වාහනයේ engine එක බෝර් කරනවා කියන්නේ මොකක්ද?

22 Mar, 2024   
වාහනයේ engine එක බෝර් කරනවා කියන්නේ මොකක්ද?

ඔයා වාහනයක හිමිකරුවෙක්ද? ඔයා වාහනයේ හැම දෙයක් ගැනම දැනුවත්ද? හැබැයි වාහනයක් drive කරන ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි engine එක බෝර් කරනවා කියන්නේ. අන්න ඒ නිසා CarsGuide අපි අද ඔයාට කියන්නේ වාහනයේ engine එක බෝර් කරනවා කියන්නේ මොකක්ද කියලා.

Engine එකක කොටස්

– සිලින්ඩරය

Engine එකේ වැදගත්ම කොටසක් තමයි සිලින්ඩරය කියන්නේ. Engine එකේ උෂ්ණත්වය පාලනය කිරීම වගේ ප්‍රධාන කාර්යභාරයන් කිහිපයක් ඉටු කරන අතර සිලින්ඩරය ඉහළම ගුණාත්මකභාවයෙන් තියෙන්න ඕනේ.

– පිස්ටනය

පිස්ටනය කියන්නේ සිලින්ඩරයේ ඇතුළත තියෙන සිලින්ඩරාකාර හැඩති plug එකටයි. ඉන්ධන දහනය කිරීමේ පීඩන ශක්තිය ප්‍රයෝජනවත් යාන්ත්‍රික බලය බවට පරිවර්තනය කිරීමට පිස්ටනය උදව් වෙනවා.

– Intake and exhaust valves

දහනය සඳහා engine එකට ඇතුළු වන වාතය සහ සිලින්ඩරයෙන් පිටවන පිටාර වායූන් පාලනය කිරීම සහ නියාමනය කිරීම සිදු කරන්නේ මේ කොටස මඟින්.

– Connecting rod

Connecting rod එකේ ප්‍රධානම කාර්යය තමයි පිස්ටනයේ චලිතය crank shaft එකේ භ්‍රමණය වන චලිතය බවට වෙනස් කිරීම. Connecting rod සාමාන්‍යයෙන් මිශ්‍ර වානේ වලින් සාදනු ලබනවා.

– Camshaft

කැමරා සවි කර ඇති පතුවළ camshaft ලෙස හැඳින්වෙනවා. Engine එකේ ප්‍රධාන camshaft වර්ග දෙකක් තියෙනවා. ඒ අනුව camshaft වර්ග flat tappet සහ roll කියලා වර්ග දෙකකින් යුක්ත වෙනවා.

– Crank shaft

Engine එකේ බලය ඇද ගන්නා කොටසට තමයි crank shaft එක කියන්නේ. Crank Shaft එක සෑදී ඇත්තේ තාප පිරියම් කරන ලද මිශ්‍ර වානේ වලින්.

සිලින්ඩරයේ බෝර් එක කියන්නේ මොකද්ද?

වාහනයේ engine එකේ සිලින්ඩරයක් හෝ කිහිපයක් තියෙනවා. මේ සිලින්ඩර් ප්‍රමාණය වාහනයෙන් වාහනය වෙනස් වෙන්න පුළුවන් වගේම මේ සිලින්ඩර ඕනෑම වාහනයක දකින්නත් පුළුවන්. සිලින්ඩරයේ para meters දෙකක් තියෙනවා. ඒ තමයි stroke සහ බෝර් එක කියන්නේ. ඒ වගේම engine එකේ තියෙන සිලින්ඩරය ඇතුලේ තමයි පිස්ටනය චලනය වෙන්නේ. මේ සිලින්ඩරයේ අභ්‍යන්තර විෂ්කම්භයට තමයි බෝර් එක කියලා කියන්නේ. බෝර් එක සහ stroke එක හරහා තමයි engine එකේ engine ධාරිතාව හොයාගන්නේ.

බෝර් කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි?

වාහනයේ engine එකේ oil ටිකක් පිච්චෙනකොටම ගොඩක් අය කරන්න හදන්නේ engine එක බෝර් කරන එක. නමුත් බොහෝ වෙලාවට engine එකක් බෝර් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සිලින්ඩරයේ තියෙන පිස්ටනයට චලනය වෙලා සිලින්ඩරය ගෙවෙනවා. නමුත් බෝර් කරන්න තරම් engine එකට හානියක් වෙලා නැත්නම් පිස්ටනය මාරු කරලා engine එකට හානියක් වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. නමුත් වාහනයේ තියෙන engine එක ගොඩක් පරණයි නම් පිස්ටනය විතරක් මාරු කරලා වැඩක් නැහැ. එතකොට engine එකේ තියෙන සිලින්ඩරයේ බෝර් එක වැඩි මේ වෙනවා. මේ වගේ අවස්ථාවල ඔය engine එක බෝර් කරන්න ඕනේ.

