Disabled Driversලා සඳහා Vehicle Modifications

04 Dec, 2023   
Disabled Driversලා සඳහා Vehicle Modifications

යම් කිසි හේතූන් නිසා වගේම විවිධ අනතුරු වලට ලක් වීම නිසා disabled වුණු drivers ලා ඉන්නවා. ඉතින් ඒ අයටත් drive කරන්න පහසු වෙන විදිහට වාහනය modify කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද? Disabled වුණු අය තව කෙනෙක්ගේ උදව් ඇතුව වාහනයේ ගිහින් wheel chair එකට මාරු වෙන එක තමයි කරන්නේ. ඒත් disabled වුණු කෙනෙක්ට පහසුවෙන් වාහනයක් drive කරන්න පුළුවන් වෙන විදිහට වාහනය modify කරගන්න පුළුවන්. අද CarsGuide අපි හිතුවා disabled වුණු driversලා සඳහා කරන්න පුළුවන් වාහන modifications මොනවද කියලා ඔයාට කියන්න.

Hand control එක අතින් control කරන්න සකස් කිරීම

කකුල් දෙකට යම් ආබාධයක් වෙලා තියෙන driver කෙනෙක්ට නම් brake එක පාගන්න බැහැ. ඉතින් ඒකට කරන්න පුළුවන් modification එකක් තියෙනවා. ඒ තමයි brake සහ accelerator කියන හැම දෙයක්ම අතින්ම control කරන්න පුළුවන් විදිහට modify කරන එක. ඉතින් කකුලේ යම් ආබාධයක් වෙලා තියෙන ඕනෙම driver කෙනෙක්ට මේ modification එක වාහනයට use කරන්න පුළුවන්. ඒකෙන් වාහනය drive කරන එක පහසු කරනවා.

Accelerator එක අතින් control කරන්න සකස් කිරීම

හදිස්සියේ හරි දකුණ හෝ වම් කකුල අහිමි වුණ driver කෙනෙක්ට මේ modification එක use කරන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක්ට accelerator එක අතින් control කරන්න පුළුවන් විදිහට සකස් කරගන්න පුළුවන්. ඒ වගේම වම් කකුල අහිමි වෙලා නම් දකුණත් දකුණු කකුල අහිමි වෙලා නම් වමත් use කරලා වාහනය drive කරන්න පුළුවන්.

Adaptive electronic controls යොදා ගැනීම

අත් කකුල් වල ශක්තිය නැති disabled වුණු drivers ලට මේ adaptive electronic controls ගොඩක් වැදගත්. Horn, dimmer switch, wiper, headlight control කිරීමේ හැකියාව මේ adaptive electronic control එකට තියෙනවා. ඒ වගේම වාහනය drive කරද්දී අවශ්‍ය gear එක select කරගන්නත් හා වාහනය හැරවීමේදී signal යොදා ගැනීමටත් උපකාරී වෙනවා. ඉතින් disabled වුණු driver කෙනෙක්ට මේ දේ ගොඩක් ප්‍රයෝජනවත්.

Braking system එකේ Pressure එක අඩු කිරීම

Disabled වුණු කෙනෙක්ට වාහනය drive කරන්න පහසු කරන තවත් modification එකක් තමයි braking system එකේ pressure එක අඩු කරන එක. ඉතින් මේ modification එකෙන් වෙන්නේ වාහනයේ brake ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන pressure එක අඩු කරන එක. මෙතැනදී braking system එකේ power එක 50% කින් පමණ අඩු කරනවා. ඉතින් මේ දේ disabled වුණු driver කෙනෙක්ට ගොඩක් වැදගත්.

Automatic doors යොදා ගැනීම

Auto open, close වෙන doors තියෙන එක disabled වුණු කෙනෙක්ට ගොඩක් පහසු දෙයක්. මේ doors button එකක් මඟින් open කරන්න close කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ modification එක van වලට තමයි use කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් Wheelchair එකෙන් බහින්න වගේම ඇතුළු වෙන්නත් disabled driver කෙනෙකුට මේක හොඳ option එකක්.

Remote operated wheel chair යොදා ගැනීම

Remote operated wheel chair එකක් තියෙනවා නම් wheelchair එකේ ගමන් කරන disabled වුණු drivers ලට තවත් කෙනෙක්ගේ උදව් නැතුව ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒක disabled driver කෙනෙක්ට ගොඩක් පහසුයි. ආරක්ෂිතව හා පහසුවෙන් ගමන් කරන්න මේකත් හොඳ option එකක්.

මෙන්න මේ දේවල් තමයි disabled driversලා සඳහා කරන්න පුළුවන් car modifications. මේ modification හරහා පුළුවන් ඕනෙම disabled වුණු driver කෙනෙක්ට හරිම පහසුවෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනය drive කරන්න.

Similar Advices



1 comment

  1. මෙවා කෙච්චර තිබුනත් රියදුරැ බලපත්‍රය ලබා ගැනිමේ ක්‍රියා පිලිවෙත අති දුෂ්කරයි.ආබාධිත රියදුරැ බලපත්‍ර දෙනවාට වඩා නොදෙන්න තමයි උත්සහ කරන්නෙ හේතුව අනතුරැ අවම කරගන්න

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
BMW X1 1.5 20i M Sport 2025 for Sale

BMW X1 1.5 20i M Sport 2025

50 km, Colombo
verified MEMBER
verified
Rs 36,500,000
2 weeks ago
Audi A5 S-Line 2019 for Sale

Audi A5 S-Line 2019

43,000 km, Colombo
MEMBER
Rs 32,000,000
3 weeks ago
Toyota Voxy NOAH SZ HYBRID 2024 for Sale

Toyota Voxy NOAH SZ HYBRID 2024

13,000 km, Kurunegala
verified MEMBER
verified
Rs 34,500,000
2 weeks ago
Suzuki A-Star VXI 2013 for Sale

Suzuki A-Star VXI 2013

98,364 km, Colombo
verified MEMBER
verified
Rs 4,650,000
3 minutes ago
Audi A4 S Line 2018 for Sale

Audi A4 S Line 2018

63,000 km, Colombo
verified MEMBER
Rs 20,900,000
5 minutes ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Battery for Sale

Toyota Prius Hybrid Battery

verified MEMBER
verified
Rs 430,000
5 days ago
BMW x1 car android audio setup with panel for Sale

BMW x1 car android audio setup with panel

verified MEMBER
verified
Rs 57,000
3 minutes ago
honda CR-V car door visor for Sale

honda CR-V car door visor

verified MEMBER
verified
Rs 2,500
4 minutes ago
+ Post an ad on ikman