පදිකයින් හා රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති

27 Jul, 2023   
පදිකයින් හා රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති

අතීතයේදී අපි ගමනාගමන සඳහා භාවිතා කළේ විවිධ සතුන් සහ කරත්ත. දිනෙන් දින ලෝකය සංවර්ධනය වීමත් එක්ක අපි ගමන්බිමන් යන්න වාහන භාවිතා කරනවා. ඒක ඇත්තටම හොඳ දෙයක් වුණත් මේ වෙනකොට ලොව පුරා වගේම ශ්‍රී ලංකාවේත් දිනකට රිය අනතුරු විශාල ප්‍රමාණයක් සිදු වෙනවා. එම අනතුරු නිසා විශාල සංඛ්‍යාවක් මිය යන බවත්, තවත් විශාල සංඛ්‍යාවක් බරපතල තුවාල ලබන බවත් වාර්තා වෙනවා. ඉතින් CarsGuide අපි හිතුවා සිදු වන රථ වාහන අනතුරු වළක්වා ගන්න ආකාරය ගැන රියදුරන් වගේම පදිකයන් දැනුවත් කරන්න.

රිය අනතුරු ඇති වීමට බලපාන හේතු

– මහාමාර්ගවල පවතින අඩුපාඩු
– මාර්ග පුවරු නිසි ලෙස ක්‍රියාත්මක නොවීම
– මාර්ග අබලන් වීම
– රියැදුරන් මාර්ග නීති නොපිළිපැදීම
– පදිකයන්ගේ නොසැලකිලිමත් බව

රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති

රිය පැදවීමට පෙර

– රිය පැදවීම සඳහා අදාළ සුදුසුකම් සපුරා තිබීම
– කායික ආබාධ තත්ත්ව නොතිබීම
– යහපත් මානසික මට්ටමක සිටීම
– බීමත්ව නොසිටීම
– වාහනයේ දෝෂ නොමැති බව තහවුරු කර ගැනීම
රථ වාහන අනතුරු අවම කර ගැනීම
– හදිසි අවස්ථාවක වාහනයක් නවතා ගැනීමට ගත වෙන කාලය පිළිබඳ රියැදුරාට අවබෝධයක් තිබීම
– තිරිංග යෙදීමට ගත වෙන කාලය පිළිබඳ රියැදුරාට අවබෝධයක් තිබීම
– මෝටර් රථයේ වේගය ගැන රියැදුරාට අවබෝධයක් තිබීම
– මාර්ග වල ස්වභාවය පිළිබඳ අවධානයෙන් සිටීම
– තිරිංග පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වීම
– හැකි හැම විටම නියමිත වේගය පවත්වා ගැනීම
– මාර්ග නීති රීති අකුරටම පිළිපැදිය යුතුය

රිය පදවන ඉරියව්ව

රිය පැදවීමේදී අපි භාවිතා කරන ඉරියව් හේතුවෙනුත් මාර්ග අනතුරු සිදු වෙන්න පුලුවන්. මොකද සිටින ඉරියව්ව අනුව අනතුරක් වළක්වා ගන්න ගත වෙන වෙලාව තීරණය වෙන නිසා. ඒ නිසා රිය පැදවීමේදී පහසු ඉරියව්වට වඩා නිවැරදි ඉරියව් අනුගමනය කරන්න පුරුදු වෙන්න.

– රියැදුරු අසුන හරියාකාරව adjust කරගන්න
– සුක්කානමට උඩින් ඉදිරිය පෙනෙන ලෙස අසුන සකසා ගන්න
– අසුන සහ ඔබගේ කඳ අතර හිඩැසක් නැති වන සේ හොඳින් හේත්තු වෙන්න
– සුක්කානම ශරීරයට සමාන්තරව තබා ගන්න

පදිකයින් අනුගමනය කල යුතු නීති රීති

මහා මඟ සිදු වන රිය අනතුරු අවම කර ගැනීමට රියදුරන් මෙන්ම පදිකයන්ගේද සහාය අවශ්‍ය වෙනවා.
මහා මාර්ගයේ ගමන් කිරීමේදී කළ යුතු දේවල්
– මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කිරීම
– පදික වේදිකාවක් වේ නම් ඒ මතින් ගමන් කිරීම
– සුදු ඉරි /කහ ඉරි ඇති ස්ථාන වලින් පමණක් පාර මාරු වීම
– පළමුව දකුණත්, දෙවනුව වමත්, නැවත දකුණත් ආදී වශයෙන් පාර හොඳින් නිරීක්ෂණය කර පාර මාරු වීම
– මාර්ග නීති පිළිපැදීම
– හොඳ සිහියෙන් පාරේ ගමන් කිරීම

මහා මාර්ගයේ ගමන් කිරීමේදී නොකළ යුතු දේවල්

– වම් පැත්තෙන් ගමන් කිරීම
– දුරකථන භාවිතා කරමින් ඇවිදීම
– රංචු වශයෙන් අනාරක්ෂිත ලෙස ගමන් කිරීම
– වෙනත් කාර්යයන් වල නිරත වෙමින් ගමන් කිරීම
– ක්ෂණිකව මාර්ගය හරහා පැනීම
– පදික වේදිකාවක් වේ නම් ඒ මතින් ගමන් නොකිරීම

මේ දේවල් තමයි මහා මාර්ගයේ ගමන් කිරීමේදී පදිකයින් හා රියදුරන් අනුගමනය කළ යුතු නීති රීති. හැබැයි මේ දේවල් නීතියකට වඩා තමන්ගේ පුරුද්දක් බවට පත් කරගන්න උත්සාහ කරන්න. එවිට ඔබට මෙන්ම මාර්ගයේ ගමන් කරන අනෙක් පුද්ගලයන්ටත් ආරක්ෂිතව ගමන් කරන්න පුලුවන්.

Similar Advices



Leave a comment

Please rate

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Cars for Saleikman logo
Land Rover Discovery 4 S 2010 for Sale

Land Rover Discovery 4 S 2010

123,000 km, Colombo
verified MEMBER
verified
Rs 21,500,000
5 days ago
Micro Korondo D20T AWD 2012 for Sale

Micro Korondo D20T AWD 2012

120,000 km, Colombo
verified MEMBER
Rs 5,200,000
46 minutes ago
Jeep Grand Cherokee 2009 for Sale

Jeep Grand Cherokee 2009

204,000 km, Gampaha
MEMBER
Rs 8,000,000
1 week ago
Suzuki Swift 2009 for Sale

Suzuki Swift 2009

110,751 km, Colombo
MEMBER
Rs 4,425,000
1 hour ago
Suzuki Wagon R FX 2016 for Sale

Suzuki Wagon R FX 2016

75,000 km, Jaffna
verified MEMBER
Rs 4,370,000
1 hour ago
Auto Parts for saleikman logo
Toyota Prius Hybrid Lithium Battery for Sale

Toyota Prius Hybrid Lithium Battery

verified MEMBER
verified
Rs 390,000
26 minutes ago
Amplifier for Sale

Amplifier

MEMBER
Rs 4,000
38 minutes ago
Van Rain Covers for Sale

Van Rain Covers

MEMBER
Rs 4,990
38 minutes ago
+ Post an ad on ikman