නඩත්තු අනවශ්‍ය සීල් battery වල වාසි අවාසි

28 Mar, 2024   
නඩත්තු අනවශ්‍ය සීල් battery වල වාසි අවාසි

ඔයාගේ වාහනයේ තියෙන්නේ සාමාන්‍ය battery එකක්ද? නැත්නම් සීල් battery එකක්ද? වාහනයේ තියෙන්නේ සීල් battery එකක් නම් ඒකෙන් අපිට ලැබෙන වාසි සහ අවාසි ගැන අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඔයා භාවිතා කරන්නේ සාමාන්‍ය battery එකක් වුණත් මේ සීල් battery වල තියෙන වාසි අවාසි දැනගෙන ඉන්න එක වැදගත්. මොකද එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට ගැළපෙන battery එකකට මාරු වෙන්න. මේ නිසා CarsGuide අපි අද ඔයාට කියන්නේ නඩත්තු අනවශ්‍ය සීල් battery වල වාසි අවාසි කිහිපයක් ගැනයි.

නඩත්තු අනවශ්‍ය battery කියන්නේ?

නඩත්තු අනවශ්‍ය battery එකක් කියන්නේ ඊයම් සහ අම්ල battery එකක් වන අතර එය නිෂ්පාදනය කරන රටින්ම සීල් කරනවා. මේ විදිහට නිෂ්පාදනය කරන රටින්ම සීල් කරලා එවන නිසා තමයි මේ battery වලට සීල් battery කියන්නේ. ඒ වගේම තමයි battery එකේ ක්‍රියාකාරී කාලය තුළ ජලය හෝ විද්‍යුත් විච්ඡේදක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ battery ඊයම්-අම්ල battery ලෙසත් හඳුන්වනවා. ජලය පිරවීමට අවශ්‍ය සාමාන්‍ය battery වැලට වඩා මේ සීල් battery භාවිතය වාසිදායකයි.

සීල් battery එකක වාසි

අපි දැන් බලමු සීල් battery එකක් භාවිතා කිරීම මඟින් අපිට ලැබෙන වැසි මොනවාද කියලා.

ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙනවා

සාමාන්‍ය battery එකක ධාරිතාවය උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. එතකොට අපි battery එකේ ධාරිතාව හරි ගාණට තියා ගන්න කටයුතු කරන්න ඕනේ. සාමාන්‍ය battery එකක් එහෙම වුණත් සීල් battery එක ටිකක් වෙනස්. වාහනයේ තියෙන්නේ සීල් battery එකක් නම් සීත දේශගුණයක හිටියත් ඉතා උණුසුම් දේශගුණයක හිටියත් ඒවා වල

ධාරිතාවේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මේ විදිහට ඔනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දීමේ හැකියාව සීල් battery වලින් අපිට තියෙන ලොකු වාසියක්.

කාන්දු වෙන්නේ නැහැ

සාමාන්‍ය battery එකක් භාවිතා කරනකොට ඒවා තුල තියෙන battery වතුර පිටතට කාන්දු වෙන්න ඉඩ තියෙනවා. නමුත් සීල් battery වලින් අපිට ලැබෙන තවත් ලොකු වාසියක් තමයි මේ battery වල තියෙන battery ජලය නිරාවරණය නොවීම කියන්නේ. ඒ මොකද මේ battery සීල් කරලා තියෙන නිසා. ඒ නිසා මේ battery පරිහරණයේදී අත් වල ගෑවෙයි කියලා අපිට බය වෙන්න දෙයක් නැහැ.

ප්‍රතිචක්‍රීකරණය කළ හැකියි

සීල් battery පරිසර හිතකාමී වෙනවා. නඩත්තු රහිත සීල් battery ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය වලින් තමයි නිපදවලා තියෙන්නේ. ඒ වගේම මේ battery සීල් කරලා තියෙන නිසා ඒවා තුළ තියෙන රසායනික ද්‍රව්‍ය පිටතට කාන්දු වීමක් සිදු වෙන්නේ නැහැ.

