ටයර් එකට නයිට්‍රජන් ගහන්න ඕනෙමද?

12 Mar, 2024   
ටයර් එකට නයිට්‍රජන් ගහන්න ඕනෙමද?

වාහනයකට අත්‍යවශ්‍යම දෙයක් තමයි ටයර් කියන්නේ. අපිට කවදාවත් වාහනයක් ටයර් නැතුව drive කරන්න බැහැ. හැබැයි වාහනයක් පදවන්න මේ ටයර් වලට නියමිත ප්‍රමාණයට වායු පුරවන්න ඕනේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වාහනයේ ටයර් වලට නයිට්‍රජන් වායුව ගහන්නම ඕනෙද කියන එක. ඔන්න CarsGuide අපි අද ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ අරන් ආවා. මොකද අද අපි කියන්නේ වාහනයේ ටයර් එකට නයිට්‍රජන් වායුව ගහන්නම ඕනෙද කියන එක ගැන.

ටයර් වලට fill කරන්න පුළුවන් වායු වර්ග

අපිට ටයර් එකට fill කරන්න පුළුවන් වායු වර්ග දෙකක් තියෙනවා.
ඒ අනුව අපිට සාමාන්‍ය වායුව සහ නයිට්‍රජන් වායුව ටයර් එකට fill කරන්න පුළුවන්.

නයිට්‍රජන් වායුව කියන්නේ

අපේ ස්වාභාවික පරිසරයේ වාතයේ පරිමාවෙන් 78% ක්ම තියෙන්නේ නයිට්‍රජන් වායුව. වාතයේ සංඝටකයක් ලෙස හියුමස් වගේ කාබනික ද්‍රව්‍ය වලත් ඇමෝනියම් සංයෝග වලත් සංඝටක මූල ද්‍රවයක් විදිහට තමයි නයිට්‍රජන් පවතින්නේ. මේ නයිට්‍රජන් වායුවේ භෞතික ගුණ කිහිපයක් තියෙනවා. ඒ තමයි,

– නයිට්‍රජන් වායුවේ වර්ණයක් නැහැ
– ගන්ධනයක් නැහැ
– නයිට්‍රජන් සුළු වශයෙන් දිය වෙනවා
– වාතයට වඩා මදක් සැහැල්ලුයි

නයිට්‍රජන් වායුව භාවිතා වන අවස්ථා.

– රසායනික පොහොර නිපදවන්න භාවිතා කරනවා.
– උෂ්ණත්වමාන පිරවීම
– වාහන වල ටයර් වලට පිරවීමට
– ද්‍රව නයිට්‍රජන් අධි සිසලන කාරකයක් ලෙස භාවිතා කිරීමට.

සාමාන්‍ය වායු ටයර් වලට හොඳයිද?

අපි සාමාන්‍යයෙන් ටයර් එකට යොදන සාමාන්‍ය වායුවේ නයිට්‍රජන්, ඔක්සිජන්, ආගන් වගේ වායු වර්ග සහ ජල වාෂ්ප තියෙනවා. ජල වාෂ්ප සහ ඔක්සිජන් අඩංගු මේ සාමාන්‍ය වායුව ටයර් වල‍ට දැමීම මගින් rim එකට බලපෑම් ඇති කරනවා. සාමාන්‍ය වායුව ටයර් එකට දැමීමෙන් පසුව එහි තියෙන ඔක්සිජන් වායුව ක්‍රමයෙන් ඉවත් වෙනවා. හැබැයි හිරු රශ්මිය තියෙන වෙලාවක වායුවේ තියෙන ඔක්සිජන් ඉක්මනින් ඉවත් වෙනවා. ඒ නිසා ටයර් වලට සාමාන්‍ය වායුව දැමීම මගින් නයිට්‍රජන් වායුව දැමීම තරමටම සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න බැහැ.

නයිට්‍රජන් පිර වූ ටයර්වල වාසි මොනවාද?

නයිට්‍රජන් වායුව ටයර් වලට පිරවීම මඟින් සාමාන්‍ය වායුව පිරවීමට වඩා වාසි ලබා ගන්න පුළුවන්.

– හුලං ගැසීමේ interval එක අඩු වෙනවා
– ටයරයේ ආයු කාලය වැඩි කිරීම
– ඉන්ධන පිරිමැස්ම වැඩි කරනවා
– වාහනය හොදින් හැසිරවීම හැකි වීම

නයිට්‍රජන් පිරවීමේදී සැළකිය යුතු කරුණු

ඔයා වාහනයේ ටයර් වලට නයිට්‍රජන් පුරවන්න කලින් සළකා බලන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ටයර් එක තුළ සාමාන්‍ය වායුව තියෙනවා නම් ඒකටම නයිට්‍රජන් වායුව පිරවීම සුදුසු වන්නේ නැහැ. සාමාන්‍ය වායුව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තමයි නයිට්‍රජන් වායුව පුරවන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වාහනයේ ටයර් වලට අවශ්‍ය තරමට පමණක් නයිට්‍රජන් වායුව පිරවීමට සැළකිලිමත් වෙන්නත් ඕනේ.

ඔයත් මෙච්චර කල් ටයර් වලට පිරෙව්වේ සාමාන්‍ය වායුවද? ඔයාට පුළුවන් නම් අදම ඒ දේ නවත්වලා ටයරයේ ආයු කාලය වැඩි කරන නයිට්‍රජන් වායුව පුරවන්න පුරුදු වෙන්න. එහෙම කළොත් ඔයාට වාසි ගොඩක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මතක් කරලා අපි කියපු කරුණු ගැනත් අවධානයෙන් කටයුතු කරන්න

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Range Velar 2024 HSE P400e PHEV for Sale

Land Rover Range Velar 2024 HSE P400e PHEV

0 km, Kandy
MEMBER
Rs 65,000,000
1 week ago
Honda Vezel Z Grade 2016 for Sale

Honda Vezel Z Grade 2016

140,000 km, Colombo
verified MEMBER
Rs 11,200,000
15 seconds ago
Mitsubishi Triton GSR 2025 for Sale

Mitsubishi Triton GSR 2025

234 km, Gampaha
verified MEMBER
Rs 24,500,000
3 minutes ago
Lexus LX600 Ultra Lux Executive 2024 for Sale

Lexus LX600 Ultra Lux Executive 2024

5,000 km, Colombo
verified MEMBER
verified
Rs 145,000,000
4 minutes ago
Honda Civic 2012 for Sale

Honda Civic 2012

126,000 km, Colombo
MEMBER
Rs 8,970,000
6 days ago
Auto Parts for saleikman logo
Brand New Yokahama Japan Tyres 185/70/14 for Sale

Brand New Yokahama Japan Tyres 185/70/14

verified MEMBER
verified
Rs 23,000
2 weeks ago
BYD Dolphin Carpets for Sale

BYD Dolphin Carpets

MEMBER
Rs 16,000
15 minutes ago
BYD Sealion 6 Carpets for Sale

BYD Sealion 6 Carpets

MEMBER
Rs 16,000
16 minutes ago
BYD Atto 3 Carpets for Sale

BYD Atto 3 Carpets

MEMBER
Rs 25,000
18 minutes ago
Wagon R MH55s, MH95s Fuel Pump for Sale

Wagon R MH55s, MH95s Fuel Pump

verified MEMBER
Rs 20,000
1 hour ago
+ Post an ad on ikman