සුදු ඉරි සහ කහ ඉරි වල නීතිය මොකක්ද?

30 Jun, 2023   
සුදු ඉරි සහ කහ ඉරි වල නීතිය මොකක්ද?

කොහෙ හරි යන්න කියලා මහ පාරට බැස්ස ගමන් ඔබට පේන්නෙ, සුදු ඉරියි, කහ ඉරියි. නමුත් drive කරන ඔබ හරියටම දැනගෙන ඉන්න ඕනෙ, මේ සුදු ඉරි සහ කහ ඉරි වල නීතිය මොකක්ද කියලා. නැත්නම් ඔබ වාහනයක් ගන්න බලාපොරොත්තුවෙන් හිටියත් මේ ඉරි ගැන හරියටම දැනගෙන ඉන්න ඕනෙ. ඒක තමයි නුවණට හුරු. ඒ නිසා අපි අද CarsGuide තුළින් ඔබට කියන්නම්, මේ සුදු ඉරි, කහ ඉරි වල නීතිය මොකක්ද කියලා.

Drive කරන ඔබ අනන්තවත් දැකලා තියෙනවා පාරෙ තියෙන සුදු ඉරි, කහ ඉරි. අපි මුලින්ම බලමු මේ ඉරි කොහොමද වර්ග වෙන්නෙ කියලා.

  • කැඩුණු සුදු ඉරි
  • අඛණ්ඩ සුදු ඉරි
  • කැඩුණු කහ ඉරි
  • අඛණ්ඩ කහ ඉරි
  • කැඩුණු සහ අඛණ්ඩ සුදු ඉරි
  • ද්විත්ව අඛණ්ඩ කහ ඉරි

කැඩුණු සුදු ඉරි.

ඔබ යන lane එක වෙනස් කිරීමට, overtake කිරීමට සහ u-turn ගැනීමට මේ කැඩුණු සුදු ඉරි අවස්ථාව ලබා දෙනවා.

අඛණ්ඩ සුදු ඉරි.

අඛන්ඩ සුදු ඉරි, ඔබට overtake කිරීමට, u-turn ගැනීමට ඉඩක් ලබා දෙන්නෑ. එහිදී ඔබ කරන්න ඕනෙ, කෙළින්ම ගමන් කරන එක. මේ මඟින් මාර්ගයේ දකුණු මායිම සලකුණු කරන අතර එකම දිශාවට ගමන් කරන වාහන lane එක වෙන් කරනවා. හදිසි අවස්ථාවකදී මාර්ග අනතුරක් වළක්වා ගන්න විතරක් highway එකේ දකුණු කෙළවරේ අඛණ්ඩ සුදු ඉර හරහා
යන්න පුළුවන්.

කැඩුණු කහ ඉරි.

මෙහිදී ඔබට overtake කිරීමට, u-turn ගැනීමට හැකි වන අතර කැඩුණු කහ ඉර හරහා යන අතරතුර ඔබට මේ දෙකම කරන්න හැකියාව තිබෙනවා. නමුත් එය ආරක්‍ෂිත නම් පමණක් එසේ කරන්න.

අඛණ්ඩ කහ ඉරි.

අඛණ්ඩ කහ ඉරි, ඔබට overtake කරන්න ඉඩ ලබා දෙනවා. නමුත් overtake කරන්න පුළුවන්, ඔබ ඔබේ side එකේ ඉන්නකොට විතරයි. දෙපස හරස් කරන්න ඔබට අවසර නෑ.

කැඩුණු සහ අඛණ්ඩ සුදු ඉරි.

මෙහිදී අඛණ්ඩ සුදු ඉර පැත්තෙ overtake කළ නොහැකි නමුත්, කැඩුණු සුදු ඉර පැත්තේ overtake කරන්න පුළුවන්.

ද්විත්ව අඛණ්ඩ කහ ඉරි.

මේ කහ ඉරෙන් ඇඟවෙන්නෙ, ඒ ඉර හරහා යන්න දෙපසට දැඩි ලෙස අවසර නොමැති බවයි. ඒ නිසා මාර්ගයේ ඔබට හම්බෙන ද්විත්ව අඛණ්ඩ කහ ඉරේදි overtake කරන්න, u-turn ගන්න එහෙමත් නැත්නම් lane එක වෙනස් කරන්න යන්න එපා. මොකද ඔබට ඒකට අවසර නෑ.

ඉතින් මේ විදියට මහ පාරෙ තියෙන එක එක වර්ගයේ සුදු ඉරි, කහ ඉරි ඔබට ආරක්ෂා වෙන්න මඟ පෙන්නනවා. ඒ නිසා පාරට බැහැලා drive කරනකොට මේ ඉරි ගැනත් අවධානෙන් ඉන්න අමතක කරන්න එපා.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Toyota Land Cruiser Prado LC 250 First Edition 2024 for Sale

Toyota Land Cruiser Prado LC 250 First Edition 2024

8,000 km, Colombo
MEMBER
Rs 62,000,000
3 days ago
Mercedes Benz SLC 180 AMG Line Night Pack 2018 for Sale

Mercedes Benz SLC 180 AMG Line Night Pack 2018

33,000 km, Colombo
MEMBER
Rs 26,000,000
2 weeks ago
Toyota Land Cruiser Prado 250 2025 for Sale

Toyota Land Cruiser Prado 250 2025

0 km, Colombo
verified MEMBER
Rs 67,000,000
2 days ago
Hyundai Grand i10 2018 for Sale

Hyundai Grand i10 2018

92,136 km, Colombo
verified MEMBER
Rs 6,190,000
1 minute ago
Land Rover Range Sport 2018 for Sale

Land Rover Range Sport 2018

70,000 km, Colombo
verified MEMBER
Rs 55,000,000
1 month ago
Auto Parts for saleikman logo
Japan Tail Lights for Sale

Japan Tail Lights

verified MEMBER
verified
Rs 10,000
2 weeks ago
Nissan X Trail NT31 Nose Cut for Sale

Nissan X Trail NT31 Nose Cut

verified MEMBER
Rs 1,111
28 minutes ago
Suzuki Grand Vitara Front Door Panel ( Only ) for Sale

Suzuki Grand Vitara Front Door Panel ( Only )

verified MEMBER
Rs 50,000
30 minutes ago
Fit GP2 Head lamps for Sale

Fit GP2 Head lamps

verified MEMBER
Rs 35,000
1 hour ago
+ Post an ad on ikman