වාහනය service කිරීමට පෙර සහ පසු සලකා බැලිය යුතු දේවල්

28 Jun, 2023   
වාහනය service කිරීමට පෙර සහ පසු සලකා බැලිය යුතු දේවල්

ඔබ අලුතින් වාහනයක් ගන්නද ඉන්නෙ? එහෙනම් හොඳයි. නැත්නම් වාහනයක් තියෙනවද? ඒත් හොඳයි. හැබැයි හොඳම වැඩේ තමයි, වාහනේට දැනෙන්න full service එකක් දෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙට හරිම උත්තරේ හොයන එක. ඒ නිසා වාහනයක් ගන්න ඉන්න ඔබ පවා දැනගන්න ඕනෙ, ප්‍රශ්නයක් නැතුව full service එකක් කරගන්නෙ කොහොමද කියලා. ඉතින් අපි අද හිතුවා, CarsGuide තුළින් වාහනය service කිරීමට පෙර සහ පසු සලකා බැලිය යුතු දේවල් ගැන ඔබට කියන්න.

Service එකට කළිං මේ දේවල් කරන්න:

  • කිලෝමීටර් 5000 කට පාරක් full service එකක් කරන්න.
  • Service advisor සකස් කරන job sheet එකේ, වාහනයේ අලුත්වැඩියා හෝ replacement කළ යුතු කොටස් නිවැරදිව ඇතුළත් කරන්න.
  • Service එකේදි වාහනයේ ඉදිරිපස රෝද පිටුපසටත්, පිටුපස රෝද ඉදිරිපසටත් මාරු කරන්න ඕනෙ. එමඟින් රෝද වල ඉහළ ගුණාත්මකභාවය ආරක්ෂා කරන්න පුළුවන් වෙනවා. නමුත් මෙහිදී පිටුපස රෝද හොඳ ගුණාත්මක තත්වයේ තියෙනවද කියලා service එකට කළිං බලන්න. එහෙම නැත්නම්, පිටුපස රෝද ඉදිරියට දාන්න එපා. මොකද වාහනය හරවනකොට නිතරම භාවිතා වන ඉදිරිපස රෝද හොඳ තත්වයේ තියෙන්න ඕනෙ.
  • ඉලෙක්ට්‍රික් පද්ධතියට එන වයර්, brake pad වල sensor යටින් තියෙන්න පුළුවන්. ඉතින් වාහනය service කරනකොට ඒ දේවල් පරිස්සම් කරන්න වග බලාගන්න.
  • ඉන්ධන මට්ටම පරීක්ෂා කරන්න.

Service එකට පස්සෙ මේ දේවල් කරන්න:

  • වාහනයක වැදගත්ම කොටස එන්ජිම. එන්ජිමේ දිගු කාලීන ක්‍රියාකාරීත්වය සඳහා එහි oil වෙනස් කිරීම සහ filter වෙනස් කිරීම ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අලුත් oil සාපේක්ෂව සැහැල්ලු හා පිරිසිදු බැවින් oil වල වර්ණය නිරීක්ෂණය කරන්න.
  • වාහනය service කළ පසු ඔබට ලැබෙන Itemised Bill එකේ අදාළ item එකේ price එක හරියටම mark කරලා තියෙනවද කියලා පරීක්ෂා කරන්න නම් මඟ හරින්න එපා.
  • සාමාන්‍යයෙන් වාහනයේ තියෙන බඩු බාහිරාදිය අස්ථානගත වෙන්නෙ, වාහනේ service එකට දැම්මට පස්සෙ. Service advisor සකස් කරන job sheet එකේ ඔබේ වාහනයේ ඇති බඩු බාහිරාදිය සඳහන් නොකරන නිසා tool kit එක සහ අනෙකුත් භාණ්ඩ පිටතට ගන්න උපදෙස් දෙනවා. ඒ වගේම service එකෙන් පස්සෙ, spare wheels සහ අනෙකුත් උපාංග තියෙනවද කියලා confirm කරන්න මතක තියාගන්න.
  • Service එකට පෙර තිබූ ඉන්ධන මට්ටම තිබේ දැයි පරීක්ෂා කරන්න.
  • Service එකට පසුව වාහනයේ ගැටළු තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා test drive එකක් කරන්න.
  • Air filter පිරිසිදු කළ යුතු අතර කිලෝමීටර් දහස් ගණනකට පසු එය replace කරන්න.
  • වාහනයේ රෝද හොඳින් පරීක්ෂා කරන්න.
    මේ හැම point එකක්ම හොඳින් මතක තියාගන්න. මොකද ඒ දේවල් වාහනයක් හරියටම full service කරනකොට, වාහනයක් ගන්න ඉන්න ඔබට වගේම වාහනයක් තියෙන ඔබටත් වැදගත් වෙනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Premio NZT260 G Superior 2013 for Sale

Toyota Premio NZT260 G Superior 2013

130,500 km, Colombo
MEMBER
Rs 13,750,000
3 days ago
Nissan Almera VL Black top 2025 for Sale

Nissan Almera VL Black top 2025

80 km, Colombo
verified MEMBER
verified
Rs 14,400,000
3 seconds ago
Suzuki Alto 800 2014 for Sale

Suzuki Alto 800 2014

181,620 km, Gampaha
verified MEMBER
verified
Rs 3,795,000
1 minute ago
Toyota Allion NZT 260 2007 for Sale

Toyota Allion NZT 260 2007

166,000 km, Gampaha
MEMBER
Rs 9,800,000
2 minutes ago
Perodua Viva Elite 2011 for Sale

Perodua Viva Elite 2011

143,000 km, Colombo
verified MEMBER
verified
Rs 4,550,000
1 day ago
Auto Parts for saleikman logo
Toyota Premio 260 Power Steering Rack for Sale

Toyota Premio 260 Power Steering Rack

verified MEMBER
verified
Rs 43,000
11 minutes ago
Toyota Lexus Harrier RX400H Power Steering Rack for Sale

Toyota Lexus Harrier RX400H Power Steering Rack

verified MEMBER
verified
Rs 110,000
12 minutes ago
Toyota Rav 4 RAV4 Power Steering rack for Sale

Toyota Rav 4 RAV4 Power Steering rack

verified MEMBER
verified
Rs 55,000
13 minutes ago
Toyota Axio 141 Power Steering Rack for Sale

Toyota Axio 141 Power Steering Rack

verified MEMBER
verified
Rs 32,000
16 minutes ago
+ Post an ad on ikman