වාහනයක් තියෙන ඔබ දැන ගත යුතුම tricks

26 Feb, 2024   
වාහනයක් තියෙන ඔබ දැන ගත යුතුම tricks

වාහනයක යනකොට ඔයාගේ ආරක්ෂාව ගැන වගේම පාරේ යන අනිත් අයගේ ආරක්ෂාව ගැන හිතන එකත් ගොඩක් වැදගත් දෙයක්. ඔයා වාහනය drive කරද්දී යොදාගන්න පුළුවන් tricks ගැන දන්නවා නම්, ඔයාට වගේම පාරේ යන අනිත් අයටත් වෙන්න පුළුවන් අනතරු වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසාම අද CarsGuide අපි හිතුවා වාහනයක් තියෙන ඔයා දැනගන්න ඕනේ tricks මොනවද කියලා කියන්න.

වාහනයේ key battery එක

දැන් තියෙන වාහන වල ගොඩක් වෙලාවට තියෙන්නේ smart start key facility එක. ඒ කියන්නේ ගොඩක් වාහන start කරගන්න තියෙන්නේ smart key එකකින්. මේ smart key එකට battery එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ smart key එකේ battery එක බහිනවා. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයා කරන්න ඕනේ යතුරින් battery එක open කරගන්න ඕනේ. මේ දේ honda, toyota කියන වාහන දෙකටම වගේම මේ වගේ vehicle key fob එකක් තියෙන ඕනෙම වාහනයකට අදාළ වෙනවා. Battery එක අයින් කරගෙන වාහනය start කරන තැනට ඒක ලං කරලා බැලුවට indicate වෙන්නේ නැහැ කියන එක ඔයාට බලාගන්න පුළුවන්. ඒ කියන්නේ press කරන්න හැදුවට display එකේ පෙන්නනවා key එක නැහැ කියලා. හැබැයි ඔයාට පුළුවන් ඒකේ logo එක වාහනය start කරන තැනට ලං කරන්න. ඊට පස්සේ brake එක පාගන්න. දැන් ඔයාට පුළුවන් වාහනය start කරගන්න. ඉතින් ඔයාගේ වාහනෙත් smart key එකේ battery එක dead වුණොත් මේ trick එක use කරන්න මතක තියාගන්න.

Steering wheel එක

ගොඩක් අය දන්නැති තව දෙයක් තමයි වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකක්ද කියන දේ. වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නවයයි තුන කියන ක්‍රමය. ඉතින් ඔයා වාහනය drive කරනකොට steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුන කියන ක්‍රමයට. ඒත් ගොඩක් අය මේ steering wheel එක අල්ලන්නේ දහයයි දෙක කියන ක්‍රමයට. හැබැයි ඒ ක්‍රමය නම් පරණයි. ඉතින් ආරක්ෂිතව වාහනය drive කරන්න නම් steering wheel නිවැරදි විදිහට අල්ලන්න ඕනේ.Steering wheel එක අල්ලන හරිම විදිහ

ගොඩක් අය දන්නැති තව දෙයක් තමයි වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමය මොකක්ද කියන දේ. වාහනයක steering wheel එක අල්ලන්න ඕනේ නිවැරදි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නවයයි තුන කියන ක්‍රමය. ඉතින් ඔයා වාහනය drive කරනකොට steering wheel එක අල්ලන්න ඕනේ නවයයි තුන කියන ක්‍රමයට. ඒත් ගොඩක් අය මේ steering wheel එක අල්ලන්නේ දහයයි දෙක කියන ක්‍රමයට. හැබැයි ඒ ක්‍රමය නම් පරණයි මොකද දැන් steering wheel එක මැද airbag තියෙන නිසා අනතුරකදී ඔයාගේ අත්වලට වෙන්න පුලුවන් හානිය අවම කරගන්න තමයි අත් steering එකෙන් නිරායාසයකින් ඉවත් වෙන තැනකින් අල්ලන්න recommend karanne. ඉතින් ආරක්ෂිතව වාහනය drive කරන්න නම් steering wheel නිවැරදි විදිහට අල්ලන්න ඕනේ.

Front mirror එක

පාරේ යනකොට අනිත් වාහන ගැන බලාගන්න front mirror එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ font mirror එක හරි විදිහට හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වාහනය drive කරද්දී පාරේ යන අනිත් වාහන හරියට පේන විදිහට හදා ගන්න ඕනේ.
ඒ වගේම තමයි ඔයාගේ වාහනයේ front mirror එකේ මීදුම බැඳුණු අවස්ථාවක dash board එකේ icon දෙකක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ icon වලින් front mirror එකේ බැඳිලා තියෙන මීදුම අයින් කරගන්න.

Rear view mirror එක

ඔයා රාත්‍රී කාලයේ වාහනය drive කරනකොට පිටුපස තියෙන වාහන වල headlight මේ rear view mirror එකෙන් පරාවර්තනය වෙනවා. එතකොට ඔයාට වාහනය drive කරන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් ඔයා රාත්‍රී කාලයේ වාහනය drive කරනකොට rear view mirror එකේ පහළ තියෙන කුඩා කොටස උඩට දාන්න. ඒකෙන් ඔයාට අපහසුවක් නැතුව වාහනය drive කරන්න පුළුවන්.

