රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය ජය ගන්න රහස්

24 Aug, 2023   
රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය ජය ගන්න රහස්

පාසලෙන් ඉවත් වුණාට පස්සේ විභාග ඉවරයි කියලා තමයි අපි හැමෝම හිතන්නේ. හැබැයි ඒක එහෙම නැහැ. මොකද වාහනයක් drive කරන්න අත්‍යාවශ්‍ය වෙන රියදුරු බලපත්‍රය ලබා ගන්න අනිවාර්යෙන්ම අපි ලිඛිත විභාගයක් සමත් වෙන්න ඕනේ. අද CarsGuide අපි ඔබට කියන්නේ කොහොමද ලේසියෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය සමත් වෙන්නේ කියලා.

ප්‍රශ්න කීයද?

රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාග පත්‍රයේ ප්‍රශ්න 45ක් ඇතුළත් වෙනවා. එයින් සැහැල්ලු වාහන සඳහා ඉදිරිපත් වෙන අපේක්ෂකයින් පිළිතුරු සපයන්න ඕනේ ප්‍රශ්න 40කට පමණයි. නමුත් බර වාහන සඳහා ඉදිරිපත් වෙන අය ප්‍රශ්න 45ටම පිළිතුරු සැපයීම අනිවාර්යය වෙනවා. විශේෂයෙන්ම බර වාහන සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා සුදුසුකම් දෙකක් සම්පූර්ණ කිරීම අනිවාර්යයයි. පළමු සුදුසුකම තමයි සැහැල්ලු වාහන සඳහා ගන්නා ලද රියදුරු බලපත්‍රය වසර දෙකකට වඩා පැරණි වීම. දෙවන සුදුසුකම තමයි වයස අවුරුදු 21 සම්පූර්ණ වී තිබීම.

ප්‍රශ්න පත්‍රයේ සැකසුම

රියදුරු විභාගය ජය ගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍රය සකසා ඇති ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඉතින් මෙම ප්‍රශ්න 45 සකස් වී තිබෙන්නේ,
– මාර්ග සංඥා සම්බන්ධයෙන් ප්‍රශ්න 20ක්
– මාර්ග සලකුණු සම්බන්ධයෙන් ප්‍රශ්න 10ක්
– මාර්ග නීති සහ ඊට අදාළ වෙනත් කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න 10ක්
– කාර්මික දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්න 5ක්

සමත් ලකුණු

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍රය ලබා ගැනීමට නම් ප්‍රශ්න 40කට පිළිතුරු ලබා දී ඉන් ප්‍රශ්න 30ක් නිවැරදි විය යුතුයි. ඔබ බර වාහන සඳහා රියදුරු බලපත්‍රයක් ලබා ගන්නවා නම් ප්‍රශ්න 45කට පිළිතුරු ලිවිම අනිවාර්යය වෙනවා. ඒ වගේම එම ප්‍රශ්න 45න් ප්‍රශ්න 35කට නිවැරදි පිළිතුරු ලබා දිය යුතුයි.
ඔබේ ලකුණු ඊට වඩා අඩු වුවහොත් ඔබට නැවත වතාවක් ලිඛිත පරීක්ෂණය සදහා මුහුණ දෙන්න වෙනවා. ඔබට ඒ සඳහා අවස්ථා 4ක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා.

රියදුරු මාර්ගෝපදේශක උපදෙස් ලබා ගන්න

Exam එක ලියන්න කළින් ඔයා අනිවාර්යයෙන්ම රියදුරු මාර්ගෝපදේශක උපදෙස් ලබා ගන්න ඕනේ. ඔයා leaners එකකට යනවා නම් ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔයා තනියම නම් ලියාපදිංචි වුණේ ඔයාට පුලුවන් youtube හරහා විභාගය ගැන උපදේශන ලබා ගන්න.
ඒ වගේම රියදුරන් සඳහා වන විශේෂ අත්පොතක් තියෙනවා. මේක leaners එක හරහා වගේම book shop වලිනුත් ඔබට මිලදී ගන්න පුලුවන්. එම පොතේ ලිඛිත විභාගයේදී අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු සඳහන් වෙලා තියෙනවා. එම පොත භාවිතා කරලා ඔබට පුලුවන් කරුණු මතකයේ තබා ගන්න.

