Jump start එක හරියට කරන්නේ කොහොමද?

01 Jun, 2023   
Jump start එක හරියට කරන්නේ කොහොමද?

වාහන කියන දේවල් කොයි වෙලාවේ නවතියද කියලා අපිට කියන්න බැහැ. වාහනයේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාම අපිට පුලුවන් වාහන කර්මිකයෙක්ට දීලා වාහනය හදා ගන්න. නමුත් කිසියම් හේතුවක් නිසා වාහනයේ battery එක dead වෙලා තිබ්බොත් අපි කොහොමද නැවත වාහනය start කරගන්නේ? ඒකටතමයි Jump start තියන්නේ. අද CarsGuide තුළින් අපි ඔයාට කියන්නේ කොහොමද හරියටම Jump start එකක් කරන්නේ කියලා.

වාහනය start නොවන හේතු

බැටරිය නිසා වාහනය start වෙන්නේ නැති වෙන්න හේතු හතරක් තියෙනවා.
1. බැටරියේ terminal බුරුල් වීම
2. බැටරියේ terminal එකේ oxide බැඳීම
3. Battery වතුර නැති වීම
4. Battery charge එක බැස තිබීම

මේවා ගැනත් හිතන්න

Battery එක බැහැලා තියෙන අවස්ථාවකදී අපිට battery එක charge කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් Jump start කරන්න පුලුවන්. Jump start එකක් කරනකොට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක්ම තියෙනවා.
1. හොඳ jumper cable එකක් තෝරාගන්න
2. වාහනයේ battery එකේ ampere ගානට match වෙන cable එකක් තෝරාගන්න
3. Jump start කරන වාහනයට ගැළපෙන ampere ප්‍රමාණයක් ඇති වාහනයක් තෝරාගන්න

හරියට jump start කරමු

Jump start එකක් කරනකොට අපි හරියටම දැනගන්න ඕනේ. Jump start එකක් කරන්න අපිට charge කරපු battery එකක් හෝ වාහනයක් අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු wire connection හරියටම සම්බන්ධ කරන විදිය ගැන. මුලින්ම charge තියෙන battery එකේ ධන සැපයුම battery එක බැහැලා තියෙන වාහනයේ ධන terminal එක සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ charge තියෙන battery එකේ ඍණ සැපයුම battery එක බැහැපු වාහනයේ engine එකේ බඳට සම්බන්ධ කරන්න. ගොඩක් අය කරන වැරද්දක් තමයි ඍණ සැපයුම battery බැහැපු වාහනයේ ඍණ සැපයුමට සම්බන්ධ කරන එක.

ඒ වගේම ගොඩක් අය jumper cables සම්බන්ධ කරපු ගමන් battery එක dead වුණු වාහනය start කරනවා. නමුත් ඒක වැරදි ක්‍රමයක්. Jumper cables සම්බන්ධ කරලා සහයට ආවා වාහනය විනාඩි 5ක් වත් start කරලා තියන්න ඕනේ.
ඔබ වාහනය පනගන්වන්න හදන්නේ battery එකක් ආදාරයෙන් නම් jumper cables සවි කරලා විනාඩි 5ක් වත් ඉඳලා තමයි වාහනය start කරන්න ඕනේ. මොකද එතකොට ආරෝපණය වෙලා තියෙන battery එකෙන් වාහනය යම් දුරකට charge වෙනවා.

මේ විදියට තමයි හරියටම Jump start එකක් කරන්නේ. ඔයත් මෙච්චර දවස් වැරදි විදියට Jump start කලානම් අද ඉඳලා හරි ක්‍රමයට මාරු වෙන්න අමතක කරන්න එපා. මොකද එතකොට ඔයාට පුලුවන් ඔයාගේ වාහනයේ විදුලි පරිපථය වගේම බැටරි එකත් තව දුරටත් ආරක්ෂා කරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Buy New Auto Parts
Suzuki Every DA 17 Wagon Light Bar for Sale

Suzuki Every DA 17 Wagon Light Bar

verified MEMBER
Rs 50,000
6 days ago
PIONEER ND-DVR160 for Sale

PIONEER ND-DVR160

verified MEMBER
verified
Rs 18,000
1 hour ago
DUAL LENS SUPER HD DVR for Sale

DUAL LENS SUPER HD DVR

verified MEMBER
verified
Rs 12,500
1 hour ago
PIONEER 2K QUALITY DVR for Sale

PIONEER 2K QUALITY DVR

verified MEMBER
verified
Rs 24,000
1 hour ago
Buy Used Auto Parts
185/65/15 Used Tyres for Sale

185/65/15 Used Tyres

verified MEMBER
Rs 5,000
3 weeks ago
Honda Fit GD1 Head Lamp for Sale

Honda Fit GD1 Head Lamp

verified MEMBER
Rs 20,000
45 minutes ago
Honda Fit GP5 Xenon Scoop Light for Sale

Honda Fit GP5 Xenon Scoop Light

verified MEMBER
Rs 40,000
46 minutes ago
CHR-Radar Sensor (NGX10/NGX50) for Sale

CHR-Radar Sensor (NGX10/NGX50)

verified MEMBER
Rs 75,000
1 hour ago
Vezel Engine Mount for Sale

Vezel Engine Mount

verified MEMBER
Rs 18,000
1 hour ago
+ Post an ad on ikman