ඔබේ වාහනයේ වැඩිපුර තෙල් පිච්චුනාද? මෙන්න විසඳුම

28 Mar, 2024   
ඔබේ වාහනයේ වැඩිපුර තෙල් පිච්චුනාද? මෙන්න විසඳුම

අපි වාහනයක් ගන්නේ සතුටින් ඉන්න හිතාගෙන. හැබැයි විවිධ හේතූන් නිසා වාහනයේ තෙල් පිච්චෙන්න ගත්තොත් අපිට ලොකු ලොකු ප්‍රශ්න වල‍ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඔයාගේ වාහනයේ වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා ඔයා ඉන්නේ අවුලෙන්ද? හැබැයි අදින් පස්සේ නම් වාහනයේ වැඩිපුර තෙල් පිච්චෙනවා කියලා දුක් වෙන්න ඕනේ නැහැ. මොකද CarsGuide අපි අද ඔයාට කියන්නේ වාහනයේ වැඩිපුර තෙල් කොහොමද වගේම පිච්චෙන එකට ඔයාට කරන්න පුළුවන් දේවල් කිහිපයක් ගැනයි.

Engine එකක තෙල් දහනය වන්නේ කොහොමද?

Oil බාහිරින් දහනය වීම

Engine එක තුළ අනිවාර්යෙන් තියෙන්න ඕනේ දෙයක් තමයි oil කියන්නේ. කොහොම වුණත් oil seal එක හෝ gasket එක අධික ලෙස ඇඳීමෙන් හෝ අධික උෂ්ණත්වයට නිරාවරණය වීමෙන් කාන්දු වන අවස්ථා අපිට ඕනෑ තරම් දැක ගන්න පුළුවන්. බාහිර තෙල් දහනය

– Oil filter
– Drain plug
– Pan
– Filler cap
– Cooler lines

මේ වගේ කොටස් වලින් සිදු වෙනවා. ඒ වගේම තමයි engine එකෙන් oil කාන්දු වුණාම engine එකෙන් පිටත අතිශයින් උණුසුම් වන අතර එමඟින් දැවෙන තෙල් සුවඳක් ඇති කරනවා.

අභ්‍යන්තරව තෙල් දහනය

වාහනය start කිරීමේදී පිටාරයෙන් නිල් පැහැති දුමාරයක් පිටවෙනවා ඔයාල දැකලා ඇති. වාහනයේ piston එකේ මුදු දහන කුටිය engine oil රැක ගැනීමට උදව් වෙනවා. Piston එක දුර්වල නඩත්තුවකින් අඳිනු ලැබුවහොත් දහන ක්‍රියාවලියේදී කුඩා oil ප්‍රමාණයක් රත් වෙනවා. එමගින් තමයි නිල් දුමාරය නිපදවෙන්නේ. තවත් අභ්‍යන්තරව oil දහනය වීමේ ගැටලුවක් විය හැක්කේ වැරදි ක්‍රියාකාරී PCV පද්ධතියයි. Engine එක ක්‍රියාත්මක වන විට crane එකට ඇතුළු වන වායු-ඉන්ධන මිශ්‍රණය කුඩා ප්‍රමාණයක් මෙය හසුරුවනවා.

වාහනයේ තෙල් කාන්දු වෙනවද කියල දැනගන්නේ කොහොමද?

– වාහනයේ තෙල් කාන්දු වෙනවද කියලා දැනගන්න ක්‍රම කිහිපයක් ඔයාට තියෙනවා. ඔයා වාහනය drive කරනකොට තෙල් දැවෙන සුවඳක් දැනෙනවා. Engine oil බාහිරින් පිටවන කොට තමයි මෙය සිදු වෙන්නේ.