Pass Papers කරන්න

අපි ඕනෙම විභාගයකට මුහුණ දෙන්න කලින් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියලා සූදානම් වෙනවනේ. ඉතින් මේ රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගයත් ලේසියෙන්ම සමත් වෙන්න පුලුවන් විදිහක් තමයි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවිම. ඔබට පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර internet එක හරහා වගේම book shop වලින් මිලදී ගන්නත් පුලුවන්. මෙවැනි ප්‍රශ්න පත්‍ර 6කට පමණ පිළිතුරු ලිවීමෙන් ඔබට පුලුවන් විභාගයට තියෙන බය නැති කරගෙන කාල කළමනාකරණය ගැන අදහසක් ලබා ගන්නත්.

ප්‍රයෝගිකව භාවිතා කරන්න

රියදුරු බලපත්‍රය ලබා ගැනීමට ලියාපදිංචි වුණ දිනයේ ඉඳලා සතියක් වගේ කාලයක් ඔබට ලැබෙනවා විභාගය සඳහා පාඩම් කරන්න. ඉතින් මේ විදියට පාඩම් කරන අතරතුර මාර්ගයේ දකින මාර්ග සංඥා සහ සලකුණු වල නම් නිතරම මතක් කරන්න උත්සහ කරන්න. ඒ විතරක් නෙමෙයි රිය පැදවීමේදී අනුගමනය කළ යුතු නීති රීති ගැනත් ප්‍රයෝගිකව මතක තබා ගන්න උත්සහ කරන්න. එතකොට ඔබට පුලුවන් ඉක්මනින්ම විභාගයට අවශ්‍ය කරුණු මතකයේ තබා ගන්න.

ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම රියදුරු බලපත්‍රය ලබා ගැනීමේ විභාගය ජය ගන්නේ. CarsGuide අපි කියලා දුන්න විදිහට පාඩම් කළොත් පලවෙනි පාරම විභාගය ජය ගන්න ඔබට පුලුවන්. ඉතින් මාර්ග සංඥා සහ සලකුණු නිවැරදිව තේරුම් අරගෙන මාර්ග නීති වලට අනුකූලව ධාවනය කිරීමෙන් ඔබට විනය ගරුක ආදර්ශමත් රියදුරෙක් වෙන්න පුලුවන් වගේම රිය අනතුරු අවම කරගන්නත් පුළුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Ford Raptor Ranger MSRT 3L V6 2024 for Sale

Ford Raptor Ranger MSRT 3L V6 2024

0 km, Colombo
verified MEMBER
verified
Rs 33,800,000
1 week ago
Land Rover Range Evoque P300e hybrid 2024 for Sale

Land Rover Range Evoque P300e hybrid 2024

6,000 km, Colombo
verified MEMBER
Rs 47,500,000
28 seconds ago
Toyota Premio G SUPERIOR 2013 for Sale

Toyota Premio G SUPERIOR 2013

143,000 km, Colombo
MEMBER
verified
Rs 11,700,000
1 week ago
Honda Vezel Orange Pack 2014 for Sale

Honda Vezel Orange Pack 2014

164,000 km, Gampaha
MEMBER
Rs 10,050,000
1 week ago
Mitsubishi Montero GLS 2012 for Sale

Mitsubishi Montero GLS 2012

145,000 km, Colombo
MEMBER
Rs 23,500,000
1 month ago
Auto Parts for saleikman logo
Toyota Oil for Sale

Toyota Oil

verified MEMBER
Rs 10,000
1 hour ago
12V Smart Battery Charger Car for Sale

12V Smart Battery Charger Car

MEMBER
Rs 4,500
1 hour ago
Every Brake Show ( Liner ) for Sale

Every Brake Show ( Liner )

verified MEMBER
Rs 7,000
1 hour ago
Every DA64 Oil Filter for Sale

Every DA64 Oil Filter

verified MEMBER
Rs 700
1 hour ago
+ Post an ad on ikman