Brake pads මාරු කරන්න කලින් මේ ගැනත් හිතන්න

29 May, 2024   
Brake pads මාරු කරන්න කලින් මේ ගැනත් හිතන්න

වාහනයක brake pads කියන්නේ, interconnected system එකක කොටසක්. ආරක්ෂිතව සහ සාර්ථකව ක්‍රියා කරන්න, එහි එක් එක් කොටස් මත රඳා පවතින system එකක්. සරලව කිව්වොත් brake pads, වාහනයේ rotors සමඟ සම්බන්ධ වන අතර, ඇති වෙන friction එක වාහනය slow වෙන්න සහ stop වෙන්න හේතු වෙනවා. “මෙච්චරම වාහනයකට වැදගත් වෙන brake pads මාරු කරන්නත් කාලෙ හරි. හැබැයි ඊට කලින් මොනවා ගැනද හිතන්නේ?” ඔබත් මෙහෙම හිතුවා නම්, ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි දෙන්නම්. ඇත්තටම වාහනයක brake pads මාරු කරන්න කලින් හිතන්න ඕන දේවල් තියෙනවා. මුලින්ම ඒ දේවල් හරියටම කළොත් තමයි නිවැරදිව සහ ආරක්ෂිතව brake pads මාරු කර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් CarsGuide තුළින් අපි අද ඔබට කියන්නේ, වාහනයේ brake pads මාරු කරන්න කලින් හිතන්න ඕන දේවල් ගැන.

Tools සහ අදාළ උපකරණ සූදානම්ද?

වාහනයක brake pads මාරු කරනකොට, ඒකට විවිධ වර්ගයේ tools සහ equipment ඕන වෙනවා. ඒ අතරට jack, jack stands, lug wrench, C-clamp, brake cleaner සහ basic wrenches set එකක් කියන මේ කාර්ය සඳහා අවශ්‍ය කරන tools සහ equipment සූදානම් කර ගන්න.

Replace කිරීමට අවශ්‍ය කොටස් තියෙනවද?

දැන් ඔබ මෙතනදි replace කරන්න යන්නේ, brake pads නෙ. මේ අවස්ථාවේදී ඔබ අනිවාර්යයෙන්ම වාහනයේ නිෂ්පාදනය සහ මාදිලිය සඳහා ගැළපෙන නිවැරදි brake pads මිලදී ගන්න. ඒ වගේම තියෙන components වල condition එක අනුව clips හෝ shims වගේ නව hardware ත් අවශ්‍ය වෙන්න පුළුවන්. එතකොට ඔබ ඒ ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ.

Safety එක සඳහා මොනවද කරන්නේ?

ඕනම තැනකදි අපේ ප්‍රමුඛතාවය වෙන්න ඕනේ safety එක. ඒ වගේ වාහනයේ brake pads මාරු කරනකොටත් safety එක තමයි මුලින්ම වැදගත් වෙන්නේ. ඒ නිසා ඔබේ වාහනය flat, stable surface එකක් මත තියෙන බවට සහතික කර ගන්න. වාහනය ආරක්ෂිතව ආධාරක කරන්න jack stand භාවිතා කරන්න. ඊට අමතරව gloves සහ eye protection වගේ සුදුසු ආරක්‍ෂිත ආම්පන්න පළඳින්න.

Service manual එක බලන්න

ඔබේ වාහනයේ braking system එකට අදාළ නිශ්චිත උපදෙස් සඳහා වාහනයේ service manual එක බලන්න. එමඟින් ඔබේ වාහනයට ගැළපෙන, සවිස්තරාත්මක පියවර සහ specifications ලබා ගන්න පුළුවන්.

Rotors පරීක්ෂා කරන්න

Brake rotors වල තත්වය පරීක්ෂා කරන්න ඕනේ. මොකද brake rotors damage වෙලාද කියලා, ඔබ දැන ගන්න ඕනේ. ඒ විදිහට rotors වල තත්වය බලනකොට, rotors worn වෙලා එහෙමත් නැත්නම් damage වෙලා තිබුණොත් ඒවා නැවත සකස් කිරීම නැත්නම් replace කිරීම අවශ්‍ය වෙනවා.

