ඔබේ මෝටර් රථයේ සීරීම් සහ පැල්ලම් වළක්වා ගන්නේ කෙසේද?

31 Aug, 2023   
ඔබේ මෝටර් රථයේ සීරීම් සහ පැල්ලම් වළක්වා ගන්නේ කෙසේද?

ලක්ෂ ගාණක් දීලා අපි වාහනයක් ගන්නේ මාරම ආසාවකින් සහ කැමැත්තකින්. කෙටියෙන්ම කිව්වොත් මෝටර් රථ අපේ වටිනාම භාණ්ඩ අතරට අයත් වෙන වාහනයක්. මොන තරම් වාහනය වටිනවද කියලා කියනවා නම් සමහර අය වාහනය ඇතුළේ කෑම කන එක පවා තහනම් කරලා තියෙනවා. ඉතින් ටිකක් හිතන්නකෝ මේ තරම් පරිස්සම් කරන වාහනයේ සීරීම් සලකුණක් හරි පැල්ලමක් හරි තිබ්බොත් මොන වගේ දෙයක් හිතෙයිද?
ඒ නිසාම අද CarsGuide අපි ඔබට අරගෙන එන්නේ ඔබේ මෝටර් රථයේ සීරීම් සහ පැල්ලම් වළක්වා ගන්නේ කොහොමද කියලා.

වාහනය හරිම තැන park කරන්න

ඔබේ මෝටර් රථය පදිකයින් වැඩි ප්‍රදේශයක හෝ වෙනත් වාහන විශාල ලෙස ගැවසෙන ප්‍රදේශයක park කරන්න කලින් දෙපාරක් හිතන්න. මොකද වෙනත් වාහනයක දොරක් විවෘත කරනකොට, hand bag එකක් වැදිලා එහෙමත් නැත්නම් වෙනත් රියදුරෙකු නිසා ඔබේ වාහනය සීරෙන්න පුලුවන්.
ඒ නිසා ඔබේ මෝටර් රථය සීරීම් වලින් ආරක්ෂා කර ගැනීමට නම් පාර දෙපස වාහනය නවත්වනවා වෙනුවට වාහන නැවැත්වීම සඳහාම වෙන් කර ඇති ස්ථානවල නවත්වන්න උත්සහ කරන්න. ඒ වගේම ඔබ මතක තබා ගත යුතු තවත් දෙයක් තමයි තද සූර්යාලෝකයට සෘජුව නිරාවරණය වීම නිසාද මෝටර් රථයේ තීන්ත වලට හානි සිදු වෙන්න පුලුවන් කියන එක.

හරිම විදිහට drive කරන්න

Drive කරනවා කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නිවැරදිව drive කරන්න driving techniques හොඳින් දැනගෙන ඉන්න ඕනේ. හැබැයි ගොඩක් දෙනා මේ driving techniques නොසලකා හරින්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි මාර්ග නීති පිළිබඳවත් ලොකු තැකීමක් සිදු කරන්නේ නැහැ. මේ දේවලුත් ඔබගේ වාහනේ සීරීම් ඇති වෙන්න හේතු වෙනවා. මාර්ග නීති වලට අනුව නිවැරදි driving techniques භාවිතා කරලා වාහනය drive කරනවා නම් ඔබට කිසිදු අනතුරක් නැතුව රිය පදවන්න පුලුවන්. එවිට ඔබගේ වාහනය සීරීම් වලින් ආරක්ෂා කරගන්නත් පුලුවන්.

වාහනය පිරිසිදු කිරීමේදී සැළකිලිමත් වෙන්න

ඔබේ මෝටර් රථය කොපමණ වාරයක් සෝදන්න ඕනෙද? ඇත්තටම මේ ප්‍රශ්නයට හරි උත්තරයක් නැහැ. මොකද වාහනයක් සේදීම, භාවිතය අනුව වෙනස් වෙනවා. හැබැයි ඔබේ වාහනය අනවශ්‍ය විදිහට, වැරදි විදිහට පිරිසිදු කළොත් නම් ලොකු හානියක් වෙන්න පුලුවන්.

හිතන්නවත් බැරි විදිහේ සීරීම් සහ පැල්ලම් වාහනය පිරිසිදු කිරීම නිසා ඇති වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔබ භාවිතා කරන washing liquids, රෙදි සහ brush මෙයට හේතු වෙන්න පුලුවන්. ඒ නිසා වාහන සේදීම ගැන ඔබට දැනුමක් නැත්නම් ඒ පිළිබඳ දැනුවත් වෙන්න උත්සහ කරන්න.
වාහනයක් සේදීමේදී සිදු වන වඩාත් පොදු වැරදි තමයි වියළි රෙද්දකින් මතුපිට දූවිලි ඉවත් කිරීම, දූවිලි සේදීමට පෙර sponge එකකින් මෝටර් රථය ඇතිල්ලීම කියන්නේ.

