වාහනයේ gear box එක ලෙඩ වෙන බව හැඟවෙන ලක්ෂණ

23 Aug, 2023   
වාහනයේ gear box එක ලෙඩ වෙන බව හැඟවෙන ලක්ෂණ

වාහනයේ ලෙඩක් නැහැ කියන්නේ අපේ හිතටත් ලොකු පහසුවක්. මොකද අපි ගමනක් යන්න හදනකොට වාහනයේ දෝෂයක් ඇති වුණා කියන්නේ අපිට නියම වෙලාවට ඒ ගමන යන්න වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි එදිනෙදා වැඩකටයුතු වලට භාවිතා කරන වාහනයේ දෝෂයක් ඇති වෙනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු ගැටලුවක්.

ඉතින් මේ විදිහට වාහනයේ ඉක්මනින්ම ලෙඩ වෙන්න පුලුවන් කොටසක් තමයි gear box එක කියන්නේ. ඒ වගේම වාහනේට ගොඩක් වැදගත් කොටසක් තමයි gear box එක. මොකද වාහනයේ engine එකේ බලය ලැබෙන්නේ මේ gear box එකට.

ඉතින් අද CarsGuide අපි ඔබට අරගෙන ආවේ වාහනයේ gear box එක ලෙඩ වෙන බව හැඟවෙන ලක්ෂණ කිහිපයක්.

අමුතු හඬක්

ඔබට gear box එකෙන් වෙනදා ඇහුණේ නැති අනවශ්‍ය ශබ්දයක් ඇසෙනවා නම් අනිවාර්යයෙන්ම gear box එකේ දෝෂයක් ඇති වෙලා තියෙන්න පුලුවන්. මේ ශබ්දය ගොඩක් දුරට ගියර් මාරු කරන අවස්ථා වලදී තමයි ඔබට අහන්න ලැබෙන්නේ.

ඒ විතරක් නෙමෙයි ඔබ gear එක යොදා තිබෙන විට gear එක auto පැනීමක් සිදු වෙන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි gear දානකොට හිර වීමක් සිදු වෙන්නත් පුලුවන්. මේ වගේ දෝෂයක් ආවම ඔබ අනිවාර්යයෙන්ම මෝටර් කාර්මිකයෙක් ලවා වාහනය පරික්ෂා කරවන්න ඕනේ.

එතැනදී clutch එකේ දෝෂයක් තිබෙනවාද කියා පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා. Clutch එකේ ප්‍රශ්න නිසාත් auto gear box එකට ගැටලු ඇති වෙන්න පුලුවන්. මොකද clutch එක තමයි, engine එක gear box එක අතර සම්බන්ධතාවය ඇති කිරීම සහ විසන්ධි කිරීම සිදු කරන්නේ

අනෙකුත් ලක්ෂණ

– Gear දැමීමේදී response එක අඩු වීම
– Fluid කාන්දු වීම
– Gear මාරු කිරීමේදී අධික සෙලවීමක් හෝ ඇඹරීමක් සිදු වීම
– Burning Smell එකක් දැනීම
– නිවැරදි gear එකේ ගමන් නොකිරීම

Oil ගැන සැලකිලිමත් වෙන්න

Gear box එක හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් gear oil වල ක්‍රියාකාරිත්වය අනිවාර්යයයි. කෙටියෙන්ම කිව්වොත් වාහනයක engine oil තරමට ගියර් oil වැදගත් වෙනවා. ඒ වගේම වාහනයෙන් වාහනයට use කරන්න ඕනේ gear oil වර්ගයත් වෙනස් වෙනවා. ඒ නිසා ඔබ ඒ පිළිබඳව සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය වෙනවා.
ඒ වගේම auto gear වාහනයක transmission දියර ප්‍රමාණය ගැනත් නිතරම සැලකිලිමත් වීම අනිවාර්යය දෙයක්. මොකද එහෙම නැති වුණොත් auto gear වාහනයේ දෝෂ ඇති වෙන්න ඒක ලොකු හේතුවක් වෙන්න පුලුවන්.

