වාහනයක් ගන්න කලින් බලන්න ඕන දේවල්

15 Dec, 2023   
වාහනයක් ගන්න කලින් බලන්න ඕන දේවල්

වාහනයක් ගන්නවා කියන එක අපේ රටේ ගොඩක් අයට හීනයක් විතරක් වෙලා. මොකද අද කාලේ අපේ රටේ වාහන වල මිල ගණන් ඇහුවම පුදුමත් හිතෙනවා. ඒ තරම් වාහන වල මිල ගණන් ගොඩක් ඉහළයි. ඒ වගේම ඉහළ ඉල්ලුමක් තිබ්බ වාහන අද වෙනකොට ගත්ත මිල වගේ තුන්ගුණයකට අලෙවි කරන්න පුළුවන් වෙලා. ඒ නිසා අද වෙද්දී ගොඩක් අය අලුත් වාහන හීනය අත ඇරලා second hand වාහන මිලදී ගන්න යොමු වෙලා තියෙනවා. හැබැයි ඔයා වාහනයක් ගන්නකොට ඒ වාහනය හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න ඕනේ. මොකද වාහනයක් හොඳ පෙනුමට තිබ්බ පමණින්ම හොඳ වාහනයක් වෙන්නේ නැහැ. ඔයා second hand වාහනයක් ගන්නකොට ඒ වාහනේ accident වුණ වාහනයක් ද, ලෙඩ තියෙන වාහනයක් ද කියලා බලන්න ඕනේ. නැත්නම් වෙන්නේ ඔයාගේ සල්ලි නිකරුනේ වියදම් වෙන එක විතරයි. ඉතින් ඒ නිසාම අද Cars Guide අපි කියන්නේ වාහනයක් ගන්න කලින් බලන්න ඕනේ දේවල් මොනවද කියලා.

Tyres ගැන බලන්න

වාහනයක් ගන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ දෙයක් තමයි tyres කියන්නේ. ඉතින් ඒ නිසා වාහනයේ tyre සහ rims හොඳ තත්ත්වයේ තියෙනවද කියලා බලන්න අමතක කරන්න එපා. සමහර වාහන වල tyres හතර ජාති හතරකින් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ මොන විදිහට තිබ්බත් දකුණු පැත්තේ සහ වම් පැත්තේ tyres එකම වර්ගයෙන් තියෙන්න ඕනේ. ඒ වගේම Rims හතරම එකම වර්ගයෙන් තියෙනවද කියලත් බලන්න. ඒ වගේම තමයි tyres නියමිත ගානට වඩා ගෙවිලද බලන්නත් අමතක කරන්න එපා. මොකද tyre හතර එකම ප්‍රමාණයට ගෙවිලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ගෙවුණු tyres තියෙන වාහනයක් ගන්නවා කියන එක ඔයාට අමතර වියදමක් වගේම ජීවිතේට පවා හානියක් සිදුවෙන්න පුළුවන්.

Bonnet එක බලන්න

ඔයා වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම වාහනයේ bonnet එක ගැනත් සැළකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම bonnet එකේ දාර බලන්න. මොකද bonnet එකෙන් හොයාගන්න පුළුවන් ඔයා ගන්න යන වාහනය කලින් accident උණූ වාහනයක්ද නැද්ද කියලත්. ඉතින් bonnet එකේ ඇද වෙච්ච, පාස්සපු තැන් තියෙනවා නම්, paint කරලා කියලා පේනවා නම්, ඒ වගේම bonnet එකේ තියෙන සිදුරු මොට වෙලා වගේ නම් ඔයා ගන්න යන වාහනය අනතුරකට පත් වෙච්ච වාහනයක් වෙන්න පුළුවන්.

Engine අංක සහ චැසි අංක ගැන බලන්න

වාහනයක් ගන්න යන හැමෝම පොතේ සඳහන් විවිධ අංක ගැන අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද engine අංකය සහ චැසි අංකය නිවැරදිව සඳහන් වෙලා තියෙන්න ඕනේ. චැසි අංකය වාහනයේ දොර විවෘත කළාම එහි රාමුව මත ඔයාට බලාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට engine එකේ අවට චැසි අංකය පේන විදිහට තමයි තියෙන්නේ. සමහර පරණ වාහන වල චැසි අංකය ඉස්සරහත් තියෙනවා. ඒ වගේම engine අංකය ගැනත් බලන්න. ඉතින් මේ අංක පොතේ තියෙන අංක එක්ක හරියටම match වෙනවද කියලා බලන්න මතක තියාගන්න.

Engine එක බලන්න

වාහනයක engine එක කියන්නේ හදවත හා සමාන වෙන දෙයක්. ඉතින් engine එකේ දිරපු තැන්, මලකඩ බැඳුනු තැන් තියෙනවද කියන දේත් check කරන්න ඕනේ. ඒ වගේම engine oil, gear oil, brake oil නිසි ප්‍රමාණයන්ගෙන් තියෙනවද බලන්න.සාමාන්‍යයෙන් engine oil වල පාට වෙන්නේ ලා දුඹුරැ පාට. ඒත් තද කළු පාටක් හෝ උකු ගතියක් තියෙනවා නම් engine oil කාලෙකින් මාරු කරලා නැති වෙන්න පුළුවන්.