Child safety lock එක

ඔයා ගමනක් යද්දී පොඩි අය එක්කන් යනවා නම් ඔයාට පුළුවන් මේ trick එක use කරන්න. සාමාන්‍යයෙන් පොඩි අය වාහනේ දොරවල් එක පාරට open කරනවා. ඉතින් එහෙම කළොත් ලොකු අනතුරක් වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. අන්න ඒ නිසාම ඔයාලට දීලා තියෙනවා වාහනයේ manufacture feature එකක්. ඒක තමයි child lock කියන්නේ. ඒකෙන් වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැරි වෙනවා. මේක තියෙන්නේ වාහන වල දොරේ. මේ lock එක දැම්මට පස්සේ වාහනයේ දොර ඇතුල් පැත්තෙන් අරින්න බැහැ පිටතින් විතරයි අරින්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා පොඩි අය එක්ක ගමනක් යනකොට child lock එක on කරගෙන යන්න.

Brake නැති වුණු වෙලාවක

ඔයාගේ වාහනයේ Brake නැති වුණු අවස්ථාවක manual වාහනයක නම් gear එක low කරගන්න ඕනේ වාහනයේ speed එකත් එක්ක. ඊට පස්සේ gear එක හිමීට අඩු කරගන්න ඕනේ. ඒ වගේම auto gear එකක නම් drive එකේ වාහනය යන එක s එකට දාගන්න ඕනේ. ඊට පස්සේ වාහනය b එකට දාලා accelerator එකෙන් කකුල ගත්තට පස්සේ hand brake එක ඇඳගන්න ඕනේ. එතකොට ඔයාට පුළුවන් වාහනය නවත්තගන්න පුළුවන්.

Parking වලදී

වාහනය park කරද්දී ඔයා වාහනයේ drive එකේ යන ගමන් වාහනය neutral එකට දාලා hand brake එක ඇඳගන්න ඕනේ. ඊට පස්සේ ඔයා foot brake එක කකුලෙන් release කරගන්න ඕනේ. එතකොට වාහනය ඉස්සරහට ගිහින් නවතිනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් parking එකට දාන්න. ඔයා මේ විදිහට park කරන එකෙන් වාහනයේ gear box එකත් ආරක්ෂා වෙනවා.

වාහනයේ model code එක

සාමාන්‍යයෙන් ජපන් වාහන වල passenger side එකේ වම් පැත්තේ frame එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ frame එකෙන් ඔයාට බලාගන්න පුළුවන් ඔයාගේ වාහනයේ model එක මොකක්ද කියලා. ඒ වගේම වාහනයේ grade එක engine එක ගැන වගේ වාහනයේ හැමදෙයක්ම මේ frame එකෙන් ඔයාට දැනගන්න පුළුවන්.

මෙන්න මේ දේවල් තමයි වාහනයක් තියෙන ඔයා දැනගන්න ඕනේ tricks. ඉතින් ඔයා ආරක්ෂිතව පාරේ වාහනය drive කරන්න නම් මේ tricks ගැන සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Parking වලදී හරියටම hand brake සහ GEAR brake combination එක

වාහනයක් park බලන්න අවශ්‍ය ප්‍රධානම දේ තමයි parking එක කරන තැන කෙසේ වෙතත් තැනිතලාවක හෝ බෑමුවක හෝ හෙලක වුනත් වාහනයක් stable තියෙන එක, එකට රුකුලක් විදිහට තමයි hand brake එක තියෙන්නේ assist කරගන්න parking වලදී.

ඉතින් parking කරද්දී වාහනය ඔයා ඉස්සෙල්ලාම ප්‍රතිවිරුද්ධ දිසාවට low gear එකක තියලා switch off කරන්න ඕනේ.ඒ කියන්නේ වාහනය කන්දක් නගින ගමන් නම් තියෙන්නේ 1st එකට දාලා park කරන්න ඕනේ. මොකද වාහනය යන්න බලන්නේ පිටිපස්සට නිසා, ඊටපස්සේ ඔයාට තියෙන්නේ assist brake එක, ඒ කියන්නේ hand brake එක අදින්න, වාහනයේ handbrake වැඩ නැතිනම් අපි tyres block කරන්න recommend කරනවා opposite sides. ඒ කිව්වේ ඔයා ඉස්සරහ වමට ඇදයක් තිබ්බානම් ඊටපසසේ දකුණට තමයි අනික තියෙන්න ඕනේ.

Similar Advices



1 comment

Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Autobiography 2018 for Sale

Land Rover Range Autobiography 2018

28,000 km, Gampaha
MEMBER
Rs 69,500,000
4 days ago
Toyota Raize Z Grade TWO TONE 2025 for Sale

Toyota Raize Z Grade TWO TONE 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 16,100,000
2 minutes ago
Peugeot 5008 GT Line 2019 for Sale

Peugeot 5008 GT Line 2019

110,000 km, Colombo
MEMBER
Rs 19,000,000
4 weeks ago
Toyota Vitz 2016 for Sale

Toyota Vitz 2016

158,000 km, Gampaha
MEMBER
Rs 7,525,000
3 weeks ago
Land Rover Range Sport 2018 for Sale

Land Rover Range Sport 2018

71,859 km, Colombo
MEMBER
Rs 5,500,000
7 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Brand New KYB Japan Shock Absorbers (Galant) for Sale

Brand New KYB Japan Shock Absorbers (Galant)

verified MEMBER
verified
Rs 22,400
21 minutes ago
Brand New KYB Japan Shock Absorbers (Pajero) for Sale

Brand New KYB Japan Shock Absorbers (Pajero)

verified MEMBER
verified
Rs 50,700
30 minutes ago
Honda Hybrid battery Insight ,GP2 , GP1 for Sale

Honda Hybrid battery Insight ,GP2 , GP1

verified MEMBER
verified
Rs 95,000
1 hour ago
+ Post an ad on ikman