අපි හැමෝම ගොඩක් busy life එකක් ගත කරන්නේ. ඒ නිසා ඕනෙම කෙනෙක් නිවාඩුවක් ලැබුන ගමන් බලන්නේ පවුලේ අයත් එක්ක කොහේ හරි යන්න. ඉතින් ඔයා ළඟදී family එකේ අයත් එක්ක නිවාඩුවක් ගත කරන්න ගියාද? එහෙමත් නැත්තන් යන්න හිතාගෙනද ඉන්නේ? එහෙනම් මේ article එක ඔයාට ගොඩක් වැදගත් වෙනවා. මොකද අද CarsGuide අපි ඔයාට කියන්නේ car එකේ trip එකක් යන්න කලින් ඔයා බලන්නම ඕනේ දේවල් මොනවද කියලා. මොකද ඔයා විනෝද වෙන්න යනවා නම් ඔයාගේ පරිස්සම වගේම වාහනේ පරිස්සම ගැනත් හිතන්න ඕනේ.
Lights සහ signal check කරන්න
Drive කරද්දී lights සහ signal කියන්නේ වැදගත්ම දෙයක්. විශේෂයෙන්ම දුර ගමනක් යන්න කලින් ඔයා headlights, indicators සහ brake lights check කරන්න අමතක කරන්න එපා. ඒ වගේම signal හරියට වැඩ කරනවද කියලත් බලලා යන්න. මොකද ඔයාට ආරක්ෂිතව drive කරන්න ඕනේ නම් පාර පැහැදිලිව පේන්න නම් ඔයාගේ වාහනයේ lights හොඳට වැඩ කරන්න ඕනේ.
Battery එක check කරන්න
Battery එක කියන්නෙත් ඔයාගේ වාහනයේ වැදගත්ම දෙයක්. සාමාන්‍යයෙන් වසරකට කිහිප සැරයක් ඔයාට battery එක replace කරන්න වෙනවා. ඒ වගේම battery එක ක්‍රියාත්මක වන ආකාරය ගැනත් ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. වාහනයට අලුත් battery එකක් දානවට වඩා නියමිත කාලයේදී replace කරලා battery එක සහ damaged cables පරික්ෂා කිරීම ඔයාගේ වාහනයට ගොඩක් හොඳයි වගේම purse එකටත් ලාභදායි.
Oil level check කරන්න
වාහනය හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් oil level එක ගැන සැළකිලිමත් වෙන්න ඕනේ. වාහනයේ oil අඩු වෙලා තිබ්බොත් ඒකෙන් ඔයාට මිල අධික හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා යන ගමන පරිස්සමෙන් යන්න නම් oil level එක check කරන්න.
Tyres වල balance එක
වාහනයක යන ඔයා Tyres ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඔයාගේ ගමන හරිම comfortable විදිහට යන්න නම් Tyres වල සමතුලිතතාවයත් ගොඩක් වැදගත් වෙනවා. මොකද වාහනයක යනවා කියන්නෙම අපේ ජිවිතේ රැදිලා තියෙන්නේ Tyres උඩ. වැස්සේ ආරක්ෂිතව drive කිරීමටත් සහ Tyres වල පිපිරීම් වළක්ගවාගන්නත් Tyres නිසි පරිදි තබා ගන්න එක අත්‍යාවශ්‍යයි. ඒ වගේම වාහනයේ brake හරියට වැඩ කරනවද කියලා බලන්නත් අමතක කරන්න එපා.
වාහනය wash කරගන්න
ඔයා වාහනයේ ගෙදරින් එළියට යන්න කලින් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඒ තමයි වාහනය පිරිසිදු කරගන්න එක. ඔයාට ඉදිරිය පැහැදිලිව පේන්න නම් වාහනයේ කුණු, දූවිලි ඉවත් වෙලා තියෙන්න ඕනේ. Wiper blades අපිරිසිදු වෙලා නම් ඒවා replace කරගන්නත් මතක තියාගන්න.
Emergency kit එකක් ලෑස්ති කරගන්න
හදිස්සියක් වුණොත් අවශ්‍ය වෙයි කියලා හිතෙන දේවල් ටික pack කරලා වාහනයේ දාලා තියාගන්නත් මතක තියාගන්න. Break down එකකදි ඕනෙ කරන දේවල්, emergency tools, අමතර phone එකක්, Rechargeable battery pack එකක්, අමතර ඇඳුම්, අමතර Tyre එකක්, medical kits වගේම snacks වගේ දේවල් මේකට එකතු කරගන්න.
Fuel level එක check කරන්න
ඔයා දුර ගමනක් යනවා නම් ඊට කලින් fuel level එක check කරගන්න. ඒකෙන් ඔයාගේ කාලය ඉතුරු වෙනවා වගේම ගමන අතරමගදී ඔයාට fuel station හොයන්න කරදර වෙන්න ඕනෙත් නැහැ. ඒ වගේම ඔයාට තියෙන්නෙ hybrid හෝ Electric වාහනයක් නම් යන්න කලින් ඒක charge කරන්න අමතක කරන්න එපා.
Tyre Treads
වහින අවස්ථාවකදී මාර්ගය සමඟ සම්බන්දව සිටීමට හැකි වන පරිදි ටයරයෙන් ජලය ඉවතට ගෙන යාමට උපකාරී වෙන දෙයක් තමයි Tyre treads කියන්නේ. ඉතින් Tyre treads replace කරන්නත් අමතක කරන්න එපා. එහෙම නැති වුණොත් ඔයාට ඔයාගේ වාහනය පාලනය කරගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම වැස්ස වෙලාවකදී.
ඉතින් ඔයා ළඟදී කොහේ හරි දුර ගමනක් යන්න හිතාගෙන ඉන්නවා නම්, අනිවාර්යයෙන්ම CarsGuide අපි කියපු දේවල් ගැන ඊට කලින් බලන්න. එහෙම වුණොත් ඔයාට යන ගමන ආරක්ෂිතව ගිහින් එන්න පුළුවන්.