන් පිට වෙන සුදු දුම නැවැත්වීම අපිට තනියම කරන්න බැහැ. වාහනය කාර්මිකයෙක් ළඟට අරගෙන ගිහින් තමයි ඔයා මේකය පිළියමක් යොදන්න ඕනේ.

– නිල් හෝ අළු දුමාරය

මේ නිල් නැත්නම් අළු දුම ඇති වෙන්නේ engine එකේ දැවෙන oil නිසා. මේක ටිකක් අයහපත් වුණත් සාමාන්‍ය දෙයක්. වාහන වල engine එක කාලය යන විට තෙල් දහනය වීමට පටන් ගන්නවා. කොහොම වුණත් තෙල් අඩු වීම engine එක ක්ෂය වීමට හේතුවක් වෙනවා. මෙය වැඩි තෙල් දහනයකට හේතු වෙන නිසා නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් වැඩි කල් යන්නට කලින් ඔයාට වාහනයට engine එකක් ගන්න සිදු වෙන්නත් පුළුවන්. නිල් හෝ අළු දුම නැවැත්වීමට පහසුම ක්‍රමය තමයි oil මාරු කරන සෑම අවස්ථාවකම motor oil වලට motor honey oil බෝතලයක් එකතු කිරීමයි. විශේෂයෙන් මෙය නිර්මාණය කර තියෙන්නේ තෙල් දහනය අඩු කිරීමට සහ දුම් පිටවීම නැවැත්වීමටයි.

– අවර්ණ දුම

සමහර අවස්ථාවල වාහනයෙන් පිට වෙන දුම් වල වර්ණය අපිට හරියටම කියන්න බැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් ලා අළු සහ අපිරිසිදු සුදු හෝ තද අළු සහ කළු වගේ පාටවල් වල මිශ්‍ර ගතියක් දැක ගන්න පුළුවන්. මේ දුම පිටවීමට තෙල් හෝ සිසිලනකාරකය දහනය වෙන නිසා තෙල් හෝ සිසිලන මට්ටම්වල කැපී පෙනෙන අඩුවීමක් සිදු වෙනවා.

දුම නවත්වන්නේ කොහොමද?

සාමාන්‍යයෙන් වාහනයේ දුම පිටවෙන එක නවත්වන්න engine එක ගලවනවා. අපි දැන් බලමු වාහනයේ engine එක ගලවන්නේ නැතුව වාහනයේ දුම නවත්වන්නේ කොහොමද කියලා. Engine එක ගලවන්නේ නැතුව දුම නවත්වන්න අපි HHO De-carbonizing machine එකක් භාවිතා කරන්න ඕනේ. මේ machine එක මඟින් අපිට පුළුවන් වාහනයෙන් පිටවෙන දුම නවත්වන්න. මේ machine එක මඟින් මිශ්‍ර වුණු Hydrogen සහ Oxygen වාතය engine එක තුලට ලබා දීමක් සිදු කරනවා.

මුලින්ම මේ machine එක engine එකට සවි කරන්න ඕනේ. ඊට පස්සේ අපි වාහනය start කරන්න ඕනේ. පැයකට විතර පස්සේ අපිට පුළුවන් වෙනවා වාහනයේ තියෙන දුම සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න. මේ HHO De-carbonizing machine එක ඩීසල් වාහනයකට භාවිතා කළොත් දුම නැතුව අපිට 15000km ක් පමණ ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පෙට්‍රල් වාහනයකට මේ HHO De-carbonizing machine එක භාවිතා කරලා දුම ඉවත් කළොත් අපිට 20000km ක් පමණ දුම නැතුව ගමන් කරන්න පුළුවන්.

HHO De-carbonizing machine එක භාවිතා කිරීමේ වාසි

– ඉන්ධන දහනය අඩු වෙනවා
– ගොඩක් දුම අඩු වෙනවා
– Engine එකේ pick up එක වැඩි වෙනවා
– වාහනයේ නඩත්තු කටයුතු අඩු කරගන්න පුළුවන්

ඔයාගේ වාහනයේත් දුම වැඩියෙන් පිටවෙනවද? මේ දුම නවත්වන්න ඔයාගේ වාහනයේ engine එක ගලවන්න ඕනේ නැහැ. මොකද අපි කියපු HHO De-carbonizing machine එක භාවිතා කරලා ඔයාට පුළුවන් engine එක ගලවන්නේ නැතුවම දුම අඩු කරන්න. ඒ නිසා ඔයත් මේ HHO De-carbonizing machine එකෙන් දුම අඩු කරන්න try කරලා බලන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Alto 2015 for Sale

Suzuki Alto 2015

76,000 km, Colombo
MEMBER
Rs 3,575,000
26 minutes ago
Honda Civic 2019 for Sale

Honda Civic 2019

56,000 km, Colombo
MEMBER
Rs 14,500,000
28 minutes ago
Ford Raptor Ranger Code Orange 2025 for Sale

Ford Raptor Ranger Code Orange 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,000,000
1 week ago
Suzuki Wagon R FX 2018 for Sale

Suzuki Wagon R FX 2018

123,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,950,000
30 minutes ago
Nissan March K11 2000 for Sale

Nissan March K11 2000

156,000 km, Colombo
MEMBER
Rs 2,990,000
37 minutes ago
Auto Parts for saleikman logo
honda civic 1.0t turbo for Sale

honda civic 1.0t turbo

verified MEMBER
Rs 65,000
24 minutes ago
honda civic 1.0t turbo dubai for Sale

honda civic 1.0t turbo dubai

verified MEMBER
Rs 115,000
26 minutes ago
4d56 common rail for Sale

4d56 common rail

verified MEMBER
Rs 50,000
39 minutes ago
4d56 turbocharger for Sale

4d56 turbocharger

verified MEMBER
Rs 50,000
41 minutes ago
+ Post an ad on ikman