AC Errors අලුත් වාහන වල හඳුනා ගන්න තියන system මොනවද?

01 Jun, 2023   
AC Errors අලුත් වාහන වල හඳුනා ගන්න තියන system මොනවද?

අපි ගමනක් යන්න වාහනයට නැග්ග ගමන් මුලින්ම කරන්නේ AC එක on කරන එක. මොකද AC එකක් නැතුව යම් කිසි දුරක් වාහනයක යනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. හැබැයි අපිට නැතුවම බැරි AC එක නිසා අපි වගේම අපේ වාහනයත් ලෙඩ වෙන්න පුලුවන්. ඒ නිසාම අද CarsGuide තුළින් අපි ඔබව දැනුවත් කරන්න හදන්නේ අලුත් වාහන වල AC errors හඳුනා ගන්න තියන system මොනවද කියලා.

සංකීර්ණ වායු සමීකරණ පද්ධතියක්

වාහන වල එක එක විදියේ indicators තියෙනවා. නමුත් වායු සමීකරණ පද්ධතියට ඒ විදියට විශේෂ වුණු indicators නැහැ. හැබැයි multi information display තියෙන වාහන වල නම් AC error එකක් ආවම massage එකක් එන්න පුලුවන්.ඒත් එක icon එකක් විදියට පෙන්නන්නේ නැහැ. සාමාන්‍යයෙන් multi information display නැති වාහන වල AC error එකක් අවොත් AC button එකේ තියෙන indicator එකෙන් එහෙමත් නැත්නම් AC එකේ තියෙන button එක blink වෙන්න පටන් ගන්නවා. අපිට එකෙන් අදහසක් ගන්න පුලුවන් වායු සමීකරණ පද්ධතියේ දෝෂයක් තියෙනවා කියලා. හැබැයි අලුත් වාහන වල තාක්ෂණයේ දියුණුවත් එක්ක digital privet control තියෙන වාහන වෙළඳපොළට ඇවිත් තියෙනවා. මේ අලුත් වාහන වල සංකීර්ණ වායු සමීකරණ පද්ධතියක් තියෙන්නේ.
ඉතින් තමන්ගේ වාහනයේ AC system එකේ electronic error එකක් තමන්ට අඳුර ගන්න ක්‍රමවේද තියෙනවා.

Toyota AC system

උදාහරණයක් විදියට Toyota කියන වාහන මාදිලියට අදාලව ඇතිවෙන AC errors හඳුනා ගන්න තියන system එක ගැන බලමු. වාහනයේ AC Panel එක බැලුවම අපිට switches කීපයක්ම බලා ගන්න පුලුවන්.මේ switches වලින් Auto කියන switch එක තමයි auto කියන mood එකේ ක්‍රියාත්මක වෙන්නේ. Fresh air කියන්නේ system එක air resolutions mood එකට මාරු කරන switch එක.වාහනයේ engine එක off කරලා තියෙන අවස්ථාවේ auto කියන button එක සහ fresh air කියන button එක දෙකම එක පාර press කරගෙන power switch එක on කරන්න. තත්පර දෙකක් විතර switch දෙක deep press කරගෙන ඉඳලා අත හරිනකොට AC Panel එකේ තියෙන සියලුම indicators bulb පත්තු වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම display එකේ තියෙන icons ටික විටින් විට පත්තු වෙන්න පටන් ගන්නවා. මේ bulb පත්තු වෙනවා කියන්නේ හැම switch එකක්ම function වෙනවා කියන එකයි.
Button එක function වෙන්නේ නැත්නම් අදාළ indicator එක දැල්වෙන්නේ නැහැ. ඒකෙන් අපිට අඳුරගන්න පුලුවන් system එකේ තියෙන ඔක්කොම් switchers වැඩ කරනවද කියලා.

ඉලක්කම් වලින් අදුරගමු

AC system එකේ වැඩ කරන මෝටර් එකක, sensor එකක දෝෂයක් තියෙනවා නම් segments පෙන්නවන ඉලක්කම් වලින් එක සඳහන් වෙනවා. වාහනයේ engine එක off කරලා තියෙන අවස්ථාවේ auto කියන button එක සහ fresh air කියන button එක දෙකම එක පාර press කරගෙන power switch එක on කලාට පස්සේ temperature එක පෙන්වන තැන බින්දු දෙකක් වැටෙනවා නම් AC system එකේ දෝෂයක් නැහැ. නමුත් බින්දු දෙක නැතුව යම් කිසි ඉලක්කමක් වැටෙනවා නම් ඒ කියන්නේ ඒ අංකයට අදාලව යම් දෝෂයක් AC system එකේ තියෙනවා කියන එක.

මේ විදියට තමයි තමන්ගේ වාහනයේ AC Errors හඳුනා ගන්නේ. ඔබත් මේ දේවල් try කරලා බලන්න. එතකොට පුලුවන් පොඩි දෝෂය විශාල දෝෂයක් වෙන්න කලින් අඳුරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Nissan X-Trail T30 2007 for Sale

Nissan X-Trail T30 2007

125,000 km, Colombo
verified MEMBER
Rs 7,950,000
1 week ago
Toyota Land Cruiser Sahara ZX LC300 2025 for Sale

Toyota Land Cruiser Sahara ZX LC300 2025

0 km, Colombo
verified MEMBER
Rs 105,000,000
1 week ago
Daihatsu Taft G Turbo 2025 for Sale

Daihatsu Taft G Turbo 2025

200 km, Kurunegala
verified MEMBER
Rs 9,400,000
4 hours ago
Suzuki Wagon R Stingray 2015 for Sale

Suzuki Wagon R Stingray 2015

107,500 km, Gampaha
MEMBER
Rs 6,325,000
4 hours ago
Toyota Hilux G R Sport 2024 for Sale

Toyota Hilux G R Sport 2024

0 km, Puttalam
verified MEMBER
Rs 31,600,000
4 hours ago
Auto Parts for saleikman logo
Toyota Hilux Electric Roller Shutters for Sale

Toyota Hilux Electric Roller Shutters

verified MEMBER
Rs 420,000
3 days ago
Honda fit shuttle gp2 head light for Sale

Honda fit shuttle gp2 head light

verified MEMBER
verified
Rs 30,000
6 hours ago
Suzuki Carry DA16 Truck Head Light for Sale

Suzuki Carry DA16 Truck Head Light

verified MEMBER
verified
Rs 25,000
6 hours ago
Toyota Tank Roomy Inner Guard for Sale

Toyota Tank Roomy Inner Guard

verified MEMBER
verified
Rs 12,000
6 hours ago
Toyota axio rear buffer 141 for Sale

Toyota axio rear buffer 141

verified MEMBER
verified
Rs 15,000
6 hours ago
+ Post an ad on ikman