– අභ්‍යන්තර කාන්දුවීම් ගැන සඳහන් කළ පරිදි නිල් පිටාර දුම, ඔබේ මෝටර් රථය තෙල් දහනය වන බවට තවත් ඇඟවීමක්. මෙම නිල් පැහැති දුමාරය බොහෝ විට දක්නට ලැබෙන්නේ ඔබේ මෝටර් රථය මුලින්ම ආරම්භ කරන විට හෝ නැවතුණු ස්ථානයෙන් වේගවත් කරනකොටයි.

– වාහනයේ තෙල් පිටවෙනවද කියල දනාගන්න පුළුවන් තුන්වන කරුණ තෙල් පීඩනය අඩු වීමයි. ඔයාගේ වාහනය අනතුරු ඇඟවීමේ ආලෝකයකින් සමන්විත නම්, මෑතකදී ඉන්ධන එකතු කළද, මෙය නිතර දිස් වෙන්න පුළුවන්.

Engine එකේ oil පරික්ෂා කරන්නේ කොහොමද?

ඔයත් හැමදාම උදේට වාහනය start කරන්න කලින් එන්ජින් කූර එලියට අරගෙන engine oil නියමිත ප්රමාණයට තියෙනවද කියලා බලන්න. engine ක්රියාත්මක කරාට පසුව හෝ එන්ජිම රත් වෙලා තියෙන වෙලාවක oil පරික්ෂා කරලා වැඩක් නැහැ. ඒ මොකද කිව්වොත් engine එක ක්රියාත්මක කරාම එන්ජිමේ සෑම තැනකට oil ගමන් කරනවා. එතකොට oil samp එකේ oil තිබෙන්නේ අඩුවෙන්. මේ නිසා engine එක රත් වුණ හෝ engine එක ක්රියාත්මක වාහනයක oil පරික්ෂා කිරීම කිසිම වැඩක් නැති දෙයක්. රෑට නවත්වපු වාහනයක උදේට oil බලන එක තමයි වඩාත්ම සාර්ථක වන්නේ.

තෙල් වැඩියෙන් පිචේචෙන්න හේතු සහ එය වළක්වා ගැනීමට ගත හැකි පියවර

දෝෂ සහිත sensors සහ අපවිත්‍ර air filters

දෝෂ සහිත sensors සහ අපවිත්‍ර air filters වලින් වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුකරනවා. Cylinder වලට සැපයෙන වාත ප්‍රමාණය යාමනය කරන්නේ ඔක්සිජන් sensors වලින්. ඒ වගේම දෝෂ සහිත ඔක්සිජන් sensors තිබීම මඟින් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩාල වෙනවා. මේ නිසා දෝෂ සහිත sensors සහ අපවිත්‍ර air filters අලුත් කරන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න

දෝෂ සහිත spark plug

Spark plug එක කියන්නේ අභ්‍යන්තර දහන engine එකේ දහන කුටියේ තියෙන වායු-ඉන්ධන මිශ්‍රණය දැල්වෙන ගිනි පුපුරක් නිපදවීමට භාවිතා කරන විද්‍යුත් උපාංගයකටයි. වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන්න spark plug ලොකු කාර්යභාරයක් ඉටු කරනවා. වාහනය ඉන්ධන හා වාතය දහනය වීමට spark plug අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. දෝෂ සහිත spark plug තියෙනකොට මේ ක්‍රියාව හරියට සිදු වන්නේ නැහැ. ඒ වගේම එමඟින් ඉන්ධන කාර්යක්ෂමතාවයද අඩු වෙනවා.

මේ කාරණා නිසා ඔයාගේ වාහනයේ තියෙන්නෙත් දෝෂ සහිත spark plug නම් ඒවා මාරු කරගන්න.

Injector දෝෂ

Engine එකට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නේ Injector එක මඟින්. මේ Injector වලින් ඉන්ධන ඉවතට කාන්දු වුණොත් engine එකට ලැබෙනා ඉන්ධන ප්‍රමාණය අඩු වනවා. එතකොට engine එකේ කාර්යක්ෂමතාවයද අඩු වෙනවා. ඔයා Injector එක අලුත් වැඩියා කළොත් ඔයාට පුළුවන් ඉන්දන දහනය අඩු කරගන්න.

