Radiator එකේ coolant level එක බැලුවද?

22 Feb, 2024   
Radiator එකේ coolant level එක බැලුවද?

ඔයා වාහනයක් ගන්නවා වගේම ඒ වාහනේ කොටස් ගැනත් හොඳ අවධානයක් දෙන්න ඕනේ. නැත්නම් ඔයාට වාහනය ගොඩක් කල් පාවිච්චි කරන්න බැරි වෙනවා. ඉතින් වාහනයක් තියෙන ඔයා අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි වාහනයේ radiator එක. ගොඩක් අය මේ ගැන සැළකිලිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාම අද CarsGuide අපි හිතුවා radiator එක ගැන ඔයාලට කියන්න.

Radiator එකෙන් වෙන්නේ මොකක්ද ?

radiator එකෙන් වෙන්නේ engine එක ක්‍රියාත්මක කරද්දී ඇති වෙන තාපය ඉවත් කරලා engine එක අධික ලෙස රත් වෙන එක නතර කරනවා.
Radiator එකක ප්‍රධාන කොටස් 2ක් තියෙනවා. ඒ තමයි,
1 Toop tank
2 Bottom tank
ඒ වගේම radiator core කියලා ඇලුමිනියම් කොටසක් ඇතුළත් වෙනවා.

Radiator එකේ කොටස් මොනවද ?

Inlet
Filter neck
Transmission oil cooler
Outlet
Drain plug
Fan

හැමදාම උදේට Coolant level එක check කරන්න

ගොඩක් අය මේ දේ කරන්නේ නැහැ. ඒත් උදේට හැමදාම coolant level එක බලන්න මතක තියාගන්න. මොකද වයර් වලට damage වෙලා තියෙන්න පුළුවන් වගේම hose එකක් පුපුරලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා මතක ඇතුව හැමදාම ඔයාගේ වාහනේ drive කරන්න කලින් coolant level එක check කරන්න මතක තියාගන්න.

Radiator එක කොච්චර කාලෙකට සැරයක් check කරන්න ඕනෙද?

වාහනය service එකට දැම්මට පස්සේ ගොඩක් අය radiator එක ගැන බලන්නේ නැහැ. ඒත් ඔයාට හැමදාම වගේ radiator එක check කරන්න පුළුවන් නම් ඒ දේ වාහනයට ගොඩක් හොඳයි.

Engine එක හරියට cool කරගන්නේ කොහොමද ?

Engine එක හරියට cool වෙන්න නම් coolant engine එක වටේට යන්න ඕනේ. ඉතින් ඒ විදිහට coolant engine එකට අරන් යන බට line එකට කියන්නේ engine horse කියලා.

Coolant දාන්න ඕනේ කොහොමද ?

සාමාන්‍යයෙන් 40,000km සැරයක් coolant මාරු කරන්න ඕනේ. ඒ වගේම coolant එකක් දාන්න ඕනේ බාල coolant වර්ග දාන්න එපා. ඔයා ලාභය ගැන හිතලා බාල coolant දානවා නම් ඒ දේ වාහනයට ලොකු ගැටළුවක් වෙන්න පුළුවන්.

වාහනයක Coolant බලන්නේ කොහොමද ?

මුලින්ම ඔයා බලන්න ඕනේ engine එක නිවිලද කියලා.රත් වෙච්ච හරි ධාවනය වෙන engine එකක Coolant එකක බලන එක ගොඩක් භායානක වැඩක්.

Max level එකට වඩා coolant දාන්න එපා

ඔයා කවදාවත් max level එකට වඩා නම් coolant දාන්න යන්න එපා. මොකද engine එක රත් වෙනකොට coolant ප්‍රසාරණය වෙලා බෝතල් වලින් එළියට විසි වෙලා යන්න පුළුවන්.

Radiator එකක වතුර උණු වෙන්නේ ඇයි ?

Radiator එකක වතුර උණු වෙනවා නම් එකට හේතු ටිකක් තියෙනවා. ඉතින් ඔයා මුලින්ම බලන්න fan එක බුරුල් වෙලාද කියලා. Fan belt එක කැඩිලා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් radiator එක දිරලා වෙන්නත් පුළුවන්, ඒ බට වල ලීක් එකක් වෙන්න පුළුවන්. එතකොට වාහනයේ engine එක cool වෙන්නේ නැහැ.

වාහනය heat වෙන්නේ ඇයි?

ඔයා කරන්න ඕනේ engine එක නිවේනකම් bonnet එක ඇරලා තියන එක. Coolant level එක අඩුයි නම් Max level එකට වෙනකම් coolant දාන්න.
ඒ වගේම ඔයාගේ වාහනේ Heat එක දවස් දෙක, තුනකට සැරයක් වෙනවනම් ඒ ගැන අවධානය යොමු කරන්න අමතක කරන්න එපා. Engine oil මදි වුණාමත් වාහනය heat වෙන්න බලනවා. Radiator එකේ ගැටළුවක් වෙන්නත් පුළුවන්.
වාහනයේ tuning මදි එකත් ඒ විදිහට වාහනය heat වෙන්න බලපානවා.

වතුර ද ? coolant ද ? වාහනයට හොඳ

ඔයා කවදාවත් වාහනයට වතුර දන්න එපා. වතුර දාන එකෙන් වාහනයේ cooling system එක block වෙන්න පුළුවන්. ඒ වගේම මලකඩ ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා හැමවෙලාවකම coolant දාන්න මතක තියාගන්න.

මෙන්න මේ විදිහට තමයි වාහනයේ coolant level එක check කරගන්නේ. ඉතින් අද CarsGuide අපි කියපු විදිහට ඔයාගේ වාහනයේ radiator එක ගැන වගේම coolant level එක සැළකිලිමත් වුණොත් වාහනයේ ගැටළු ඇති වෙන්නේ නැහැ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Corolla 2008 for Sale

Toyota Corolla 2008

163,000 km, Colombo
MEMBER
Rs 6,800,000
1 day ago
Audi A3 SEDAN S LINE 2018 for Sale

Audi A3 SEDAN S LINE 2018

53,800 km, Colombo
verified MEMBER
Rs 17,990,000
1 minute ago
Mitsubishi Montero Sport 2011 for Sale

Mitsubishi Montero Sport 2011

99,000 km, Colombo
MEMBER
Rs 16,500,000
2 weeks ago
Toyota Land Cruiser Prado TZ Auto 2003 for Sale

Toyota Land Cruiser Prado TZ Auto 2003

139,000 km, Matara
verified MEMBER
Rs 17,500,000
2 weeks ago
Toyota Vitz 1.3 1 Owner 2008 for Sale

Toyota Vitz 1.3 1 Owner 2008

105,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,375,000
4 days ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
2 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
3 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
3 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
3 hours ago
+ Post an ad on ikman