වාහනයේ ඉන්ධන පිරිමැස්මට tips

20 Dec, 2023   
වාහනයේ ඉන්ධන පිරිමැස්මට tips

වාහනයක් තියෙන හැමෝටම වැදගත් වෙන දෙයක් තමයි CarsGuide අපි අද කියන්න යන්නේ. ඒ තමයි කොහොමද වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවය පවත්වා ගන්නේ කියලා. ඉතින් ඔයා දන්නවා ලංකාවේ මේ වෙනකොට පවතින අධික ඉන්ධන මිල ගැන. ඒ නිසා අද CarsGuide අපි කියන්න හදන ඉන්ධන කාර්යක්ෂමතාවය සඳහා tips ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඉතින් අපි බලමු ඔයාගේ වාහනයේ ඉන්ධන පිරිමැස්මට මොනවද කරන්න ඕනේ කියලා.

ස්ථාවර වේගය පවත්වා ගන්න

සාමාන්‍යයෙන් වාහන වලට ගැළපෙන වැඩිම වේගය විදිහට පැයට කිලෝමීටර් 60 හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයා මේ සාමාන්‍ය වේගයෙන් වාහනය drive කරනවා නම් ඔයාගේ ඉන්ධන ඉතුරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ අඩු ඉන්ධන ප්‍රමාණයකින් වැඩි කිලෝමීටර් ගානක් දුවන්න පුළුවන් වෙනවා. ඔයා වැඩි වේගයෙන් වාහනය drive කරනවා නම් නිතරම වගේ වාහනය brake කරන්න වෙනවා. එතකොට වෙන්නේ engine එකෙන් නිපදවෙන ශක්තිය අපතේ යන එක. ඒ නිසා තමයි වාහනය drive කරද්දී ස්ථාවර වේගයක් පවත්වා ගන්න ඕනේ.

Gear හරියට මාරු කරන්න

ඔයාට තියෙන්නේ manual gear වාහනයක් නම් ප්‍රෙටල් වල කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඉහළ gear වලට මාරු කරගන්න බලන්න. වාහනයේ gear මාරු වෙන කාලය සාමාන්‍යයෙන් වේගය, engine එක සහ gear එක මත වෙනස් වුණත් හැමවෙලාවෙම වාහනය drive කරන කොට දෙවෙනි gear එකට පැයට කිලෝමීටර් 25 කින් විතර මාරු කරන්න. ඒ වගේම ඊළඟ ඉහළ gear වලට පැයට කිලෝමීටර් 48 කින් හෝ කිලෝමීටර් 55 කියන වේග සීමාවන් වලදී මාරු වෙන්න පුළුවන්.

AC පද්ධතිය ගැන බලන්න

රස්නේ කාලෙටනම් අපිට AC එක නැතුවම බැරි දෙයක්. හැබැයි වාහනයේ AC පද්ධතිය වැඩ කරනකොට ඔයාගේ වාහනයේ ඉන්ධන වැඩි වශයෙන් දහනය වෙනවා. ඉතින් ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න වාහනයේ වීදුරු tint කරන්න නැත්නම් portable AC පාවිච්චි කරන්න ඔයාට පුළුවන්.

ටයර් වල වායු පීඩනය බලන්න

වාහනය පොළවේ එකදිගටම ගැටෙන්නේ ටයර් එක්ක. ඉතින් ටයර් ඉන්ධන පාවිච්චි වෙන විදිහට බලපානවා. ටයර් වල ඝර්ෂණය වැඩි වුණාම යොදන්න ඕනේ බලය වැඩි වෙනවා. ඒ වගේම මාර්ගයේ හා රෝද අතර ඝර්ෂණය අඩු කලාම දහනයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම තමයි වාහනයේ model එක, වාහනයට දාන්න ඕනේ ටයර් වල ජාතිය, හරිම ප්‍රමාණයට ටයර් වලට හුළං ගහන එක ඉන්ධන කාර්යක්ෂමතාවයට ගොඩක් වැදගත්.

නිසි කලට service කරන්න

වාහනය නිසි කලට service එකට දාන්න මතක තියාගන්න. වාහනයේ ලෙඩක් නැහැ වගේ කියලා පේන්න තිබ්බත් ඔයා වාහනය service කරගන්න ඕනේ. වාහනයේ air filter එක, oil filters, brake පද්ධතියේ parts හොඳම තත්ත්වයෙන් තියාගන්න. මොකද ඔයා වාහනය නිසි කලට service කරන එකත් ඔයාගේ වාහනයේ ඉන්ධන කාර්යක්ෂමතාවයට බලපානවා.

වාහනයේ අරන් යන බර අඩු කරන්න

ඔයා වාහනයට වැඩි බරක් දෙනකොට ඉන්ධන වැඩි වශයෙන් වැය වෙනවා. ඔයා ගෙනියන බර අඩු වෙනකොට දහනය වෙන ඉන්ධන ප්‍රමාණයත් අඩු වෙනවා.ඒ නිසා ඔයා වාහනයේ මොනවහරි බඩු අරන් යනකොට ඕනෑවට වැඩි බරක් දෙන්න එපා.

පෙට්‍රල් tank එක fill කරන නිසි වෙලාව

ඔයා උදේම පෙට්‍රල් fill කරන එකෙන් හවස් වරුවේ පෙට්‍රල් fill කරනවට වඩා ඉන්ධන වැඩිපුර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. ඒ තමයි පෙට්‍රෝලියම් වල තියෙන ප්‍රසාරණ ගුණය නිසා. මේකෙදි වෙන්නේ දවල් කාලයේ තියෙන අධික රස්නය නිසා පෙට්‍රල් shed වල භූගත තෙල් ටැංකි වල තෙල් ප්‍රසාරණය වෙනවා. උෂ්ණත්වය අඩු වෙනකොට තෙල් වල ප්‍රසාරණය අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඔයා වාහනයට පෙට්‍රල් fill කරද්දී පුලුවන් තරම් උදේ පෙට්‍රල් fill කරන්න බලන්න.

ඉතින් මෙන්න මේ ක්‍රම වලට ඔයාලා වාහනය ධාවනය කරනවා නම් අඩු වියදමකින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesal 2025 for Sale

Ford Raptor Ranger 2.0L Bi-Turbo Diesal 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 34,500,000
1 week ago
Mazda Tribute AUTO 2000 for Sale

Mazda Tribute AUTO 2000

121,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,150,000
15 seconds ago
Toyota Premio G Superior 2018 for Sale

Toyota Premio G Superior 2018

139,000 km, Colombo
MEMBER
Rs 16,600,000
43 seconds ago
Toyota Crown Sport Z Brand New 2025 for Sale

Toyota Crown Sport Z Brand New 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 63,500,000
45 seconds ago
Daihatsu Mira X LIMITED LED 2025 for Sale

Daihatsu Mira X LIMITED LED 2025

0 km, Colombo
verified MEMBER
Rs 7,150,000
2 minutes ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
Air Filter DA17 for Sale

Air Filter DA17

verified MEMBER
Rs 1,950
1 minute ago
Toyota Flexible Silencer for Sale

Toyota Flexible Silencer

verified MEMBER
Rs 3,000
8 minutes ago
BF Goodrich LT 275/65R17 for Sale

BF Goodrich LT 275/65R17

MEMBER
Rs 49,500
12 minutes ago
Thermostat Valve for Sale

Thermostat Valve

verified MEMBER
Rs 4,200
14 minutes ago
+ Post an ad on ikman