වාහනේ wheel alignments වල දෝෂයක් ඇති බව හැඟවෙන ලක්ෂණ

28 Jul, 2023   
වාහනේ wheel alignments වල දෝෂයක් ඇති බව හැඟවෙන ලක්ෂණ

Wheel alignments කියලා හඳුන්වන්නේ වාහන suspension පද්ධතිය නිවැරදිව සීරුමාරු කිරීමයි. එහිදී වාහනයේ ටයර් පොළොව මත ගැටෙන ආකාරය ඉතාමත් නිවැරදිව සකස් කිරීම සිදු කරනවා. එමඟින් වාහනයේ හැසිරවීමේ හැකියාව වැඩි කරගන්න පුලුවන්. Wheel alignments දෝෂ සහිත නම් ලොකු අනතුරකට වුණත් මුහුණ දෙන්න පුලුවන්. වාහනයේ wheel alignments වල දෝෂ ඇති වන්නේ වාහනයේ wheel alignments අගයන් වෙනස් වීම නිසයි. ඉතින් අද CarsGuide අපි අරගෙන ආවේ වාහනයේ wheel alignments වල දෝෂයක් ඇති බව හැඟවෙන ලක්ෂණ කිහිපයක්.

Wheel alignments අගය වෙනස් වීමට හේතූ

Wheel alignments අගය වෙනස් වෙන්නත් බලපාන සාධන කිහිපයක් තියෙනවා.
අබලන් මාර්ග සහ වලවල් මතින් ධාවනය කිරීම සහ මාර්ගයේ තියෙන බාධක මතින් අපරික්ෂාකාරීව ධාවන කිරීම නිසා වාහනයේ suspension පද්ධතියේ යම් යම් වෙනස්කම් ඇති වෙන්න පුලුවන්. ඊළඟට අපි බලමු Wheel alignments වල සුළු වෙනසක් හරි තියෙනවා නම් දැනගන්න පුලුවන් විදි මොනවද කියලා.

Wheel alignments වල දෝෂ ඇත්දැයි පරීක්ෂා කරමු

මුලින්ම ඔබගේ වාහනයේ සියලුම රෝද වල වායු පීඩනය නිවැරදිද යන්න පරීක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම තමයි වාහනයේ ඉදිරිපස රෝද වල තියෙන කට්ටා ගෙවිලා නම් ඔබ කරන පරීක්ෂණයේ ප්‍රතිඵල නිවැරදි නොවෙන්න පුලුවන්. ඒ නිසා හොඳම තත්වයේ පවතින ටයර් දෙකක් වාහනයේ ඉදිරිපසට මාරු කරන්න. ඉතින් මේ සඳහා අඩුවෙන් ගෙවී තිබෙන පසුපස ටයර් භාවිතා කරන්නත් පුලුවන්.

මේ දේවල් නිවැරදි කරගත්තට පස්සේ කෙලින් තිබෙන කාපට් මාර්ගයකට වාහනය අරගෙන යන්න. වාහන තදබදයක් නොමැති වෙලාවක මේ පරීක්ෂණය කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. කාපට් මාර්ගයේ මඳ දුරක් ගමන් කරලා සුක්කානමෙන් අත නිදහස් කරලා මීටර් 200ක් වගේ දුරක් drive කරන්න.

ඉතින් මේ කාලය තුළ වාහනය පැත්තකට ඇදී යාමකින් තොරව කෙලින් ඉදිරියට ගමන් කරනවා නම් වාහනයේ Wheel alignments වල වෙනසක් සිදු වෙලා නැහැ.

Wheel alignments වල දෝෂ ඇති බව හැඟවෙන ලක්ෂණ

– Drive කරනකොට වාහනය එක පැත්තකට ඇදී යාම
– කෙලින් drive කරනකොට සුක්කානම මධ්‍යස්ථව නොපැවතීම
– ටයර් වල කට්ටා අක්‍රමවත්ව ගෙවීම
– වංගු ගැනීමේදී හැසිරවීම අපහසු වීම
– සුක්කානම තද වීම
– Drive කරන විට වාහනයේ යම් වෙව්ලිල්ලක් හට ගැනීම
– විවිධ වේග සීමා වලදී සුක්කානමේ යම් වෙව්ලිල්ලක් හට ගැනීම
– වංගු සහිත මාර්ගයක ගමන් කර කෙළින් පාරකට පැමිණීමේදී රෝද ස්වංක්‍රියව මධ්‍යගත පිහිටීමට නොපැමිණීම
ඉතින් ඔබේ වාහනයේත් මෙවැනි දෝෂ එකක් හෝ තිබෙනවා නම් Wheel alignments ගැන අවධාන යොමු කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.

