එන්ජින් වලින් දාන දුම් වර්ග

20 Dec, 2023   
එන්ජින් වලින් දාන දුම් වර්ග

ඔබ දැකලා තියෙනවද, වාහනයේ engine එකෙන් දුම් දානවා? සමහර විට දැකලා ඇති, සමහර විට දැකලා නැතුවත් ඇති. ඒ කොහොම වුණත් ඕනම engine එකකින් දුම් දානවා. හැබැයි ඒවා ඇහැට පේන්නේ නැති වෙන්න පුළුවන්. තවත් සමහර දුම් වර්ග ඇහැට පේනවා. ඉතින් වාහනයක් තියෙන කෙනෙක් විදිහට, වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් විදිහට එහෙමත් නැත්නම් වාහනයක් drive කරන කෙනෙක් විදිහට ඔබ මේ engine වලින් දාන දුම් ගැන දැනගෙන ඉන්න ඕනේ. ඒ නිසා CarsGuide අපි හිතුවා ඇහැට පේන engine වලින් දාන දුම් වර්ග ගැන අද ඔබට කියන්න.

Engine එකෙන් එන දුම් වර්ග මොනවද?

Engine එකකින් ඇහැට පේන්න දුමක් එනවා නම්, ඒ engine එකේ යම් ආකාරයක ගැටළුවක් තියෙනවා. සමහර විට ඒකෙන් කියන්නේ, engine එක අලුත්වැඩියා කරන්න කාලය ඇවිත් කියන එක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕනම engine එකකින් දාන දුම් වර්ග මූලික වශයෙන් වර්ග තුනක් තියෙනවා.
– සුදු දුම
– නිල් පාට දුම
– කළු පාට දුම

මොකක්ද මේ සුදු දුම?

ගොඩක් වෙලාවට engine එකකින් සුදු දුම පිට වෙන්නේ, අදාළ engine එකේ oil පොඩි ප්‍රමාණයක් දහනය වෙනකොට. ඊට අමතරව water cooling වාහනයක් ගත්තාම, ගොඩක් වෙලාවට head gas cut එක ගිහිල්ලා cylinder එකට වතුර leak වෙනවා නම්, ඒ වතුර දහනය වෙලා යනකොටත් මේ කියන සුදු දුම එනවා. Water cooling වාහනයක සුදු පාට දුමක් එනවත් එක්කම, radiator එකේ වතුර අඩු ගතියක් පෙන්වනවා කියන්නේ, අනිවාර්යයෙන්ම engine එකේ head gas cut එක ගිහින්. ඒ head gas cut එක හරහා cylinder එකට leak වෙන වතුර දහනය වෙලා පිටවෙන exhaust steam එක තමයි සුදු පාටට පේන්නේ.

සමහර වාහන උදේ පාන්දර start කළාම engine එකෙන් සුදු දුමක් එනවා. හැබැයි ඒක නම් engine එකේ ප්‍රශ්නයක් නිසා පිට වෙන දුමක් නෙවෙයි. උදේ පාන්දර තියෙන සීතල නිසා තමයි එහෙම වෙන්නේ.

Air cooling වාහනයක engine එකෙන් සුදු පාට දුමක් පිට වෙනවා කියන්නේ, engine oil ගොඩක් පොඩි ප්‍රමාණයක් cylinder එකට leak වෙනවා කියන එක. ඒ engine oil දහනය වෙලා යනකොට එන දුම තමයි, සුදු පාටට එන්නේ.

Engine එකකින් ගොඩක් පොඩි ප්‍රමාණයක් engine oil leak වෙනවා නම්, ඒකට හේතුව තමයි valve seal පරණ වීම. එහෙම වුණාම valve seal හරහා cylinder එකට oil leak වෙනවා. මේ සේරමත් එක්ක පොදුවේ ගත්තාම valve seal පරණ වෙලා හරි valve guide ගෙවිලා හරි තියෙනවා නම්, එහෙමත් නැත්නම් head gas cut එකේ ගැටළු තියෙනවා නම්, cylinder එකට engine oil leak වෙන්න පුළුවන්. අන්තිමට වෙන්නේ, engine එකෙන් සුදු දුම පිට වෙන එක.

නිල් පාට දුම කියන්නේ මොකක්ද?