Engine එක බෝර් කරන්නේ කොහොමද?

Engine එක බෝර් කිරීම සිදු කරන්නේ engine boring machine එක මඟින්. මේ machine එකට සිලින්ඩරය දාලා ඒකෙ විෂ්කම්භය වැඩි කරනවා. ඊට පස්සේ ඒ සිලින්ඩරයේ විෂ්කම්භයට ගැළපෙන අලුත් පිස්ටනයක් දැමීම සිදු කරනවා. මේ විදිහට සාමාන්‍යයෙන් හතර වතාවක් පමණ engine එක බෝර් කරන්න හැකියාව තියෙනවා.

Engine එක බෝර් කිරීමෙන් සිදු වන අවාසි

අපිට engine එකක් බෝර් කරන්න වියදම් වෙන්නේ පිස්ටනයට යන මුදල සහ බෝර් කරන්න යන මුදල විතරයි. නමුත් engine එකක් බෝර් කිරීමෙන් සිදු වන ලොකු අවාසියක් තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියන්නේ. Engine එකක් බෝර් කළාට පසුව ඒ engine එකේ තියෙන ඉන්ධන කාර්යක්ෂමතාවය අඩුවෙනවා. ඒ වගේම සිලින්ඩරයේ බිත්ති තුනී වෙලා සිලින්ඩරය දුර්වල වීම සහ සමහර විට engine එකේ ආයු කාලය අඩුවීම වගේ අවාසි ඔයාට ලැබෙන්න පුළුවන්. මේ නිසා ඔයා වාහනය ගොඩක් භාවිතා කරනවා නම් engine එක බෝර් කිරීම එතරම් සාර්ථක වෙන්නේ නැහැ.

Engine එක බෝර් කරනවා කියලා හඳුනා ගන්නේ කොහොමද?

වාහනයේ engine එක බෝර් කරන්න ඕනෙද කියලා දැනගන්න තියෙන එක ක්‍රමය තමයි සිලින්ඩරයේ බෝර් එක මැනීම කියන්නේ. මෙහිදී සිලින්ඩරයේ බෝර් එක තියෙන්න ඕනේ තරමට වඩා වැඩිනම් එතැනදී කියන්නේ engine එක බෝර් කරන්න ඕනේ කියලා.

ඉතින් අද අපි කිව්වේ වාහනයක engine එක බෝර් කරන විදිහ ගැනයි. Engine එක බෝර් කරනවා කියන එක ගැන දැන් ඔයාට ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado 2013 for Sale

Toyota Land Cruiser Prado 2013

284,000 km, Gampaha
MEMBER
Rs 32,000,000
4 days ago
Suzuki Alto 2017 for Sale

Suzuki Alto 2017

51,000 km, Colombo
MEMBER
Rs 5,900,000
1 day ago
BMW 740e M” Sport Individual 2018 for Sale

BMW 740e M” Sport Individual 2018

38,000 km, Colombo
verified MEMBER
verified
Rs 42,790,000
1 hour ago
Mercedes Benz E200 Facelift-Premium + 2023 for Sale

Mercedes Benz E200 Facelift-Premium + 2023

2,500 km, Colombo
verified MEMBER
verified
Rs 47,500,000
1 week ago
Toyota Land Cruiser Prado Facelift-Agent Impor 2017 for Sale

Toyota Land Cruiser Prado Facelift-Agent Impor 2017

60,000 km, Colombo
verified MEMBER
verified
Rs 45,250,000
1 day ago
Auto Parts for saleikman logo
Rear Bumper Hamer for Sale

Rear Bumper Hamer

verified MEMBER
verified
Rs 195,000
3 hours ago
Hilux Lift Kit for Sale

Hilux Lift Kit

verified MEMBER
verified
Rs 75,000
3 hours ago
Ford Lift Kit for Sale

Ford Lift Kit

verified MEMBER
verified
Rs 399,000
3 hours ago
Ford Raptor Side Mirror for Sale

Ford Raptor Side Mirror

verified MEMBER
verified
Rs 89,000
4 hours ago
+ Post an ad on ikman