ඉක්මනට charge වෙනවා

සාමාන්‍ය battery charge වෙන්න ගොඩක් වෙලා යනවා. හැබැයි සීල් battery එහෙම නෙවෙයි. ඒවා ඉක්මනට charge වෙනවා. මේ සීල් battery සාමාන්‍ය battery වලට වඩා 30% ක වේගයකින් charge වෙනවා. ඒ වගේම තමයි මේ සීල් battery වල charge එකා ඉක්මනට අඩු වෙන්නෙත් නැහැ. සාමාන්‍ය battery එකක් තියෙන වාහනයක් ටික කාලයක් භාවිතා කරන්නේ නැතුව තිබුණොත් charge එක බහිනවා. හැබැයි සීල් battery තියෙන වාහන භාවිතා කරන්නේ නැතුව මාසයක කාලයක් එකම තැන තිබුණත් ඒකේ charge එක බහින්නේ අඩුවෙන්.

සීල් battery වල අවාසි

සීල් battery වලින් අපිට වාසි තියෙනවා වගේම අවාසි කිහිපයකුත් තියෙනවා. අපි දැන් බලමු ඒ අවාසි මොනවාද කියලා.

අධික මිල

සීල් battery සාමාන්‍ය battery වලට වඩා මිලෙන් ගොඩක් වැඩියි. මිලෙන් වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් battery නිෂ්පාදනය කිරීමට භාවිතා කරන උසස් ද්‍රව්‍ය ලොකු හේතුවක් වෙනවා. ඒ වගේම මේ battery වල මිල වැඩි වෙන්න අපිට මේ battery එකෙන් ලැබෙන වාසිද හේතුවක්.

අලුත්වැඩියා කිරීමට නොහැකියි

මේ නඩත්තු අනවශ්‍ය සීල් battery සීල් කරලා තියෙන නිසා අලුත්වැඩියා කිරීමට හෝ නැවත සකස් කිරීමට නොහැකියි. ඒ වගේමා ඒවා සාමාන්‍ය battery වලට වඩා අඩු නම්‍යශීලී සහ අනුවර්තනය වීමට ඉඩ සලසනව.

මේ තමයි සීල් battery වල තියෙන වාසි සහ අවාසි. මේ වාසි සහ අවාසි ගැන දැනගෙන හොඳ අවබෝධයක් ලබා ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ වාහනයට හොඳටම ගැලපෙන battery එක තෝරා ගන්න. ඔයාගේ වාහනයට battery එකක් ගන්නකොට කවුරු හරි කියන පලියට battery එක ගන්නේ නැතුව මේ දේවල් ගැන හිතලා battery එකක් ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi Q2 2019 for Sale

Audi Q2 2019

74,000 km, Colombo
MEMBER
Rs 15,900,000
2 weeks ago
Suzuki Wagon R FX 2023 for Sale

Suzuki Wagon R FX 2023

1,000 km, Colombo
verified MEMBER
Rs 8,100,000
4 minutes ago
Honda Vezel Z Grade Brandnew 2025 for Sale

Honda Vezel Z Grade Brandnew 2025

0 km, Gampaha
verified MEMBER
Rs 20,300,000
4 days ago
Toyota Roomy G 2023 for Sale

Toyota Roomy G 2023

250 km, Colombo
verified MEMBER
Rs 10,950,000
7 minutes ago
Daihatsu Taft G Grade 4Way CAM 2023 for Sale

Daihatsu Taft G Grade 4Way CAM 2023

6,000 km, Colombo
verified MEMBER
Rs 8,500,000
2 days ago
Auto Parts for saleikman logo
audi a6 2013 front bumper for Sale

audi a6 2013 front bumper

verified MEMBER
verified
Rs 250,000
6 hours ago
Kia Soranto 2012 Tail Lights for Sale

Kia Soranto 2012 Tail Lights

verified MEMBER
verified
Rs 75,000
6 hours ago
Audi A4 2012 Rear Bumper for Sale

Audi A4 2012 Rear Bumper

verified MEMBER
verified
Rs 145,000
6 hours ago
Toyota Aqua ABS for Sale

Toyota Aqua ABS

MEMBER
Rs 150,000
6 hours ago
+ Post an ad on ikman