මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

20 Jun, 2024   
මංසන්ධි මත ඇති සළකුණු සහ ඒවායේ නීති මොනවද

හතරමං හන්දියක අතරමං නොවී යන්න ඔබ දන්නවද? හතරමං හන්දියක විතරක් නෙවෙයි, වාහනයක් drive කරනවා නම්, තුන්මං හන්දියක වුණත් හරියටම යන්නෙ කොහොමද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ කියන්න හදන්නේ, මංසන්ධියක් මත තියෙන සළකුණු ගැන. මේ දේවල් ගැන දැනුවත් නැති වුණාම තමයි, විවිධ අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා CarsGuide අපි අද ඔබට කියන්නම්, මංසන්ධි මත තියෙන සළකුණු සහ ඒවායේ නීති මොනවද කියලා.

හතරමං හන්දි, තුන්මං හන්දි කියන්නේ මොනවද?

අපිට මංසන්ධියක් මත තියෙන සලකුණු සහ හැරවීම පිළිබඳ නීති මූලික කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි, එකිනෙක හරහා යන මාර්ග. අහලා තියෙනවා නේද හතරමං හන්දි ගැන. ඒ තමයි එකිනෙක හරහා යන මාර්ග. දෙවෙනි එක තමයි, මාර්ග තුනක් හමුවන මංසන්ධිය. ඒවට තමයි තුන්මං හන්දි කියන්නේ.

හතරමං හන්දියක ඇති සලකුණු සහ නීති මොනවද?

මේ මංසන්ධිය මැද වටරවුමක් නැති වුණත් ඊට වලංගු වුණු නීති තියෙනවා.

– මංසන්ධියෙන් පිට වෙන්න, පැහැදිලි මාර්ගයක් නැත්නම්, එතනදි ඉඩ ලබා දෙන ඉරට කලින් නතර වෙන්න ඕනේ.
– හැබැයි ඔබට මංසන්ධියට ඇතුල් වෙලා වාහනය නතර කරගෙන ඉන්න බැහැ. මොකද ඒක තහනම්.
– පදිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන සංඥා තියෙනවා නම්, ඒ පිළිබඳව සැළකිලිමත් වෙන්න ඕනේ.

හතරමං හන්දියක වම්පසට හරවන්නේ කොහොමද?

– මංතීරු එකකට වැඩි අවස්ථාවකදී වම්පසින් ඇති තීරුවේ පැමිණීම අනිවාර්යයි.

– මාර්ගයේ වම්පසින් තනි ආලෝක පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව තමයි ගමන් කරන්න ඕනේ.

– වම්පසින් ආලෝක සංඥා පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙනවා නම්, ඒකෙ ඉදිරියට යන්න තියෙන සංඥාවෙන් වම්පසට හරවන්නත් ඉඩ ලබා දෙනවා.

– හැබැයි ආලෝක සංඥා පුවරු නැත්නම්, දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව වම්පසට හරවන්න පුළුවන්.

හතරමං හන්දියකදී කෙළින්ම ඉදිරියට යන්නේ කොහොමද?

– මංතීරු දෙකක් විතරක් තියෙනවා නම්, වම්පස තීරුවේත්, මංතීරු දෙකකට වැඩියි නම්, මැදින් තියෙන නැත්නම් මාර්ගය මත තියෙන සලකුණු කරපු තීරුවේත් පැමිණීම අනිවාර්යයි.

– මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු නැත්නම් සහ මාර්ගයේ වම්පසින් තනි ආලෝක සංඥා පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව තමයි ඔබ drive කරන්න ඕනේ.

– සමහර විට වම්පසින් පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන්න පුළුවන්. එහෙනම් ඒකෙ ඉදිරියට යන්න තියෙන සංඥාවෙන් විතරක් ඉදිරියට ගමන් කරන්න ඕනේ.

– හිතන්නකො ආලෝක සංඥා පුවරු නෑ කියලා. එහෙනම් දකුණු පසින් එන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව ඉදිරියට drive කරන්න ඕනේ.

හතරමං හන්දියකදී දකුණු පසට හරවන්නේ කොහොමද?

– මංතීරු එකකට වැඩි අවස්ථාවකදී දකුණු පසින් ඇති තීරුවේ drive කිරීම අනිවාර්යයි.

– මාර්ගයේ දකුණු පසින් තනි ආලෝක සංඥා පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව තමයි ගමන් කරන්න ඕනේ.

– සමහර විට දකුණු පසින් පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒකෙ දකුණට හරවන්න තියෙන සංඥාවෙන් දකුණු පසට හරවන්න ඉඩ ලබා දෙනවා.

– ආලෝක සංඥා පුවරු නැත්නම් දකුණු පසින් එන වාහන සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව දකුණු පසට හරවන්න පුළුවන්.

තුන්මං හන්දියක ඇති සලකුණු සහ නීති මොනවද?

මේ මංසන්ධිය T හැඩයට අමතරව වෙනත් හැඩයන් වලිනුත් පවතින්න පුළුවන්. ඒ වගේම මේ නීති හැම අවස්ථාවකදීම වලංගු වෙනවා.