Engine oil ලොකු ප්‍රමාණයක් දහනය වෙනවා නම්, ඒ වෙලාවට තමයි නිල් පාට දුම දාන්නේ. Oil ලොකු ප්‍රමාණයක් දහනය වෙන වෙලාවට සාමාන්‍යයෙන් මේ නිල් පාට දුම engine එකක් start කරපු මොහොතේ ඉඳලා එනවා. එතනදි වෙන්නේ, engine එකේ cylinder එක ඇතුළට engine oil ලොකු ප්‍රමාණයක් leak වෙන එක. එහෙම leak වෙනකොට ඒ engine oil දහනය වෙලා එළියට එන්නේ නිල් පාට දුමක් විදිහට. කලින් කියපු විදිහටම තමයි මෙතනදිත් engine oil leak වෙන්නේ. හැබැයි මූලිකවම cylinder එකට engine oil leak වීමට හේතු වෙන්නේ, piston rings සවුත්තු වීම. ඊට අමතරව නිල් පාට දුම පිට වෙන අවස්ථාවකදී සිද්ධ වෙන්න පුළුවන් තවත් දෙයක් තමයි, නිතරම plug පිච්චෙන එක.

Engine එකෙන් පිටවෙන කළු පාට දුම මොකක්ද?

අපි කලින් කියපු සුදු දුම වගේම නිල් දුමත් පිට වුණේ, engine එකේ ප්‍රශ්නයක් නිසානේ. හැබැයි මේ කළු පාට දුම පිට වෙන්නේ නම්, engine එකේ තියෙන ගැටළුවක් නිසා නෙවෙයි. ඒත් කළු පාට දුම පිට වීම නිසා, engine එකට වෙන්න පුළුවන් හානිය ගොඩක් වැඩියි.

සාමාන්‍යයෙන් engine එකකින් කළු පාට දුමක් එන්නේ, engine එකෙන් අනවශ්‍ය විදිහට පෙට්‍රල් අඩු කළාට පස්සේ. අපි ඒකට කියනවා, carburetor එකේ තෙල් වහනවා කියලා. පෙට්‍රල් අඩු කරනවා කියන්නේ, air fuel mixture එක lean කරනවා කියන එක. ඒ කියන්නේ, air fuel mixture එකේ තියෙන පෙට්‍රල් ප්‍රමාණය අඩු කරනවා. එතකොට engine එකට යන්නේ දුර්වල air fuel mixture එකක්. මේ විදිහට lean air fuel mixture එකක් දහනය වෙනකොට තමයි, ගොඩක් වෙලාවට කළු පාට දුම එන්නේ. මේ කළු පාට දුම එනකොට, engine එක over heat වෙනවා. ඒක ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒකෙන් engine එකේ mechanical failure එකක් වෙන්න chance එක තියෙනවා. ඉතින් කළු දුමක් එනවා නම්, ඒක carburetor එකේ air fuel mixture එක lean කිරීම නිසා ඇති වෙන ප්‍රශ්නයක්. ඒ නිසා air fuel mixture එක සාමාන්‍ය තත්වයට අරගෙන, carburetor එක සාමාන්‍ය විදිහට tune කරලා යථා තත්වයට ගන්න ඕනේ. ඒ නිසා කළු දුමක් එනකොට දැන ගන්න ඕනේ, “මේක engine එකේ ගැටළුවක් නෙවෙයි, හැබැයි මේ විදිහට දිගටම කළු පාට දුම පිට වුණොත්, engine එකට ලොකු හානියක් වෙන්න පුළුවන්” කියලා.

මේ තමයි engine වලින් දාන ඇහැට පේන දුම් වර්ග. දුම් පිට වෙන්න හේතු මොනවද, සමහර දුම් පිට වීමෙන් engine එකට වෙන damage එක මොන වගේද කියන දේවල් ගැන ඔබට මේ Article එකෙන් හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා අපි හිතනවා. ඉතින් මීට පස්සේ, මේ කියපු දුම් වර්ග වලින් එක දුමක් හරි engine එකෙන් පිට වෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔබ ඒ ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota CHR NGX 50 2017 for Sale

Toyota CHR NGX 50 2017

66,425 km, Colombo
MEMBER
Rs 14,900,000
1 hour ago
Toyota Prius S LED NEW FACE 2012 for Sale

Toyota Prius S LED NEW FACE 2012

189,500 km, Colombo
verified MEMBER
verified
Rs 9,475,000
4 hours ago
Nissan Sylphy Bluebrid G11 2010 for Sale

Nissan Sylphy Bluebrid G11 2010

145,000 km, Kalutara
verified MEMBER
verified
Rs 6,875,000
1 week ago
Austin Mini Cooper 1997 for Sale

Austin Mini Cooper 1997

200,000 km, Gampaha
MEMBER
Rs 3,000,000
4 hours ago
Mitsubishi Montero 2007 for Sale

Mitsubishi Montero 2007

85,000 km, Kalutara
verified MEMBER
verified
Rs 20,500,000
1 week ago
Auto Parts for saleikman logo
+ Post an ad on ikman