Vehicle Interior එක Service කරමු

01 Dec, 2023   
Vehicle Interior එක Service කරමු

ඔයා job එක කරනකොට හෝ daily කරන වැඩ වලදී වැඩිපුරම කාලය ගත කරන්නේ වාහනයත් එක්ක නම්, දරුවන් සහ සුරතල් සතුන් ගෙදර ඉන්නවා නම්, ඔයාගේ වාහනය නිතරම අපිරිසිදු වෙනවා. ඉතින් වාහනයේ interior එක පිරිසිදුව තියාගන්න කොච්චර අමාරු වැඩක්ද කියලා ඔයා දන්නවා ඇති. අද CarsGuide අපි කියන්නේ වාහනයක interior එක පිරිසිදුව තියාගන්න විදිහ ගැන.

කුණු දූවිලි ඉවත් කරගන්න

ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි කුණු ඉවත් කරගන්න එක. Interior එකේ හැම තැනක්ම හොඳට check කරන්න. Floor එක, carpets යට සහ seat යට කුණු දූවිලි තියෙන්න පුළුවන්. Vacuum එකෙන් ඉවත් කරන්න බැරි හැමදෙයක්ම අයින් කරන්න.

Floor mats පිරිසිදු කරගන්න

Floor mats වාහනයෙන් එළියට අරගෙන ඒවා වල තියෙන වැලි ඉවත් කරන්න. එමඟින් vacuum කරන එක ලේසි වෙනවා. සබන් සහ උණු වතුර හෝ පෙණ නඟින carpet cleaner එකකින් floor mats ටික හෝදන්න. ඊට පස්සේ ඒවා නැවත වාහනයට දාන්න කලින් හොඳට dry කරගන්න.

Car seats සහ floors පිරිසිදු කරගන්න

වාහනයේ ඉදිරිපස හා පිටුපස seats, floor එක, pedals සහ side doors vacuum කරගන්න. එය වාහනයේ ඇතුළත පිරිසිදු කිරීමේ වැදගත්ම පියවරක්.

කුණු සහ දූවිලි පිස දමන්න

වාහනය vacuum කරගත්තට පස්සේ ඔයා අපිරිසිදු, ඇලෙන සුළු දේවල් සහ දූවිලි පිසදාන්න soft රෙදි කැබැල්ලක් ගන්න ඕනේ. ඒ විදිහට පිරිසිදු කර ගත්තට පස්සේ ඔයාට පුළුවන් වාහනයේ interior එකේ look එක තවත් වැඩි කරගන්න console, steering wheel සහ seats අතර වාහන වලටම එන cleaner එකක් use කරන්න.

Windows පිරිසිදු කරගන්න

Windows cleaning solution එකක් windows මත ඉසින්න. ඊට පස්සේ paper towel හෝ microfiber රෙදි කැබැල්ලකින් පිහදාගන්න ඕනේ. වතුර කෝප්පයක්, විනාකිරි මේස හැඳි දෙකක් සහ මද්‍යසාර කෝප්පයක් mix කරලත් ගෙදරදීම windows cleaning solution එකක් ඔයාට හදා ගන්න පුළුවන්.

පැල්ලම් ඉවත් කරගන්න

Seats මත හෝ carpet වල පැල්ලම් තියෙනවා නම්. ඒවා ඉවත් කරගන්න ඔයාට පුළුවන් ගෙදරදීම හදාගන්න පුළුවන් දෙයක් use කරන්න. Spray bottle එකකට වතුර කෝප්ප දෙකක්, විනාකිරි කෝප්පයක් සහ සබන් වතුර මේස හැන්දක් පමණ මිශ්‍ර කරන්න. ඊට පස්සේ ඒ පැල්ලම් මත ඉහලා විනාඩි 15 ක් තියන්න. ඊට පස්සේ තෙත රෙදි කැබැල්ලකින් පිස දමන්න. පැල්ලම් දිගටම තියෙනවා නම්, spot shot හෝ resolve වැනි product එකක් use කරන්න.

Pet hair ඉවත් කරගන්න

ඔයාටත් සුරතලෙක් ඉන්නවා නම්, වාහනය තුළ සුරතල් සතුන්ගේ ලොම් ඉවත් කරගන්න එක කොච්චර අමාරුද කියලා ඔයා දන්නවා ඇති. Vacuum කිරීම මඟින් සියලුම ලොම් සියල්ලම ඉවත් කරගන්න බැහැ. ඉතින් ඒ සඳහා රබර් අත්වැසුම් භාවිතා කරන්න.

Homemade car freshener එකක් හදන්න

ඉතින් මේ සඳහා baking soda කෝප්පයක් සහ favorite essential oil බිංදු පහක් ඕනේ වෙනවා. මේ car freshener එක පැය 24 ක් තියාගන්න පුළුවන්. ප්ලාස්ටික් බෑග් එකක හෝ වීදුරු බඳුනක soda සහ තෙල් දෙකම තියන්න. ඉන්පසු එය shake කරගන්න. ඊට පස්සේ වාහනයේ floor එකේ ඉහලා විනාඩි 20 ක් පමණ තියන්න. ඊට පස්සේ baking soda vacuum කරගන්න. මේ නිසා වාහනයේ interior එක ඇතුළේ fresh සුවදක් රැඳීලා තියෙනවා වගේම ඔයාගේ වාහනය නැවුම් සහ පිරිසිදුව තියාගන්න පුළුවන්.

මේ විදිහට තමයි ඔයා වාහනයේ interior එක service කරගන්න ඕනේ. ඉතින් ඔයත් මේ දේවල් කරලා වාහනය නැවුම්ව හා පිරිසිදුව තියාගන්න

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado 120 2004 for Sale

Toyota Land Cruiser Prado 120 2004

239,800 km, Anuradhapura
MEMBER
Rs 15,850,000
1 week ago
Suzuki Celerio VXI 2015 for Sale

Suzuki Celerio VXI 2015

186,500 km, Colombo
MEMBER
Rs 5,275,000
57 seconds ago
Audi A3 SEDAN S LINE 2018 for Sale

Audi A3 SEDAN S LINE 2018

53,800 km, Colombo
verified MEMBER
Rs 17,990,000
20 minutes ago
Mitsubishi Montero Sport 2011 for Sale

Mitsubishi Montero Sport 2011

99,000 km, Colombo
MEMBER
Rs 16,500,000
2 weeks ago
Toyota Land Cruiser Prado TZ Auto 2003 for Sale

Toyota Land Cruiser Prado TZ Auto 2003

139,000 km, Matara
verified MEMBER
Rs 17,500,000
2 weeks ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
Vezel Engine Bed for Sale

Vezel Engine Bed

verified MEMBER
Rs 50,000
2 hours ago
Honda Vezel Rear bumper lights for Sale

Honda Vezel Rear bumper lights

verified MEMBER
verified
Rs 12,500
3 hours ago
Fit GP1 Stabilizer Link for Sale

Fit GP1 Stabilizer Link

verified MEMBER
Rs 4,000
3 hours ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
3 hours ago
+ Post an ad on ikman