Key Start වාහනය Push Start වාහනයක් කරමු

27 Jul, 2023   
Key Start වාහනය Push Start වාහනයක් කරමු

මීට කාලෙකට කලින්, market එකට ආපු වාහන නම්, key start නේ. එතනදි ඉතින් key එක තමයි වැඩ පෙන්නුවේ. නමුත් දැන් එහෙම නැහැ. මොකද දැන් market එකට එන තරමක් එන්නේ push start වාහන. මේ කියන්නේ, වාහන තල්ලු කරලා start කරනවා කියන එක නෙවෙයි, button එකක් push කරලා වාහනය start කරනවා කියන එක. ඉතින් අපි බලමු කොහොමද key start වාහනයක් push start වාහනයක් කරන්නේ කියලා. CarsGuide අපි අද ඔබට ඒ ගැන කියන්නම්.

Key start වාහනයක් Push start වාහනයක් කරන්න පුළුවන්ද?

ඇත්තටම key start වාහනයක් push start වාහනයක් විදිහට convert කරන්න පුළුවන්. Push start වාහනයක්, මඟින් modern technical look එකක් ලබා දෙනවා. වර්තමානයේදී නම්, බොහෝ වාහන ඔබ අතට එන්නේ push start වාහන විදිහට. නමුත් දැන් ඔබ ළඟ තියෙන්නේ, key start වාහනයක් නම්, ඒක push start වාහනයකට replace කරන්න හැකියාව තියෙනවා.

Switch එකක් සහ hot wires replace කිරීමෙන් ඔබට පුළුවන්, key start එක, push start එකක් බවට පත් කර ගන්න. මෙතනදි කරන්නේ, වයර් කෙළවරවල් දෙකක් එකිනෙක ස්පර්ශ කිරීම වන අතර push button එක සඳහා switch එක භාවිතා කරනවා.

කොච්චර වියදම් වෙයිද?

සාමාන්‍යයෙන් ගත් විට, key start වාහනයක් push start වාහනයක් බවට convert කිරීම සඳහා සැළකිය යුතු මුදලක් වියදම් වෙනවා. ඒ වියදම් වන මුදල් ප්‍රමාණය වාහනයෙන් වාහනයට වෙනස් වෙනවා. මොන තරම් වියදමක් වුණත්, push start වාහනයක ඇති වැදගත්ම දේ තමයි, එහි ක්‍රියාකාරීත්වය සහ පහසුවයි.

අවශ්‍ය වෙන්නේ මොනවද?

ඔබට නිවසේදීම මේ convert එක කර ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය කරන උපකරණ කිහිපයක් තියෙනවා. ඒ නිසා, key start වාහනය push start වාහනයක් කරන්න කලින්, මේ දේවල් සූදානම් කර ගන්න.

Multimeter
wire stripper
soldering iron
electrical tape
10 mm spanner
Screwdriver
Push-button start kit

Push start වාහන වල අවාසි තියෙනවද?

Push start වාහනයක් හැම අතින්ම වාසිදායකයි කියලා හිතුවට, ඇත්තටම එහෙම නැහැ. යම් යම් අවාසිත් තියෙනවා. ඒ අතරින් battery එක සම්බන්ධව ගැටළු ඇති වීම push start වාහනයක ඇති අවාසියක් විදිහට හඳුන්වන්න පුළුවන්.

Wireless system, battery එක මත රඳා පවතින අතර එමඟින්, battery යේ ආයු කාලය අවසන් වීමේ ගැටළුවක් ඇති කරනවා. Fob එකක් මඟින් වාහනය ධාවනය වන විට, වාහනයට battery දැමීමේදී system එක සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත වෙනවා. එවිට, ඔබට වාහනය start කිරීමට නොහැකි වෙන්න පුළුවන්.

මේ විදිහට තමයි, key start වාහනයක්, push start වාහනයක් විදිහට convert කරන්නේ. ඉතින් ඔබ ළඟත් key start වාහනයක් තියෙනවා නම්, ඒක push start එකක් කරලා එහි modern look එක, පහසුව හා ක්‍රියාකාරීත්වය ලබා ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography p400 2019 for Sale

Land Rover Range Autobiography p400 2019

50,400 km, Kurunegala
MEMBER
Rs 57,500,000
3 weeks ago
Toyota Allion 260 2010 for Sale

Toyota Allion 260 2010

217,000 km, Colombo
verified MEMBER
verified
Rs 10,700,000
59 seconds ago
Toyota Land Cruiser Sahara ZX LC 300 2025 for Sale

Toyota Land Cruiser Sahara ZX LC 300 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 107,500,000
1 minute ago
Suzuki Alto 2017 for Sale

Suzuki Alto 2017

46,000 km, Colombo
MEMBER
Rs 5,650,000
3 minutes ago
Suzuki Maruti 800 2005 for Sale

Suzuki Maruti 800 2005

84,117 km, Gampaha
verified MEMBER
verified
Rs 2,025,000
2 minutes ago
Auto Parts for saleikman logo
Toyota Yaris Shell for Sale

Toyota Yaris Shell

verified MEMBER
verified
Rs 9,500
1 minute ago
Toyota Hilux Vigo Front Bumper for Sale

Toyota Hilux Vigo Front Bumper

verified MEMBER
verified
Rs 24,000
1 minute ago
Toyota Premio 260 Dicky Door Panal for Sale

Toyota Premio 260 Dicky Door Panal

verified MEMBER
verified
Rs 38,000
1 minute ago
Prius Seat Covers for Sale

Prius Seat Covers

verified MEMBER
Rs 14,500
10 minutes ago
+ Post an ad on ikman