High Speed යන ඔබ මතක තබා ගත යුතු දේවල්

27 Jul, 2023   
High Speed යන ඔබ මතක තබා ගත යුතු දේවල්

ඔබ high speed යන්න කැමති කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ආරක්ෂාව කියන දේ ඔබේ ගමන පුරාවටම තියෙන්න ඕනෙ. ඒ කියන්නෙ, ආවට ගියාට high speed යන්න බැහැ. මොකද ඒක ගොඩාක් අනතුරුදායකයි. ඒ නිසා high speed යන ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු දේවල් කිහිපයක් ගැන CarsGuide අපි අද කියන්න හිතුවා.

Stress වෙලාවට drive කරන්න එපා

Stress වී සිටින අවස්ථාවකදී හෝ තෙහෙට්ටු වී සිටින අවස්ථාවකදී high speed යන විට, අනතුරට පත් වීමේ chance එක වැඩි කරනවා. මේකට හේතුව තමයි, drive කරන විට, හමු වන දේවල් කෙරෙහි, සිදු වන දේවල් කෙරෙහි අවධානය යොමු කරන්න, stress එක ඔබට අවස්ථාවක් ලබා නොදීම. ඒ වගේම drinks ගැනීමෙන් පසුව drive කිරීමත් නොකළ යුතු දෙයක්.

වැස්සෙදී speed එක අඩු කරන්න

තදින් වහින වෙලාවකදි නම්, තෙත මාර්ගයේ ලේසියෙන්ම ටයර් ලිස්සා යාම සිදු වෙනවා. ඒ නිසා වාහනයේ ටයර් හොඳින් මාර්ගය සමඟ ස්පර්ශ වීමට හැකි වන පරිදි traction එකට focus එක දෙන්න. අනිත් දේ තමයි, කිසිම මොහොතකදි වැස්ස ඉක්මවා යන්න try කරන්න එපා.

නිසි ටයර් පීඩනයක් තියා ගන්න

High speed යන විට, ඒක ටයර් වලට තදින්ම දැනෙන නිසා, ටයර් වල නිවැරදි පීඩනය පවත්වා ගැනීම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා ටයර් වල හුළං ප්‍රමාණය නිසි ප්‍රමාණයෙන් තියෙන්න ඕනෙ. එවිට, ටයර් පිපිරීම වළක්වා ගන්න පුළුවන්.

නිවැරදි වාහනය තෝරා ගන්න

සෑම වාහනයක්ම high speed යන්න සුදුසු තත්වයේ නැහැ. ඉතින් ඒ වගේ වාහන වලින් high speed යන විට, එන්ජිම වැඩිපුර වැඩ කරන නිසා, engine failure එකක් ඇති වෙනවා වගේම වාහනයේ control එක අඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා high speed යන්න හිතන ඔබ, ඊට ගැළපෙන වාහනය තෝරා ගන්න ඕනෙ. වාහනය විතරක් නෙවෙයි, වාහනයේ ටයර් වර්ගය ගැනත් සැළකිලිමත් වෙන්න ඕනෙ. මොකද සෑම ටයරයක්ම high speed එකට ඔරොත්තු දෙන්නෙ නැහැ.

හරිම track එකද බලන්න

High speed යාමට, ඔබ නිවැරදි track එක තෝරා ගන්න ඕනෙ. කිසිම මොහොතක පොදු හෝ අධික ලෙස මිනිසුන් ගැවසෙන තැන් වල high speed යන්න එපා. අතහැර දැමූ හිස් මාර්ග පමණක් high speed යාමට තෝරා ගන්න. නැත්නම්, race track එකක් වුණත් ඔබට ඒ සඳහා යොදා ගන්න පුළුවන්.

නිවැරදිව තිරිංග යොදන්න

Normal speed එකෙන් drive කරන විට, brake කිරීමට වඩා high speed drive කරන විට, brake කිරීමට තරමක් සංකීර්ණයි. නිවැරදිව brake කිරීමට නම්, gear කිහිපයක් පහළට මාරු කරන්න ඕනෙ. Speed එක අඩු කිරීමට සහ ආරක්‍ෂිත gear මාරු කිරීමට, තිරිංග භාවිතා කරනවා. මේ විදියට තිරිංග යොදන්නේ, වාහනය තවත් වාහනයක් සමඟ ගැටීම වළක්වා ගැනීමටයි.

ඉදිරිය හොඳින් බලන්න

මාර්ගයේ ඉදිරිය සහ වටපිටාව හොඳින් පෙනෙන විදියට driving seat එක adjust කර ගන්න. මෙය high speed යන ඔබ සෑම විටම කළ යුතු දෙයක්. ඒ වගේම ඔබට යාමට අවශ්‍ය තැන ගැන නිතරම අවධානයෙන් ඉන්න. කිසිම මොහොතක flat නොවන මාර්ග වල යන්න try කරන්න එපා.

බාධා ඉවත් කරන්න

High speed යන විට, අමතක නොකර ඒ මොහොතේ phone එක use කිරීමෙන් වළකින්න. ඒ වගේම blinking lights, loud music සහ ආහාර ද්‍රව්‍ය වැනි ඔබට බාධා වන සියලුම දේ ඉවත් කරන්න.

ඉතින් මේ තමයි, ඔබ high speed යනවා නම්, යන්න ඕන හරිම විදිහ. මේ දේවල් try කළොත් ඔබට, වාහනේට වගේම ඔබේ මාර්ගයේ යන අනිත් වාහන වලටත් අනතුරක් නොකර high speed යන්න පුළුවන්. ඒ නිසා මේ කරුණු ගැන ඔබ අනිවාර්යයෙන්ම සැළකිලිමත් වෙන්න ඕනෙ.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Jeep Wrangler 1ST OWNER DIESEL 2013 for Sale

Jeep Wrangler 1ST OWNER DIESEL 2013

141,010 km, Colombo
verified MEMBER
verified
Rs 39,500,000
1 week ago
Mitsubishi Lancer Wagon 1982 for Sale

Mitsubishi Lancer Wagon 1982

87,000 km, Kurunegala
MEMBER
Rs 870,000
46 seconds ago
Toyota Raize Hybrid Black 2025 for Sale

Toyota Raize Hybrid Black 2025

0 km, Gampaha
verified MEMBER
Rs 15,750,000
1 minute ago
Honda Vezel Z PLAY Moonroof 2025 for Sale

Honda Vezel Z PLAY Moonroof 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 23,900,000
6 minutes ago
Suzuki Wagon R Stingray 2014 for Sale

Suzuki Wagon R Stingray 2014

270,000 km, Gampaha
MEMBER
Rs 6,150,000
8 minutes ago
+ Post an ad on ikman