ඔබේ මෝටර් රථයේ වර්ණය වෙනස් කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු

24 Apr, 2024   
ඔබේ මෝටර් රථයේ වර්ණය වෙනස් කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු

ඔයා කැමතිම පාට මොකක්ද? අපි හැමෝම විවිධ පාට වලට කැමතියි. ඉතින් ඒ නිසාම අපි මොනවා හරි දෙයක් ගන්න ගියාම හැම වෙලාවේම try කරන්නේ අපේ කැමතිම පාටින් ඒ දේ මිලදී ගන්න. ඇඳුම් වගේ පොඩි පොඩි දේවල් නම් මේ විදිහට කැමතිම පාටින් ගන්න පුළුවන් වුණත් වාහනයක් ගන්නකොට නම් ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්.

මොකද අපේ හිතේ තියෙන පාටින්, අතේ තියෙන budget එකට vehicle එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්.ඒත් ඒකටත් විසඳුමක් තියෙනවා. ඒ තමයි වාහනයක් අරගෙන අපේ කැමතිම පාටින් ඒක repaint කරන එක.හැබැයි එහෙම කරන්න කලින් ඔයා හිතන්නම ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. අද CarsGuide අපි ඔයාට කියන්නේ ඒ ගැන.

කොහොමද paint කරන්නේ?

Car එක්ක paint colour එක වෙනස් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි Car wrap සහ Car spray paint කියන්නේ. ඉතින් ඔයා මුලින්ම හිතන්න ඕනේ ඔයාගේ වාහනයේ paint එක වෙනස් කරන්නේ කොහොමද කියලා.ඊට කලින් අපි බලමු මොකක්ද මේ Car wrap කියන්නේ කියලා. Car wrapping කියන්නේ ඔබේ මෝටර් රථයේ වර්ණය තීන්ත ආලේප කිරීමකින් තොරව වෙනස් කිරීමේ එක් ක්‍රමයක්. ඔබේ මෝටර් රථයට vinyl film එකක් තාපය සමඟින්, අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි ප්‍රවේශමෙන් යෙදීම තමයි මෙහිදී සිදු වෙන්නේ.

මෙමඟින් මෝටර් රථයේ පෙනුම වෙනස් කිරීමට අමතරව, ඔබේ මෝටර් රථයේ මතුපිටද ආරක්ෂා වීම සිදු වෙනවා. Car wrapping සාමාන්‍යයෙන් හඳුන්වන්නේ paint wraps, paint protection films හා colour change wraps යන නම් වලින්.

දැන් අපි බලමු Car spray paint කියන්නේ මොකක්ද කියලා. Car spray painting යනු වාහනයක වර්ණය වෙනස් කිරීම සඳහා acrylic හෝ urethane paint ආලේප කිරීම සඳහා spray gun එකක් භාවිතා කිරීම. මේක permanent car modification එකක් නිසා මේ ක්‍රියාවලිය සඳහා අධික මුදලක් වැය වෙන්න පුළුවන්.

නීතිය ගැනත් හිතන්න

අපි මොන පාටට ආස වුණත් කිසිම දවසක අපේ හිතුමනාපෙට වාහනයක වර්ණය වෙනස් කරන්න බැහැ. මොකද වාහනයේ වර්ණය වෙනස් කිරීම කියන්නේ වාහනයේ අනන්‍යතාවයට බලපාන දෙයක්. ඒ නිසා මෝටර් රථ ප්‍රවාහන පනතේ 10 වගන්තිය යටතේ මෝටර් ප්‍රවාහන කොමසාරිස්වරයාගේ පූර්ව අවසරය මත තමයි වාහනයේ වර්ණය වෙනස් කරන්න වෙන්නේ. එහිදී CAP 72, CAP 130 කියන ආකෘති පත්‍ර සමඟ ඔබගේ වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කරන්න ඕනේ. මේ සියලු ලේඛන ඉදිරිපත් කළාට පස්සේ නිත්‍යානුකුලව වාහනයේ වර්ණය වෙනස් කරන්න පුලුවන්.

Resale value එක ගැන හිතන්න

වාහනයක වර්ණය වෙනස් කිරීම එහි නැවත විකුණුම් අගයට බලපෑම් සිදු කරන්න පුළුවන්. මොකද ඔයාගේ කැමතිම පාටට තවත් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සම්පූර්ණයෙන්ම වාහනයේ වර්ණය වෙනස් කිරීම නිසා මෝටර් රථයේ තත්ත්වය ගැන සමහර dealers සැක පහළ කළ කරන්න පුළුවන්. මොකද accident වුණු වාහනයක් නැවත විකිණීමේදීත් ගොඩක් අය කරන්නේ වර්ණය වෙනස් කරන එක.ඉතින් ඒ නිසා uncommon පාටකින් වාහනය වර්ණ ගන්වන කලින් මේ ගැනත් හිතන්න අමතක කරන්න එපා.

