Engine timing කියන්නෙ මොකක්ද

22 Aug, 2024   
Engine timing කියන්නෙ මොකක්ද

ඇත්තටම ඔබේ වාහනයේ engine එක කොච්චර efficiently සහ powerfully ක්‍රියා කරනවද කියලා, තීරණය කරන්නේ මොකක්ද? මේකට උත්තරය තමයි, engine timing. මෙතනදි වෙන්නේ, engine එකේ valves සහ පිස්ටන් වල movement එකම වෙලාවෙ සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් මේ වගේ තවත් වැදගත් දේවල් මේ engine timing හරහා සිද්ධ වෙනවා. සමහර විට ඔබ engine timing ගැන හරියටම දන්නේ නැතුවත් ඇති. ඒ නිසා, CarsGuide අපි හිතුවා, engine timing ගැන අද ඔබට කියන්න.

Engine timing එකේ basics

Engine timing කියන්නේ, පිස්ටන් වල movement වලට අදාළව engine එකේ valves විවෘත කිරීම සහ වසා දැමීම coordinate කිරීමයි. මේ එකම මොහොතේ සිදු වීම mechanical formality එකක් නෙවෙයි. වාහනයේ engine එක එහි සුදුසුම efficiency එකෙන් ක්‍රියාත්මක වන බව සහතික කරන හරිම පරිස්සමින් calculate කරපු maneuver එකක්.

Ignition timing

Ignition timing කියන්නේ, engine timing එකේ වැදගත් subset එකක්. Spark plugs මඟින් දහන කුටියේ air-fuel mixture එක ignite වෙන නිශ්චිත මොහොත පාලනය කරනවා. මේ spark occurs එක ඉක්මණින් හෝ ප්‍රමාද වෙලා සිදු වුණොත් ඒක අකාර්යක්ෂම දහනයකට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම මේ හරහා engine එකේ power එක සහ fuel efficiency එකත් අඩු කරනවා.

Valve timing

Valve timing මඟින් intake සහ exhaust valves විවෘත කිරීම සහ වැසීම manage කරනවා. Engine එකට ඵලදායී විදිහට ක්‍රියා කරන්න ඉඩ ලබා දීලා නියම අවස්ථාවන් වලදී valves විවෘත වීම හා වැසීම සහතික කරනවා. Valves, sync නොවන අවස්ථාවක් තිබුණොත් ඒක power එක නැති වීම, වැඩි විමෝචනය සහ potential engine එකට damage වෙන්න හේතු වෙනවා.

Fuel efficiency එක සහ performance

Engine timing කියන්නේ, දේවල් යම් order එකකට තියාගන්න එක විතරක්ම නෙවෙයි. ඒක ඔබේ වාහනයේ fuel efficiency එක සහ ක්‍රියාකාරීත්වයටත් හේතු වෙනවා. Timed engine එකක් combustion process එක optimize කරනවා. ඊට අමතර fuel වලින් වැඩි energy එකක් ලබා ගන්නවා වගේම ඒක ඔබේ වාහනයේ journey එක සඳහා power එක බවට convert කරනවා.

Engine timing එක නොසලකා හැරියොත් මොකද වෙන්නේ?

Timing off වෙලා නම්, engine එකේ දුර්වල ක්‍රියාකාරීත්වය සහ fuel efficiency එක අඩු වීම වගේ ප්‍රශ්න වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබ මේ timing ගැන නොසළකා හැරියොත් අනිත් engine components වලටත් බලපෑමක් ඇති කරනවා.

Engine timing, fine-tune කරන්නේ කොහොමද?

Modern engine වල ගොඩක් වෙලාවට variable valve timing (VVT) සහ crankshaft/camshaft position sensors වගේ high technology එකක් දකින්න පුළුවන්. මේ innovations, dynamic engine timing system එකකට උදව් වෙනවා. අනිත් දේ තමයි driving conditions වලට real time adjust කිරීමෙනුත් engine timing fine-tune කරන්න පුළුවන්. මේ විදිහට fine-tune කිරීම මඟින් ඔබේ වාහනයේ engine එක වවිධ අවස්ථාවන්ට adapt වෙන බව සහතික කරනවා. ඒ වගේම optimal performance සහ efficiency එකත් ලබා දෙනවා.

මේ තමයි engine timing එකේ කතාව. ඔබ නොදැන හිටියට මේ හරහා වැදගත් කාර්යන් රැසක් ඉටු කරනවා. අනිත් දේ තමයි engine timing ගැන ඔබ ඒ තරම් සැළකිල්ලක් නොදැක්වුවොත් ඒ හරහා වාහනයට වෙන බලපෑම ගැනත් දැන් ඔබ දන්නවා. ඒ නිසා, මීට පස්සෙ ඔබට පුළුවන්, මේ engine timing හොඳින් බලා ගන්න.

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado 120 2007 for Sale

Toyota Land Cruiser Prado 120 2007

108,000 km, Anuradhapura
MEMBER
Rs 17,850,000
1 day ago
Toyota Raize Z 1200cc Hybrid 2025 for Sale

Toyota Raize Z 1200cc Hybrid 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 16,450,000
3 minutes ago
Honda Vezel Z Play Moonroof 10SP 2025 for Sale

Honda Vezel Z Play Moonroof 10SP 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 24,500,000
3 minutes ago
Toyota Yaris 2008 for Sale

Toyota Yaris 2008

165,000 km, Kalutara
MEMBER
Rs 6,990,000
2 days ago
Peugeot 5008 GT Line 2020 for Sale

Peugeot 5008 GT Line 2020

127,000 km, Gampaha
MEMBER
Rs 21,000,000
3 weeks ago
Auto Parts for saleikman logo
audi a6 2013 front bumper for Sale

audi a6 2013 front bumper

verified MEMBER
verified
Rs 250,000
1 hour ago
Kia Soranto 2012 Tail Lights for Sale

Kia Soranto 2012 Tail Lights

verified MEMBER
verified
Rs 75,000
1 hour ago
Audi A4 2012 Rear Bumper for Sale

Audi A4 2012 Rear Bumper

verified MEMBER
verified
Rs 145,000
1 hour ago
Toyota Aqua ABS for Sale

Toyota Aqua ABS

MEMBER
Rs 150,000
1 hour ago
+ Post an ad on ikman