Plug-in hybrid vehicles නැත්නම් PHEV ගැන කතා කරනකොට, electric motor එකට power එක ලබා දීමට, battery සහ internal combustion engine (ICE) එකකට power එක ලබා දීම සඳහා පෙට්රල් වගේ වෙනත් fuel වර්ගයක් භාවිතා කරනවා. අද අපි කතා කරන්නේ, Mercedes-AMG SL plug-in hybrid එක ගැන. මේ plug-in hybrid එක ඉදිරියේදී 800bhp ට වඩා වැඩි වේගයකින් දකින්න ලැබෙනවා. ඉතින් CarsGuide Weekly News තුළින් අපි අද ඔබට කියන්නේ, ඒ කතාව ගැන.
Mercedes-AMG විසින් SL 63 S E performance එකක් සහිත drop-top grand tourer හි පළමු hybrid version එක launch කරලා තියෙනවා. එය AMG performance division එකේ පස්වන plug-in hybrid එක වන අතර, එය මෙම වසරේදී අලෙවි කරන්න තියෙන වේගවත්ම convertibles මෝටර් රථයක් වෙනවා.
Mercedes-AMG එක GT 63 S E performance සහ S63 E performance saloons වගේ පුළුල් විදිහට එකම power train set-up එකක් ලබා ගන්නවා. Engine එකට power එක ලැබෙන්නේ, 4.0-litre twin-turbocharged V8 මඟින් වන අතර, ඒක 603bhp output එකක් නිපදවනවා. මේක 804bhp හි combined output එකක් සඳහා rear එකේ සවි කරලා තියෙන, 201bhp electric motor එකක් සමඟ paired කරලා තියෙනවා. ඒ වගේම torque එක 1047lb ft ක් වෙනවා. තත්පර 2.9 ක කාලයකින් 0-62mph වේගයක් ලබා ගන්නවා. මේකෙ top speed එක 196mph ක් වෙනවා. හැබැයි මේ speed එක Ferrari 296 GTS සහ Porsche 911 Turbo S Cabriolet වලට වඩා තරමක් අඩු අගයක් ගන්නවා.
Stopping power එක ලැබෙන්නේ, PHEV සඳහා විශේෂිත වුණු bronze-coloured calipers මඟින් තද කරලා තියෙන carbon-ceramic brakes මඟින්. AMG හි ප්රධාන විධායක නිලධාරී, Michael Schiebe පවසන්නේ, මෙම unique concept එක මඟින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට superior performance එකක් වගේම electric driving option එකක්ද ලබා දෙන බවයි.
Motor එක, rear axle එකට directly තමයි සවි කරලා තියෙන්නේ. Overtake කරන විට සහ line එකෙන් ඉවත් වන විට, acceleration එක යටතේ power එක වැඩි කරන්න ක්රියා කරනවා. මේක German brand එකේ P3 performance power train එකේ ලක්ෂණයක් වන අතර, ඒක engine එකට සම්බන්ධ කරලා තියෙන seven-speed automatic gearbox එක සමඟින් ක්රියා කරන two-speed gearbox එකකට සම්බන්ධ කරලා තියෙනවා. Rear grip එක නැති වෙන්න පටන් ගත්තම, ඒකෙ power එක front wheels වලට යවන්න පුළුවන්. මෝටර් රථයේ low speed සහ high speed උපමාරු දෙකටම උදව් කරන්න standard එකක් විදිහට rear-axle steering එකත් තියෙනවා.
ඉහළ demand එකක් තියෙන අවස්ථා වලදී grip එකට උදව් කරන්න rear axle එකට mechanical limited-slip differential එකක් සවි කරලා තියෙනවා. ඊට ඉහළින් Mercedes-AMG Formula 1 team එකේ දැනුමෙන් develop කරලා තියෙන lightweight, high-performance සහිත 400 V battery එකක් සවි කරලා තියෙනවා.
මේකෙ battery එක ගැන කියනකොට, ඉහළ demand එකක් ලැබෙන අවස්ථා වලදී, අඛණ්ඩ සහ reliable performance එකක් ලබා දෙනවා. AMG එක, Improve කළ cooling කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන නිසාම, මෝටර් රථයට electric power එකෙන් විතරක් සැතපුම් අටක් drive කරන්න පුළුවන්. හැබැයි පුළුවන් දීර්ඝතම range එක සැපයීම සඳහා develop කරලා නැහැ.
Driver ට driving modes අටක් තෝරාගන්න පුළුවන්. ඒ driving modes අතරට electric, battery hold, comfort, smoothness, sport, sport plus, race සහ individual ඇතුළත් වෙනවා. එක් එක් මාදිලියේ levels හතරක් දක්වා energy regeneration එක ලබා ගන්න පුළුවන් අතර, 100kW ට වඩා වැඩි power එකක් battery එකට නැවත ලබා දෙනවා.
මෝටර් රථය start කරන විට, ඒක තියෙන්නේ electric power එක යටතේ විතරයි. PHEV හි diameter එක 20 හෝ 21 inch වන aerodynamically optimized alloy wheels දකින්න ලැබෙනවා. මේක පැයට සැතපුම් 50 ට වැඩි වේගයකින් 40 mm කින් පහළට විහිදෙන carbonfibre front splitter එකක සහ ඒ වේගයෙන්ම විහිදෙන duck-tail rear spoiler එකක ආකාරය නිසාම aerodynamic touche එකක් ලැබිලා තියෙනවා.
මේ විදිහට තමයි, ඔබ දන්න Mercedes-AMG SL plug-in hybrid එක, 800bhp ට වඩා වැඩි වේගයකින් පැමිණෙන්නේ. ඊට අමතරව තවත් වාහන වල වෙනස්කම් ඕන තරම් සිදු වෙනවා. ඉතින් ඒ හැම දෙයක් ගැනම ඉදිරියේදීත් දැන ගන්න, දිගටම CarsGuide සමඟ එකතු වෙලා ඉන්න.