Wheel alignments නිවැරදි කිරීම

වාහනයක රෝද 4ම මාධ්‍ය රේඛා සමාන්තරව පිහිටා තිබෙන්න ඕනේ. වාහනයක් මිලදී ගන්නා අවස්ථාවේදී රෝද 4ම මාධ්‍ය රේඛා සමාන්තරව පිහිටා තිබ්බත්, ඕනෑම වාහනයක් යම් කාලයක් ධාවනය කිරීමෙන් අනතුරුව නිෂ්පාදකයින් විසින් සකසා තිබෙන සීරුමාරු කිරීම් ස්වාභාවිකවම වෙනස් වීමට ලක් වෙනවා. ඒ අතර suspension පද්ධතිය වෙනස් වීම, දුනු වල හැඩය වෙනස් වීම, Ball joints වෙනස් වීම සහ vehicle body එක තුළ සිදු වෙන නැවීම් හඳුන්වන්න පුලුවන්.

ඉතින් මේ විදියට වෙනස් වෙන කෝණයන් මොනවද කියා සොයා බලා නැවත හරියාකාරව සීරුමාරු කිරීම Wheel alignments පරික්ෂාවකදී සිදු කරනවා.

Wheel alignments කෝණ සහ හැඩතල

Wheel alignments පරීක්ෂා කිරීමේදී විශේෂයෙන්ම camber කෝණය, caster කෝණය සහ toe කෝණය පරීක්ෂා කිරීම සහ ඒවා වැරදි නම් නිවැරදිව සීරුමාරු කිරීමත් සිදු වෙනවා.

Camber කෝණය

ටයර් එකක පැත්තක් ගෙවී යෑමට මූලික හේතුව තමයි camber කෝණය.
Camber කෝණය වෙනස් වෙන්න පුලුවන් හේතු විදියට bearing, ball joints සහ suspension පද්ධතියේ කොටස් ගෙවී යෑම හඳුන්වන්න පුලුවන්. ඒ වගේම වාහනයට අධික බර පැටවීම, අබලන් මාර්ග වලට වාහනය ධාවන කිරීම නිසාත් camber කෝණය වෙනස් වෙනවා.

Caster කෝණය

වාහනයේ සුක්කානම හැසිරවීම, වංගු ගැනීම සඳහා තමයි caster කෝණය උපකාරී වෙන්නේ. Caster කෝණය ධන අගයක් ගැනීම මඟින් සුක්කානමේ අක්ෂය රියදුරු දෙසට නැඹුරු වන අතර එය සෘණ අගයක් ගැනීමෙන් සුක්කානමේ අක්ෂය වාහනයේ ඉදිරිපසට නැඹුරු වෙනවා.

Toe කෝණය

ඉහළ සිට බැලූ විට රෝදය කොපමණ ප්‍රමාණයක් ඇතුළට හෝ පිටතට හැරවී තිබේදැයි යන්න toe කෝණය මඟින් බලා ගන්න පුලුවන්.

ඉතින් මේ විදියට තමයි වාහනයක wheel alignments වල දෝෂයක් තියෙනවාද නැද්ද කියලා ලේසියෙන්ම හොයාගන්නේ. ඔබේ වාහනයේත් ඉහත කියූ ලක්ෂණ එකක් හෝ ඇත්නම් වහාම එම දෝෂය නිවැරදි කරගන්න යොමු වෙන්න. එය ඔබේ වගේම පාරේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ගේත් ආරක්ෂාවට ගොඩක් වැදගත් දෙයක්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range 2017 for Sale

Land Rover Range 2017

70,000 km, Colombo
MEMBER
Rs 54,900,000
3 days ago
BMW X5 M-Sport 2017 for Sale

BMW X5 M-Sport 2017

104,319 km, Gampaha
MEMBER
Rs 33,900,000
3 minutes ago
Toyota Aqua S Grade 2015 for Sale

Toyota Aqua S Grade 2015

95,000 km, Colombo
verified MEMBER
verified
Rs 8,995,000
3 minutes ago
Toyota Prius S Grade 2010 for Sale

Toyota Prius S Grade 2010

190,000 km, Galle
MEMBER
Rs 9,300,000
3 minutes ago
Honda Civic SR - 2018 UK model for Sale

Honda Civic SR - 2018 UK model

60,488 km, Gampaha
MEMBER
Rs 13,150,000
1 week ago
Auto Parts for saleikman logo
Hilux vigo front shell for Sale

Hilux vigo front shell

verified MEMBER
Rs 28,000
49 seconds ago
Micro Panda Gas Shock Absorber ( Front ) for Sale

Micro Panda Gas Shock Absorber ( Front )

verified MEMBER
Rs 8,985
4 minutes ago
Suzuki Wagon R 44s Bonnet for Sale

Suzuki Wagon R 44s Bonnet

verified MEMBER
verified
Rs 48,000
7 minutes ago
Honda Vezal Bumper Light L R for Sale

Honda Vezal Bumper Light L R

verified MEMBER
verified
Rs 6,500
7 minutes ago
+ Post an ad on ikman