Handbrake ගැන සැළකිලිමත් වෙන්න

ඔබට තියෙන්නේ auto gear වාහනයක් නම්, එම වාහනය නවත්වනකොට වාහනයේ handbrake එක අදින්න අමතක කරන්න එපා. gear එක parking gear එකට දැම්මට පස්සේ වාහනය නැවතුනත් ඒක හැම වෙලාවේම වලංගු වෙන්නේ නම් නැහැ. මොකද සමහර විට gear එක park එකට දාලා තිබුණත් වාහනය නවත්වා ගන්න ඒක විතරක් ප්‍රමාණවත් නොවෙන්න පුලුවන්. ඉතින් අදින් පස්සේ auto gear වාහනයක් නවත්වනවා නම් හැම තිස්සෙම handbrake එක අදින්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඒක කරන්න ඕනෙත් gear එක park එකට දාන්න කළින්. එහෙම නැති වුනොත් gear box එකට යොදන බලය වැඩි වෙලා, gear box එකට හානියක් සිදු වෙන්න පුලුවන්.

Gear එක උඩ අත තියන්න එපා

වාහනයක් භාවිතා කරනකොට තමන්ටම ආවේණික පුරුදු තියෙනවා. සමහර අය සුක්කානම පවා අල්ලන්නේ තමන්ටම ආවේණික වුණු විදිහට. හැබැයි drive කරනකොට අත් දෙකම සුක්කානමේ තබා ගැනීම ගොඩක් වැදගත්. ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා එක අතකින් සුක්කානම අල්ලගෙන අනිත් අත gear එක උඩ තියාගෙන යන්න. මේ හේතුවෙන් gear box එකට හානියක් වෙන්න තියෙන අවස්ථාව හොඳටම වැඩියි. කාලයක් ගියාම වාහනයේ gear හරියට වැටෙන්නේ නැතුව යනවා.

නිවුටල් කරන්න එපා

ගොඩක් අය කරන තවත් වැරද්දක් තමයි auto gear වාහන නිතරම නිවුටල් කරන එක. කිසිම දවසක මේ දේ නම් කරන්න එපා. මේ වැරැද්ද ගොඩක් කරන්නේ manual වාහනයකින් auto වාහනයකට මාරු වුණු අය. Auto gear වාහනයක gear box එකේ සැකැස්ම වෙනස් නිසා නිතර නිවුටල් කිරීම, gear box එකේ කොටස් ගෙවී යෑමට හේතු වෙනවා.

ඔබේ වාහනයේත් CarsGuide අපි ඉහත කිව්ව ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින්ම මෝටර් කාර්මිකයෙකුගේ සහය ලබා ගන්න අමතක කරන්න එපා. මොකද එතකොට පුලුවන් වාහනයට ලොකු හානියක් නොවී ඇති වී තිබෙන දෝෂය නිවැරදි කර ගන්න. ඒ වගේම අපි කිව්ව tips follow කළොත් ඔබට පුලුවන් දෝෂ වලින් gear box එක ආරක්ෂා කරගන්නත්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Passo XL 2016 for Sale

Toyota Passo XL 2016

42,500 km, Colombo
MEMBER
Rs 7,600,000
5 days ago
Kia Tucson 2005 for Sale

Kia Tucson 2005

155,000 km, Colombo
verified MEMBER
verified
Rs 5,490,000
15 minutes ago
Suzuki Spacia MK42S 2017 for Sale

Suzuki Spacia MK42S 2017

56,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,650,000
18 minutes ago
Toyota Corolla 121 2001 for Sale

Toyota Corolla 121 2001

170,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,090,000
20 minutes ago
Suzuki Alto K10 2015 for Sale

Suzuki Alto K10 2015

140,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,390,000
21 minutes ago
Auto Parts for saleikman logo
Toyota Rocco Roller Shutters for Sale

Toyota Rocco Roller Shutters

verified MEMBER
Rs 400,000
1 hour ago
Suzuki Every Da17 Hood for Sale

Suzuki Every Da17 Hood

verified MEMBER
verified
Rs 168,000
2 hours ago
Toyota Aqua Side Mirror for Sale

Toyota Aqua Side Mirror

verified MEMBER
verified
Rs 17,000
2 hours ago
Mitshubshi Bola Rosa Driver Door for Sale

Mitshubshi Bola Rosa Driver Door

verified MEMBER
verified
Rs 32,000
2 hours ago
+ Post an ad on ikman