Engine එක හරියටම පරිස්සම් කරගන්නේ මෙහෙමයි

06 Oct, 2023   
Engine එක හරියටම පරිස්සම් කරගන්නේ මෙහෙමයි

වාහනයක් තියෙන ඔබ, ඒ වාහනේ පරිස්සම් කරන්න එක එක දේවල් කරනවා. එහෙම පරිස්සම් කරන වාහනයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය කරන සියලුම power එක ලබා දෙන Engine එක පරිස්සම් කරන්නේ කොහොමද? සමහර විට, ඔබ Engine එක පරිස්සම් කර ගන්න එක එක දේවල් කරලා ඇති. ඒත් ඒ හරිම විදිහද? එහෙනම් කොහොමද හරියටම Engine එකක් පරිස්සම් කර ගන්නේ? අන්න ඒ ගැන තමයි CarsGuide අපි අද ඔබට කියන්නේ.

නියමිත කාල පරාසයන් තුළ Engine oil වෙනස් කරන්න

වාහනයේ Engine එක පරිස්සම් කරන්න, ඔබට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි, නියමිත කාල පරාසයන් තුළ Engine oil වෙනස් කරන එක. Engine oil මඟින් වාහනයේ තියෙන සියලුම moving parts හොඳින් lubricate කරනවා. එමඟින් මේ කොටස් ගෙවෙන එක අවම වෙනවා. ඒ වගේම moving parts දූවිලි වැදිලා, අපිරිසිදු වෙන එකත් වළක්වනවා.

ඒ නිසා, හැම මාසයකම oil level එක පරීක්ෂා කරලා, oil අඩුයි නම්, පුරවන්න. Oil grade එක සහ oil වෙනස් කරන කාල සීමාවන්, manufacturer ගේ recommendation වලට යටත් වෙනවා.
මෙතනදි oil filter එකත් මේ හා සමානව වැදගත් වෙනවා. මොකද oil වල තියෙන සියලුම අපද්‍රව්‍ය filter කරන්න වගේම, Engine එක තුළට regulate කරන එක වළක්වන්නත් උදව් වෙන නිසා. මේක ඔබේ වාහනයේ Engine එකේ පරිස්සම තහවුරු කරනවා.

Cooling system එක පරීක්ෂා කරන්න

Engine එකේ efficiency එක කොච්චර හොඳ වුණත්, heat එක විදිහට දහනය කරනකොට, ලොකු energy එකක් අහිමි වෙනවා. වාහනයේ Engine එක හදලා තියෙන ලෝහ සහ මිශ්‍ර ලෝහ, heat එකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා, heat එක dissipation කරන්න ඕනේ. ඒකට, reservoir tank එකේ ප්‍රමාණවත් coolant එකක් තියෙන බවට ඔබ හැම වෙලාවෙම සහතික වෙන්න ඕනේ. හොඳට අව්ව පායලා තියෙන දවසක නම්, Engine එකේ temperature gauge එක බලලා, Engine එක overheat වෙන්න ළඟයි නම්, වාහනය වහලා තියන්න.

Fluid leak වෙනවද බලන්න

වාහනය නවත්වලා තියෙන තැන fluid leak වෙලාද කියලා බලන්න. Fluid leak එකක් තියෙනවා නම්, ළඟම ඉන්න mechanic කෙනෙක් වෙත ගිහින්, ඒක පරීක්ෂා කර ගන්න. ඒ විදිහට leak එකක් දකින්න නැත්නම්, hood එක යටත් පරීක්ෂා කරලා smell එකෙන් වුණත් leak එකක් තියෙනවද කියලා දැන ගන්න පුළුවන්. ඒ වගේම leak එක පරීක්ෂා කරනකොට, ඔබ අවධානය දෙන්න ඕනේ, Engile oil සහ antifreeze කියන fluid වලට.

Engine belts පරීක්ෂා කරන්න

Engine එකක් වැඩ කරනකොට, හැම දෙයක්ම සුමටව තියාගන්න, Engine එකේ තියෙන belts ඕන වෙනවා. Hood එක යටින් squeal sound එකක් ඇහෙනවා නම්, මේ belts replace කරන්න කාලෙ හරි. ඔබේ වාහනයේ Engine belts ලොකු කාලයක් පැවතුණත්, ඒ belts වල cracks සලකුණු තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. මොකද Engine එක වැඩ කරනකොට, belts කැඩුණොත්, ඒක Engine components වලට ලොකු damage එකක් ඇති කරනවා.

Fuel filter එක replace කරන්න

Fuel filter එක මඟින්, fuel වල තියෙන අපද්‍රව්‍ය filter කරනවා වගේම, ඒවා combustion chamber එකට ඇතුල් වෙන එකත් වළක්වනවා. අලුත් filter එකක් මඟින්, fuel pump එකට සහ Engine එකට පිරිසිදු කරපු fuel ලබා දෙනවා. මේ මඟින් වාහනයේ Engine එක පරිස්සම් කර ගන්න පුළුවන්.

සමහර විට, ඔබ වෙන වෙන ක්‍රම වලට Engine එක පරිස්සම් කරන්න try කරලා ඇති. හැබැයි අපි අද කියපු විදිහට තමයි, වාහනයක Engine එක හරියටම පරිස්සම් කර ගන්නේ. ඉතින් ඔබත් මේ විදිහට try කරලා, වාහනයේ Engine එක පරිස්සමෙන් බලා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Audi A3 TFSI 2018 for Sale

Audi A3 TFSI 2018

120,000 km, Colombo
MEMBER
Rs 14,200,000
1 week ago
Toyota Yaris Safety 2016 for Sale

Toyota Yaris Safety 2016

99,000 km, Colombo
verified MEMBER
verified
Rs 7,475,000
1 minute ago
Toyota Hilux ROCCO 2020 for Sale

Toyota Hilux ROCCO 2020

64,000 km, Colombo
verified MEMBER
Rs 23,500,000
2 days ago
Mercedes Benz E300 E 300 Bluetec Hybrid 2014 for Sale

Mercedes Benz E300 E 300 Bluetec Hybrid 2014

36,900 km, Colombo
verified MEMBER
Rs 18,000,000
9 minutes ago
Honda Vezel Z paly 2025 for Sale

Honda Vezel Z paly 2025

0 km, Gampaha
verified MEMBER
verified
Rs 23,050,000
13 minutes ago
Auto Parts for saleikman logo
Kwid Front Shock Absorber for Sale

Kwid Front Shock Absorber

verified MEMBER
verified
Rs 18,500
7 seconds ago
Kwid Brake Booster for Sale

Kwid Brake Booster

verified MEMBER
verified
Rs 24,750
12 seconds ago
Kwid Lower Arm Bush for Sale

Kwid Lower Arm Bush

verified MEMBER
verified
Rs 1,950
16 seconds ago
Kwid Petrol Pump for Sale

Kwid Petrol Pump

verified MEMBER
verified
Rs 7,500
21 seconds ago
+ Post an ad on ikman