Car wax apply කරන්න

වාහනයේ paint එක ආරක්ෂා කරගන්න පුලුවන් තවත් විදිහක් තමයි wax apply කරන එක. Wax මඟින් ඔබේ මෝටර් රථයට protective layer එකක් සපයනවා. එම නිසා හිරු කිරණ, සීරීම් සහ පැල්ලම් වගේ දේවලින් ඔබේ වාහනය ආරක්ෂා වීම සිදු වෙනවා.

ඒ විතරක් නෙමෙයි wax මඟින් මැරුණු කෘමින්ගෙන්, කුරුලු වසුරු වලින් සහ දුහුවිලි නිසා ඇති වෙන පැල්ලම් වලින්ද වාහනය ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම වාහනයේ ඇති වී තිබෙන කුඩා සීරීම් නිසා ඇතිවෙන side effects නැති කරන්නත් wax වලට පුලුවන්. Wax නිසා මෝටර් රථයේ මලකඩ සෑදීමට හේතු වන ඔක්සිකරණය වළකිනවා.

ඔබේ පුරුදු වෙනස් කරන්න

අපි වාහනයක් ගන්නේ අපේ එදිනෙදා වැඩ කටයුතු ලේසි කරගන්න. Shopping ගිහින් බඩු අරගෙන එන එක ඒ වැඩකටයුතු අතර ප්‍රධාන තැනක් ගන්නවා. හැබැයි කලබලේට අරගත්ත බඩු අසුරනකොට වගේම බඩු බානකොටත් ඔබේ වාහනයට damage වෙන්න පුලුවන්. මොකද අපි ගොඩක් වෙලාවට වාහනයේ bonnet එක උඩින් එහෙමත් නැත්නම් dicky එක උඩින් අපේ ගමන් මලු තියන්න පුරුදු වෙලා ඉන්නවා. මේ වැරැද්ද අපේ වාහනයේ සීරීම් සහ පැල්ලම් ඇති වෙන්න ලොකු හේතුවක්.

මෝටර් රථ සීරීම් වළක්වා ගැනීම සඳහා ඔබ වෙනස් කිරීමට අවශ්‍ය විය හැකි තවත් පුරුද්දක් තමයි car covers භාවිතය. Car covers නිසාත් ඔබේ වාහනයේ සීරීම් සහ පැල්ලම් ඇති වෙන්න පුලුවන්. මෝටර් රථයක තියෙන ඕනෑම රෙදි වර්ගයක් දූවිලි අංශුවල ඝර්ෂණය හේතුවෙන් සීරීම් අවදානම වැඩි කරනවා. ඒ නිසා car cover එකක් භාවිතා කරන්න කලින් ටිකක් හිතන්න.

ඉතින් මේ විදිහට තමයි ඔබ පණ වගේ ආදරේ කරන මෝටර් රථය සීරීම් සහ පැල්ලම් වලින් ආරක්ෂා කරගන්නේ. වාහනයක් කියන්නෙත් ඔබගේ ජීවිතයට තවත් වගකීමක්. ඒ නිසා CarsGuide අපි අද කිව්ව කරුණු මතකයේ රඳවාගෙන වාහනය භාවිතා කළොත් ඔබට පුලුවන් ඔබේ මෝටර් රථය සීරීම් සහ පැල්ලම් වලින් ආරක්ෂා කරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Suzuki Wagon R 2014 for Sale

Suzuki Wagon R 2014

11,500 km, Gampaha
MEMBER
Rs 7,500,000
12 minutes ago
Subaru Forester SG 5 2002 for Sale

Subaru Forester SG 5 2002

112,500 km, Colombo
MEMBER
Rs 7,700,000
5 days ago
Ford Raptor Ranger Code Orange 2025 for Sale

Ford Raptor Ranger Code Orange 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,000,000
1 week ago
Land Rover Range Autobiography 2018 for Sale

Land Rover Range Autobiography 2018

47,000 km, Gampaha
MEMBER
Rs 78,500,000
3 days ago
Audi RS4 Quattro 2012 for Sale

Audi RS4 Quattro 2012

84,000 km, Colombo
verified MEMBER
Rs 28,500,000
26 minutes ago
Auto Parts for saleikman logo
Nissan Atlas Buffer for Sale

Nissan Atlas Buffer

verified MEMBER
verified
Rs 15,000
1 hour ago
Xtrail smart key for Sale

Xtrail smart key

verified MEMBER
verified
Rs 17,000
2 hours ago
suzuki wagon r smart key for Sale

suzuki wagon r smart key

verified MEMBER
verified
Rs 12,000
2 hours ago
Toyota Axio Smart key for Sale

Toyota Axio Smart key

verified MEMBER
verified
Rs 15,000
2 hours ago
+ Post an ad on ikman