Windscreen එක බලන්න

වාහනයක් ගන්න ඉන්න ඔයා බලන්නම ඕනේ දෙයක් තමයි මේ windscreen එක කියන්නේ. වාහනයේ windscreen එකේ sticker එකක් තියෙනවා. ඉතින් windscreen එකේ තියෙන මේ sticker එක ගැන ඔයා සැළකිලිමත් වෙන්න ඕනේ. ඒ sticker එක ගලවලා හරි නැත්නම් අලවලා හරි කියලා පේනවා නම්, ඒ කියන්නේ windscreen එක බිදිලා නැවත සකස් කරලා කියන එක. ඉතින් වාහනයක් ගන්නකොට අනිවාර්යයෙන්ම windscreen එක ගැන අවධානය දෙන්න.

Lights සහ bumpers ගැන බලන්න

ඔයා ගන්න යන වාහනයේ lights ගැනත් සැළකිලිමත් වෙන්න. වාහනයේ lights අලුතින් දාලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙලා අලුත් වැඩියා කිරීමක් කරලා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි bumpers ගැනත් බලන්න ඕනේ. වාහනයේ bumpers වලට හානි වෙලා නම් ඒ වාහනය අනතුරකට පත් වෙලා තිබීමේ හැකියාව වැඩියි.

වාහනයේ interior එක බලන්න

වාහනයේ ඇතුළත තියෙන dashboard, seats, ac, sounds සහ wiper කියන මේ දේවල් වල තත්ත්වය කොහොමද කියන එක ගැනත් බලන්න. වාහනයේ ac එක හරියට වැඩ කරනවද, seat covers වලට damage වෙලාද, වහලයේ headliner එක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා check කරන්න.

වාහනය drive කරලා බලන්න

ඔයා වාහනයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම අඩුම විනාඩි 10 ක් වත් වාහනය drive කරලා බලන්න ඕනේ. ඉතින් එහෙම ඔයා drive කරද්දී විවිධ ශබ්ද ඇහෙනවාද, brake හරියට වැඩ කරනවද කියලත් බලන්න. ඒ විදිහට වාහනයේ හැම option එකක්ම හරියට වැඩ කරනවද කියලා බලන්න ඕනේ. වාහනය හයියෙන් වගේම හිමිනුත් drive කරලා බලන්න. ඒ වගේම ප්‍රධාන පාරකට අමතරව වලවල් සහිත පාරක වගේම කන්දකත් වාහනය drive කරලා බලන්න මතක තියාගන්න.

වාහනයේ ලිපි ලේඛන පරික්ෂා කරන්න

වාහනයක් මිලදී ගැනීමේදී නිල වශයෙන් පවරා ගන්න ලිපි ලේඛන ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන එක වැදගත්. වාහනය විකුණන සැබෑ අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතේ සඳහන් නම සහ ලිපිනය අනිවාර්යයෙන්ම පරික්ෂා කරලා බලන්න. ඒ වගේම ලීසිං කරලා ගත්ත වාහනයක් නම් ගෙවීම් අවසන් බවට ලිපිය ලබා ගන්නත් ඕනේ.

මෙන්න මේ දේවල් තමයි ඔයා හොඳ වාහනයක් තෝරගද්දී බලන්න ඕනේ දේවල්. ඔයා වාහනයක් ගන්න නම් ඉන්නේ ඔයාට පුළුවන් මේ දේවල් ගැන සැළකිලිමත් වෙලා හොඳ වාහනයක් තෝරගන්න.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Honda City RS VTEC TURBO 2025 for Sale

Honda City RS VTEC TURBO 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 14,900,000
1 week ago
Toyota Axio 2015 for Sale

Toyota Axio 2015

163,000 km, Colombo
MEMBER
Rs 10,375,000
3 weeks ago
Honda Insight Hybrid 2009 for Sale

Honda Insight Hybrid 2009

190,000 km, Gampaha
MEMBER
Rs 6,795,000
4 weeks ago
Hyundai Stellar 1988 for Sale

Hyundai Stellar 1988

125,300 km, Gampaha
MEMBER
Rs 750,000
2 weeks ago
Toyota Yaris 2011 for Sale

Toyota Yaris 2011

130,000 km, Kalutara
verified MEMBER
verified
Rs 7,590,000
1 week ago
Auto Parts for saleikman logo
BMW E90 N52 ECU Kit DME 7576297 for Sale

BMW E90 N52 ECU Kit DME 7576297

verified MEMBER
verified
Rs 150,000
9 minutes ago
Electric Battery Charging Unit A2429820821 for Sale

Electric Battery Charging Unit A2429820821

verified MEMBER
verified
Rs 650,000
9 minutes ago
Bmw Steering Control 936354 for Sale

Bmw Steering Control 936354

verified MEMBER
verified
Rs 150,000
9 minutes ago
Hummer H3 Engine for Sale

Hummer H3 Engine

verified MEMBER
verified
Rs 975,000
9 minutes ago
+ Post an ad on ikman