– මංසන්ධියෙන් පිට වෙන්න, පැහැදිලි මාර්ගයක් නැත්නම්, එතනදි ඉඩ ලබා දෙන ඉරට කලින් නතර වෙන්න ඕනේ.
– හැබැයි ඔබට මංසන්ධියට ඇතුල් වෙලා වාහනය නතර කරගෙන ඉන්න බැහැ. මොකද ඒක තහනම්.
– පදිකයින්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕන සංඥා තියෙනවා නම්, ඒ පිළිබඳව සැළකිලිමත් වෙන්න ඕනේ.

තුන්මං හන්දියකදී වම්පසට හරවන්නේ කොහොමද?

– මංතීරු එකකට වැඩි අවස්ථාවකදී වම්පසින් ඇති තීරුවේ පැමිණීම අනිවාර්යයි.

– මාර්ගයේ වම්පසින් තනි ආලෝක සංඥා පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව drive කරන්න ඕනේ.

– වම්පසින් ආලෝක සංඥා පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් හෝ මාර්ගයේ අනෙක් පසින් ඒ කියන්නේ ඉදිරියෙන් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන අවස්ථාවක් ගැන හිතන්නකො.එහෙනම් එහි වම්පසින් තියෙන පුවරුවේ ඇති සංඥාවෙන් වම්පසට හරවන්න ඉඩ ලබා දෙනවා.

– ආලෝක සංඥා පුවරු නැත්නම්, දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව වම්පසට හරවන්න පුළුවන්.

– උප මාර්ගයක්, ප්‍රධාන මාර්ගයකට සම්බන්ධ වෙනවා නම්, ප්‍රධාන මාර්ගයට තමයි ඔබ හැම වෙලාවෙම ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ.

තුන්මං හන්දියකදී දකුණු පසට හරවන්නේ කොහොමද?

– මංතීරු එකකට වැඩි අවස්ථාවකදී දකුණු පසින් ඇති තීරුවේ පැමිණීම අනිවාර්යයි.

– මාර්ගයේ දකුණු පසින් තනි ආලෝක සංඥා පුවරුවක් තියෙනවා නම්, ඒ පුවරුවේ සංඥා අනුව ගමන් කරන්න ඕනේ.

– දැන් දකුණු පසින් ආලෝක සංඥා පුවරුවක් නැතුව මාර්ගයට ඉහළින් හෝ මාර්ගයේ අනෙක් පසින් ඒ කියන්නේ ඉදිරියෙන් ද්විත්ව ආලෝක සංඥා පුවරු සවි කරලා තියෙන අවස්ථාවක් ගැන හිතන්නකො. ඒ වගේ අවස්ථාවකදී එහි දකුණු පසින් තියෙන පුවරුවේ ඇති සංඥාවෙන් මාර්ගය හරහා ගිහින් දකුණු පසට හරවන්න ඉඩ ලබා දෙනවා.

– ආලෝක සංඥා පුවරු නැත්නම් දකුණු පසින් එන වාහන වලට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආරක්ෂාකාරීව මාර්ගය හරහා ගිහින් දකුණු පසට හරවන්න පුළුවන්.

– අනිත් දේ තමයි උප මාර්ගයක්, ප්‍රධාන මාර්ගයකට සම්බන්ධ වෙනවා නම්, ඔබ ප්‍රධාන මාර්ගයට තමයි හැම වෙලාවෙම ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ.

දැන් ඉතින් ඔබට කිසිම බයක් නැතුව, හතරමං හන්දි වල, තුන්මං හන්දි වල වාහනය drive කරන්න පුළුවන්. හැබැයි ඒකට අපි අද කියපු දේවල් හොඳින් මතක තියාගන්න ඕනේ. එතකොට තමයි ඔබට වගේම පාරෙ යන එන අනිත් අයටත් ආරක්ෂාව ගැන සහතික වෙන්න පුළුවන් වෙන්නේ.

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Hyundai Santa Fe 2015 for Sale

Hyundai Santa Fe 2015

180,000 km, Colombo
MEMBER
Rs 11,850,000
1 week ago
MG ZS 2019 for Sale

MG ZS 2019

77,000 km, Colombo
MEMBER
Rs 9,500,000
1 minute ago
Toyota Auris 2010 for Sale

Toyota Auris 2010

133,000 km, Colombo
MEMBER
Rs 7,500,000
2 minutes ago
Suzuki Wagon R ZX 2025 for Sale

Suzuki Wagon R ZX 2025

0 km, Colombo
verified MEMBER
Rs 8,500,000
3 minutes ago
Ford Raptor Ranger 2025 for Sale

Ford Raptor Ranger 2025

0 km, Colombo
MEMBER
Rs 34,600,000
1 month ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Hero Splender Ismart Fuel Tank for Sale

Hero Splender Ismart Fuel Tank

MEMBER
Rs 22,500
7 minutes ago
BYD Dolphin Carpets for Sale

BYD Dolphin Carpets

MEMBER
Rs 16,000
52 minutes ago
BYD Sealion 6 Carpets for Sale

BYD Sealion 6 Carpets

MEMBER
Rs 16,000
53 minutes ago
BYD Atto 3 Carpets for Sale

BYD Atto 3 Carpets

MEMBER
Rs 25,000
55 minutes ago
+ Post an ad on ikman