Brake fluid පරීක්ෂා කරන්න

Master cylinder reservoir එකේ brake fluid level එක පරීක්ෂා කරන්න. එතනදි fluid එක අඩු නම් ඒක ඉහළට ගන්න වෙනවා. හැබැයි එතකොට, වාහනයේ paint එකට damage එකක් වෙන්න පුළුවන් නිසා, ඒ paint එක මතුපිට brake fluid එක spill නොකරන්න වග බලා ගන්න ඕනේ.

Caliper එක maintain කරන්න

Calipers වලට මොනවා හරි damage එකක් වෙලාද නැත්නම්, leak එකක් තියෙනවද කියලා check කරලා බලන්න ඕනේ. එහෙම check කරලා, calipers mounts මත නිදහසේ ලිස්සා යන බවත් piston එක අල්ලා නොගන්නා බවත් සහතික කර ගන්න.

Bedding

අලුත් brake pads install කිරීමෙන් පස්සේ optimal performance එක සහ එහි කල්පැවැත්ම සහතික කර ගන්න, ඒවා නිසි පරිදි bed කිරීම වැදගත්. ඉතින් මෙතනදි අලුත් brake pads වල bedding සඳහා manufacturer ගෙ recommendations අනුගමනය කරන්න.

Test drive එකක් කරන්න

Brake pad replacement එක සම්පූර්ණ කළාට පස්සේ, brakes නිවැරදිව ක්‍රියාත්මක වන බව සහතික කර ගන්න, ආරක්‍ෂිත ප්‍රදේශයක test drive එකක් සඳහා වාහනය රැගෙන යන්න. Gentle stops වලින් ආරම්භ කරලා, ක්‍රමයෙන් braking force එක වැඩි කරන්න.

Brake කියන්නේ වාහනයක අත්‍යාවශ්‍ය, ආරක්‍ෂිත අංගයක්. ඒ නිසා ඒවා නිසි විදිහට maintain වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් කරනකොට ඔබට පුංචි හෝ උදව්වක් අවශ්‍ය නම්, මේ කාර්යයේ නිවැරදි බව සහ ආරක්ෂිත බව සහතික කර ගන්න professional mechanic කෙනෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබත් වාහනයේ brake pads මාරු කරනවා නම්, ඊට කලින් මේ දේවල් ගැන තමයි හිතන්න ඕනේ. Brake pads මාරු කරන්න කලින් හරියටම මේ දේවල් කරනවා නම්, ඔබට brake pads මාරු කරන එකත් හරියටම කරන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ Article එක ඔබට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා. එහෙනම් ඔබ දන්න කියන අය එක්කත් මේ දේවල් share කර ගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio G Superior 2018 for Sale

Toyota Premio G Superior 2018

33,000 km, Colombo
verified MEMBER
verified
Rs 18,850,000
4 days ago
Nissan Autech Crossover 2018 for Sale

Nissan Autech Crossover 2018

47,200 km, Colombo
MEMBER
Rs 12,950,000
1 month ago
Land Rover Defender 110 FIRST EDITION 2020 for Sale

Land Rover Defender 110 FIRST EDITION 2020

15,000 km, Colombo
verified MEMBER
verified
Rs 138,000,000
1 week ago
Toyota Belta 2008 for Sale

Toyota Belta 2008

145,000 km, Colombo
verified MEMBER
verified
Rs 6,075,000
42 minutes ago
Toyota Vitz U grade 2005 for Sale

Toyota Vitz U grade 2005

175,000 km, Colombo
verified MEMBER
verified
Rs 3,975,000
44 minutes ago
Auto Parts for saleikman logo
Suzuki Every DA17V Door Panel for Sale

Suzuki Every DA17V Door Panel

verified MEMBER
verified
Rs 35,000
5 hours ago
Suzuki Every Buddy Rear Seat Set for Sale

Suzuki Every Buddy Rear Seat Set

verified MEMBER
verified
Rs 98,000
5 hours ago
Suzuki Every Buddy Rear Seat Set for Sale

Suzuki Every Buddy Rear Seat Set

verified MEMBER
verified
Rs 98,500
5 hours ago
suzuki every Da17v door for Sale

suzuki every Da17v door

verified MEMBER
verified
Rs 35,000
5 hours ago
suzuki every Da17v complete bar set for Sale

suzuki every Da17v complete bar set

verified MEMBER
verified
Rs 145,000
5 hours ago
+ Post an ad on ikman