වාහනය start කර එකම තැනක තැබීම

මේකනම් ඔයාගේ අතින් සිදු වෙන වැරැද්දක්. ඔයත් වාහනය start කරලා ටික වෙලාවක් එකම තැන ඉන්නවද? වාහනයක් start කරලා එකම තැනක වාහනය තැබීම මඟින් ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා. සාමාන්‍යයෙන් වාහනයක් start කරලා තත්පර 30ත්, විනාඩියක කාලයක් අතර වාහනය ගමන් කිරීම ආරම්භ කරන්න ඕනේ. මේ වගේ අවස්තාවක වාහනය neutral කරලා තියන්න. එතකොට ඔයාට පුළුවන් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගෙන ඉන්දන දහනය අඩු කරගන්න.

Engine oil

ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපාන තවත් සාධකයක් තමයි engine oil කියන්නේ. Engine එකේ ඝර්ෂණ බලය අඩු කර චලනය වන කොටස් වල ක්‍රියාකාරීත්වය මානව සිදු කරන්නට engine oil ලබා ගන්නවා. ඒ නිසා වාහනයේ engine oil නියමිත කාලයට මාරු කිරීම මඟින් ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි කරගන්න පුළුවන්.

AC

ඔයා වාහනය වේගයෙන් drive කරන්නේ windows පහත් කරගෙන නම් එමඟින් ඉන්ධන දහනය වැඩි වෙනවා. මේ වගේ වේගයෙන් ගමන් කරන අවස්ථාවක windows වහගෙන AC on කරගෙන යන්න. ඒ වගේම තමයි ඔයා වාහනයේ ගමන් කරන්නේ හිමින් නම් AC off කරලා windows ටිකක් පාත් කරන යන්නා. ඒ වගේම එමඟින් ඔයාට පුළුවන් ඉන්ධන දහනය වීම අඩු කරගන්න.

ඉතින් ඔයාගේ වාහනයේ වැඩිපුර තෙල් පිච්චෙනවාද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම මේ දේවල් try කරලා බලන්නත් අමතක කරන්නත් එපා. මේ දේවල් ඔයා හරියටම කළොත් ඔයාට පුළුවන් වෙයි වැඩියෙන් තෙල් පිච්චෙන එක අඩු කරගෙන සතුටින් වාහනය drive කරන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X5 3.0L Pure Diesel 2016 for Sale

BMW X5 3.0L Pure Diesel 2016

186,000 km, Gampaha
verified MEMBER
verified
Rs 33,000,000
1 week ago
Maruti Suzuki 800 2006 for Sale

Maruti Suzuki 800 2006

140,000 km, Kegalle
MEMBER
Rs 2,350,000
57 minutes ago
BMW 318i M SPORTS 2018 for Sale

BMW 318i M SPORTS 2018

89,000 km, Colombo
verified MEMBER
verified
Rs 23,500,000
1 week ago
Nissan Sunny N17 2010 for Sale

Nissan Sunny N17 2010

140,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,990,000
1 week ago
Toyota Vitz Edition 02 2017 for Sale

Toyota Vitz Edition 02 2017

96,000 km, Ratnapura
MEMBER
Rs 8,875,000
1 day ago
Auto Parts for saleikman logo
Mira LA350 Windcreen for Sale

Mira LA350 Windcreen

verified MEMBER
Rs 65,000
3 hours ago
Delica PO15 Windscreen for Sale

Delica PO15 Windscreen

verified MEMBER
Rs 45,000
3 hours ago
Starlet EP91 Windscreen for Sale

Starlet EP91 Windscreen

verified MEMBER
Rs 55,000
3 hours ago
+ Post an ad on ikman