දකුණු කොරියාව කියන්නේ ලෝකයේ පස්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා. ඉතින් Kia Motors කියන්නේ දකුණු කොරියාවේ ප්‍රසිද්ධ මෝටර් රථ සමාගමක්. මේ සමාගම ආරම්භ කළේ 1957 දීයි. හැබැයි ඔවුන් මුලින්ම නිර්මාණය කළේ Honda බලපත්‍ර සහිත කුඩා යතුරුපැදි.
ඉන් වසර පහකට පසු, ඔවුන් small Mazda licensed truck නිෂ්පාදනය ආරම්භ කළා. ඒ ආකාරයට තමයි Kia සිය පළමු මෝටර් රථය 1974 දී නිෂ්පාදනය කළේ.
අද අපි CarsGuide Weekly News තුළින් ඔබට කියන්නේ, Kia Investment එක, micro factory van plan සමඟ පැමිණීම පිළිබඳවයි.
Hyundai සහ Kia සමාගම 2020 දී තිබූ තත්වයට නැවත පැමිණීම සඳහා පවුම් මිලියන 100 ක් බ්‍රිතාන්‍ය EV සමාගමේ ආයෝජනය කර තිබෙනවා. නමුත් එම සමාගමේ වටිනාකම දිගින් දිගටම අඩු වීමත් සමඟ Nasdaq කොටස් හුවමාරුවෙන් ඉවත් කිරීමේ තර්ජනයට පවා ලක්ව තිබෙනවා.
මේ අතර පසුගිය සතියේ ලාස් වේගාස්හි CES තාක්ෂණික ප්‍රදර්ශනය පැවැත්වුණා. එහිදී අනාගත ලෝකයට ගැළපෙන ආකාරයේ electric vans modular කිහිපයක්, Kia සමාගමේ සිත දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
කොරියානු සමාගම යෝජනා කරන්නේ 2025 සිට PBV (අරමුණ සඳහා ඉදිකරන ලද වාහන සඳහා) commercial range එක, යෝජනා කරන ලද ආකාරයට බොහෝ දුරට සමාන ආකාරයකින් microfactories තුළ ගෝලීයව ගොඩනගා ගත හැකි බවයි.
ඒ වගේම Kia සමාගම තවදුරටත් පැවසුවේ වෑන් රථ සහ ඒවායේ ඉදිකිරීම් ක්‍රම සඳහා බුද්ධිමය දේපළ සම්පූර්ණයෙන්ම Kia සතුව පවතින බවයි