වාහනයක් හැදිලා තියෙන්නේ කොහොමද?

19 Sep, 2023   
වාහනයක් හැදිලා තියෙන්නේ කොහොමද?

අපි හැමෝගෙම හීනයක් තමයි තමන්ගෙම කියලා වාහනයක් මිලට ගන්න එක. පුංචි කාලෙත් කෙනෙක් අපේ හීනය මොකක්ද කියලා ඇහුවොත් අපි ගොඩක් වෙලාවට කියන්නේ car එකක් ගන්න එක කියලා. ඉතින් අපි වාහන වලට කොච්චර ආදරෙයිද කියනවා නම් අලුත් වාහන ගැන බලන්න, දැනගන්න ගොඩක් කැමතියි. ඉතින් අද CarsGuide අපි හිතුවා වාහන ගැන දැනගන්න කැමති ඔබේ දැනුමට අලුත් යමක් එකතු කරන්න. ඒ තමයි වාහනයක් හැදිලා තියෙන්නේ කොහොමද කියන එක.

වාහනයක මූලික කොටස්

අපිට වාහනයක් මූලික වශයෙන් කොටස් තුනකට බෙදා වෙන් කරන්න පුලුවන්. ඒ තමයි,

  • Engine එක
  • Transmission system එක
  • Vehicle body එක සහ chassis system එක

Engine එක

Engine එක කියන්නේ වාහනයේ හදවත වගේ දෙයක්. මොන දේ තිබ්බත් වාහනයේ engine එක හරියට වැඩ කරන්නේ නැත්නම් ඇත්තටම ඒ වාහනයේ වටිනාකම ගොඩක් අඩු වෙනවා. මොකද මේ engine එකෙන් තමයි වාහනයට අවශ්‍ය කරන බලය ලබා දීම සිදු කරන්නේ.

ඉන්ධන දහනය වන ස්ථානය අනුව, Design එක මත පදනම්ව, Strokes ගණන මත පදනම්ව, භාවිතා කරන ලද ඉන්ධන මත පදනම්ව, ජ්වලන ක්‍රමය මත පදනම්ව, සිලින්ඩර ගණන මත පදනම්ව වගේම සිලින්ඩර සැකසීම මත පදනම්වත් අපිට engine වර්ග කරන්න පුලුවන්.

ඉතින් මේ engine එකකට කවදාවත් තනියම නම් වැඩ කරන්න බැහැ. ඒකට පද්ධති රාශියක support එක අවශ්‍ය වෙනවා. උදාහරණයක් විදිහට Fuel supply system එක, Ignition system එක, Cooling system එක, Lubrication system එක සහ Emission control system එක වගේ පද්ධතීන් හඳුන්වන්න පුලුවන්.

Transmission system එක

Engine එකට පස්සේ වාහනයක වැදගත්ම පද්ධතිය තමයි Transmission system එක. දැන් අපි බලමු ඇයි Transmission system එක මේ තරම් වැදගත් වෙන්නේ කියලා. Engine එකක් මඟින් බලයක් නිපදවෙන්න නම් engine එක කැරකෙන්න ඕනේ.

ඉතින් මේ විදිහට engine එක කැරකෙන විට යම් වේගයක් ඇති වීම සිදු වෙනවා. එම වේගය engine RPM එහෙමත් නැත්නම් Revolution Per Minute කියලා හඳුන්වන්න පුලුවන්. ඉතින් මේ විදිහට engine එක කැරකෙන speed එක torque එකක් බවට පරිවර්තයන කිරීම සිදු කරනවා.මේ හේතුව නිසාම තමයි Transmission system එක වාහනයකට මේ තරම් වැදගත් වෙන්නේ.

Transmission system එකත් එක් එක් වාහන වල එක එක විදිහට තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඒ තියෙන ආකාරය අනුව Transmission system එක කොටස් කිහිපයකට බෙදන්න පුලුවන්.

Front engine front wheel drive
Front engine rear wheel drive
Front engine all wheel drive / four wheel drive
Mid engine rear wheel drive
Rear engine rear wheel drive

ඒ විතරක් නෙමෙයි. Transmission system එකට තනිවම වැඩ කිරීමේ හැකියාවක් නැහැ. හරිහැටි Transmission system එක වැඩ කරන්න නම් මෙයට තවත් උපාංග කිහිපයකින්ම සෑදුණු පද්ධතියක් අවශ්‍ය වෙනවා. එම පද්ධතියට අයිති කොටස් ලෙස Clutch එක,Torque converter එක, Gearbox එක, Propellar shaft එක, Final drive and differential unit එක සහ Drive axle එක හඳුන්වන්න පුලුවන්.

Vehicle body එක සහ chassis system එක

Vehicle body එක සහ chassis system එකත් වාහනයට නැතුවම බැරි කොටසක් තමයි. මොකද මොන දේ තිබ්බත් වාහනයේ බර දරාගෙන ඉන්න Vehicle body එක සහ chassis system එක අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මොකද සම්පූර්ණ වාහනයේ 80%ක පමණ කොටස් සවිවෙලා තියෙන්නේ වාහන චැසියට හෝ body එකටයි. ඉතින් මේකට Braking System එක, Electrical system එක, Steering system එක, Suspension system එක සහ Body and frame අයිති වෙනවා.

ඉතින් අද CarsGuide අපි කතා කළේ වාහනයක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා. වාහනක සැකැස්ම පිටින් බැලුවම සරලයි වගේ දැක්කත් ඇත්තටම ඇතුළතින් බලනකොට නම් තරමක් සංකීර්ණයි. කොහොම වුණත් මේ දේවල් පිළිබඳව දැනගෙන ඉන්න එක ඔබට වටිනවා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Hilux REVO ROCCO 2025 for Sale

Toyota Hilux REVO ROCCO 2025

0 km, Colombo
verified MEMBER
verified
Rs 28,300,000
2 weeks ago
Toyota Yaris 2013 for Sale

Toyota Yaris 2013

184,000 km, Colombo
MEMBER
Rs 7,590,000
1 month ago
Toyota Premio G Superior 2013 for Sale

Toyota Premio G Superior 2013

187,000 km, Gampaha
MEMBER
Rs 11,750,000
6 days ago
Peugeot 5008 Sunroof 2019 for Sale

Peugeot 5008 Sunroof 2019

70,000 km, Colombo
verified MEMBER
Rs 17,900,000
4 minutes ago
Toyota Premio G Superior 2016 for Sale

Toyota Premio G Superior 2016

103,000 km, Gampaha
MEMBER
Rs 15,100,000
2 weeks ago
Auto Parts for saleikman logo
GPS unit for Sale

GPS unit

verified MEMBER
verified
Rs 7,500
1 week ago
PCX Thai Street Visor 2018 for Sale

PCX Thai Street Visor 2018

verified MEMBER
Rs 16,000
9 minutes ago
Honda Inspire U61 Tail Light RH for Sale

Honda Inspire U61 Tail Light RH

verified MEMBER
verified
Rs 13,500
22 minutes ago
Vezel, Grace, GP5 Engine Bed Mount for Sale

Vezel, Grace, GP5 Engine Bed Mount

verified MEMBER
Rs 7,000
5 days ago
+ Post an ad on ikman