වර්ණය වෙනස් කිරීම සඳහා යන වියදම

වාහනයේ වර්ණය වෙනස් කරන්න කලින් ඔබ සිතිය යුතු තවත් දෙයක් තමයි, මෝටර් රථය වර්ණ වෙනස් කිරීමේ මිලට එය වටිනවාද කියන එක. මොකද හොඳ quality එකක් තියෙන විදිහට වාහනයේ වර්ණය වෙනස් කරන්න නම සැළකිය යුතු මුදලක් වියදම් වෙනවා. ඉතින් ඒ නිසා මේ වර්ණය වෙනස් කිරීම වාහනයට අත්‍යවශ්‍යමද කියලා හිතලා බලන්න ඕනේ.
විශේෂයෙන්ම ඔබේ මෝටර් රථය පරණයි නම් එය වර්ණ ගන්වා නවීකරණය කිරීමට එහි වටිනාකමට වඩා වැඩි මුදලක් වැය වෙන්න පුළුවන්.

ගත වෙන කාලය ගැන හිතන්න

ඕනෙම දෙයක් කරන්න යම් කිසි කාලයක් ගත වෙනවා. විශේෂයෙන්ම වාහනයක පාට වෙනස් කරන්න.ඔබත් වාහනයේ වර්ණය වෙනස් කරන්න හිතනවා නම් මෙයට ගත වෙන කාලය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ.මොකද ඔබ නිතරම drive කරන කෙනෙක් නම් වාහනය නොමැතිව දවස් කිහිපයක් හෝ සති කිහිපයක් සිටීමට සිදු වෙනවා.සරලව කිව්වොත් ඔබ Wrapping ක්‍රමය මඟින් වාහනයේ වර්ණය වෙනස් කරනවා නම් ඒ සඳහා දින 1 – 3 ක් ගත වන අතර spray paint සඳහා සති 1 – 3 ක් පමණ ගත වෙනවා.

උෂ්ණත්ව අවශෝෂණය ගැන හිතන්න

ඔබේ වාහනයට නව වර්ණයක් තෝරාගැනීමේදී, මෝටර් රථය නිරන්තරයෙන් පවතින පරිසරයේ උෂ්ණත්වය ගැනත් සලකා බලන්න ඕනේ. උණුසුම් හා තෙතමනය සහිත රටක, කළු හෝ නිල් වැනි තද වර්ණ තාපය වැඩිපුරම අවශෝෂණය කරනවා. මෙය ඔබගේ engine එක අධික ලෙස රත් වීමටත් හේතු වෙන්න පුළුවන්.

එසේම සුදු හෝ ලා පැහැති වර්ණ මෝටර් රථය සිසිල්ව තබා ගැනීමට උපකාර වෙනවා. ඉතින් ඒ නිසා බාහිර ලස්සන ගැන වගේම උෂ්ණත්වය ගැනත් අවධානය යොමු කරන්න මතක තියාගන්න.

ඉතින් මේ දේවල් තමයි වාහනයක වර්ණය වෙනස් කරන්න කලින් ඔබ හිතන්නම ඕනේ දේවල්. ඔබත් වාහනයේ වර්ණය වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා නම් අද CarsGuide අපි කිව්ව කරුණු ගැනත් සැළකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda Civic Sedan 2018 for Sale

Honda Civic Sedan 2018

74,000 km, Colombo
MEMBER
verified
Rs 15,200,000
13 minutes ago
Audi A4 S Line 2018 for Sale

Audi A4 S Line 2018

58,800 km, Colombo
MEMBER
Rs 18,000,000
15 minutes ago
Hyundai Eon Magna Plus 2016 for Sale

Hyundai Eon Magna Plus 2016

69,000 km, Colombo
verified MEMBER
Rs 3,575,000
2 weeks ago
Peugeot 2008 2015 for Sale

Peugeot 2008 2015

66,000 km, Colombo
verified MEMBER
Rs 9,800,000
3 days ago
BMW 520d 2014 for Sale

BMW 520d 2014

16,900 km, Colombo
verified MEMBER
Rs 33,500,000
4 days ago
Auto Parts for saleikman logo
Honda Grace Tail Light for Sale

Honda Grace Tail Light

verified MEMBER
verified
Rs 25,000
22 minutes ago
Honda Vezal Dust Box for Sale

Honda Vezal Dust Box

verified MEMBER
verified
Rs 12,000
22 minutes ago
Suzuki Swift 2007 Front Bumper for Sale

Suzuki Swift 2007 Front Bumper

verified MEMBER
verified
Rs 27,000
22 minutes ago
Toyota Prius W30 2014 Head Lamp L R for Sale

Toyota Prius W30 2014 Head Lamp L R

verified MEMBER
verified
Rs 135,000
23 minutes ago
Suzuki Swift Rs Tail Lamp for Sale

Suzuki Swift Rs Tail Lamp

verified MEMBER
verified
Rs 22,000
23 minutes ago
+ Post an ad on ikman